රැහේ වෙනුවෙන් හඬක් නැගූ දළුකානේ නායිකාවගේ කඩයට ගිනි තම රැහේ දරුවන් කුසගින්නේ විඳින වේදනාව සහ රැහේ තරුණයන් මතට එරෙහිවීමට එරෙහිව හඬක් නැගූදළුකාන ආදිවාසී නායිකා කේ.ලිසිනෝනා මහත්මියගේ පොල්ඇතු කඩයට අද (14) වෙනිදා අලුයම් කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර ඇති බව ඇය හඬා වැළපෙමින් සඳහන් කළාය. 14 November 2022
වජිර යළිත් අනාවැකියක් කියයි අයවැය ඡන්ද 135 ක් ලබා සම්මත වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 14 November 2022
ගොවිතැනට නොමිලේ ඩීසල් චීන ආධාර යටතේ ලංකාවට ලැබෙන ඩීසල් ලීටර් ලක්ෂ 75ක් ගොවිතැන් කටයුතු සඳහා නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි. 14 November 2022
වියට්නාම වෙරළේදී බේරාගත් ලාංකිකයන් 303ට මානුෂීය ආධාර වියට්නාම වෙරළ සීමාවේදී බේරා ගනු ලැබූ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 303 දෙනාට මානුෂීය ආධාර ලබා දෙන බව සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 14 November 2022
අයවැයට පාර්ලිමේන්තුව සූදානම් ලබන වසර සඳහා වන රජයේ අයවැය ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද පස්වරු 1.30 ට ඉදිරිපත් කෙරේ. 14 November 2022
වාරි ව්‍යාපෘති හතරකින් කෝටි 9,029ක් වතුරේ ගිං නිල්වලා හැරවීමේ ව්‍යාපෘතිය හා උමාඔය හැරවීමේ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති හතරක් සඳහා වාරිමාර්ග අමාත්‍යාංශය පසුගිය වසර 14 ක කාලයේදී රුපියල් කෝටි නව දහස් විසි නවයකට වැඩි මුදලක් වැය කර ඇතත් මේ මුදලින් ජාතික ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 14 November 2022
ගුණතිලක යළිත් ඇප ඉල්ලයි කාන්තාවකට අතවර කිරීමේ චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතාගේ 2 වැනි ඇප අයැදුම් පත්‍රය එම මහතාගේ නීතිඥවරුන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇත. 14 November 2022
අයවැය අහන්න පාසල් දරුවෝ 400ක් පාර්ලිමේන්තුවට අයවැය කතාවට සවන්දීම සදහා පාසල් සිසුන් 400ක් අද (14) පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 14 November 2022
කෝටියක පරව් දැලක පැටලෙයි පරව් කිලෝ 15,000 කට ආසන්න ප්‍රමාණයක් වාද්දුව කල්පිටිය ප්‍රදේශයේ මා දැලකට පැටලී ඇතැයි එම දැලේ සුනිල් පෙරේරා මහතා පැවසීය. 14 November 2022
අද සවස දෙකෙන් පසු තද වැසි දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට අද (14) සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 November 2022
පොලිසිය ඇසිඩ් ගැසූ වැයි වෙළෙන්දෙක් පැමිණිලි කරයි ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීයකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කල බව සදහන් කරමින් වෙළෙඳ හල් හිමියකු පිඹුර ප්‍රාදේශීය රෝහලට ඇතුලත්ව ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි . 14 November 2022
මුහුණු පොතින් දැරියකගේ චරිතය වැනසූ දුරකතන අලුත්වැඩියා කරන්නා 17 හැවිරිදි දැරියගේ මුහුණු පොතේ ගිණුම සොරාගෙන එම ගිණුම හරහා ඇය මුදලට අලෙවි වන දැරියක ලෙස සමාජගත කළ දුරකතන අලුත්වැඩියා කරන්නකු සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව බණ්ඩාරගම පොලීසිය කියයි. 13 November 2022
අය වැය ශක්තිමත් කරන්න සජබ ලොක්කෙක් පීල්ල මාරු කරයි සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයකු හෙට (14) ආණ්ඩුවට එකතුවීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. 13 November 2022
උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩාවැටේ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථානය කීපයකට පස් කඳු කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 13 November 2022
විමල්ලාට මහනුවරදී ‘‘හූ‘‘ වක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් විමල් වීරවංශ වාසුදේව නානායක්කාර ඇතුළු රජයෙන් ඉවත් වූ දේශපාලනඥයන් කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් මහනුවර පුෂ්පදාන ශාලාවේදී පැවති උත්තර සභාව දේශපාලන රැස්වීම අවසන් වන මොහොතේ පිරිසක් ඔවුන්ට විරෝධතාව දැක්වීම හේතුවෙන් දැඩි නොසන්සුන් තාවයක් ඇති විය . 13 November 2022
ගනේමුල්ලේ තුෂාරි ගේ ඝාතකයා මාට්ටු පානදුර පින්වත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී මීට මාස හතකට පෙර මරා වැසිකිළි වළක දමා තිබූ තුෂාරි දිල්හානී නමැති දෙදරු මවගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු කිරීඉබ්බන් ආර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි . 13 November 2022
‘‘පාස්කු වගකිව යුත්තන්ට දිට්ඨධම්මවේදනීයව පල දෙනවා‘‘ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් පසුපස අනිවාර්යයෙන්ම දිට්ඨධම්මවේදනීය කර්මය පැමිණෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 13 November 2022
‘මව්වරුන්ගේ පාගමන’ අවසන් කරයි දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුකරු ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ‘අම්මාවරුන්ගේ පාගමන’ නමින් කාන්තාවන් දෙදෙනෙක් ඊයේ ආරම්භ කළ පාගමන අද (13) පස්වරුවේ ගාලුමුවදොරින් අවසන් කළහ. 13 November 2022
ජනපති ලේකම් කාර්යාලයට පැන්න සියලු දෙනා අත්අඩංගුවට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුලු වීමට මුල්වී ක්‍රියාකළ අරගලකරුවන් සහ එහි දේපළ සොරාගත් සියලු සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 13 November 2022
අය වැය යළි බලයි ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අය වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස හෙට (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 13 November 2022
යාලේ යකා නැටූ වාහන ඉල්ලා ගොනු කළ මෝසම ඉවතට යාල ජාතික වනෝද්‍යානයේ නීති විරෝධී අයුරින් සංචාරය කොට වන ජීවීන්ට හානි කළැයි අධිකරණය බාරයේ ඇති අති සුඛෝපභෝගී වාහන 7 මුදා හරින ලෙසට වාහන හිමිකරුවන් ගොනු කළ මෝසම තිස්සමහාරාම මහෙස්ත්‍රාත් සහ දිසාවිනිසුරු තරිඳු සමීර සිල්වා මහතා ප්‍රතික්ෂේප කළේය. 13 November 2022
ඉල්මහේ විරුවෝ සමරති ජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ විරු සමරුව පක්ෂයේ නායක අනුර දිසානායක සහ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පිඨයේදී අද සවස පැවැත් වූහ. 13 November 2022
ලෝක කුසලාන එංගලන්තයට පාකිස්තානුවන්ගේ ලකුණු 137 පහසුවෙන්ම පසුකර ගිය එංගලන්තය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 5 ක පහසු ජයක් වාර්තා කරමින් විස්සයි-20 ලෝක කුසලාන දිනාගත්තේය. 13 November 2022
‘නිදහසට පෙරවදනක්’ සැලැස්ම එළියට නිදහස ජනතා සභාව මගින් සකස් කළ ‘නිදහසට පෙරවදනක්’ ආර්ථික සංවර්ධන උපායමාර්ගික සැලැස්ම සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා වන උපායමාර්ගික සැලැස්ම එළිදැක්වීම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (13) සිදුකෙරිණි. 13 November 2022
අප්‍රිකා යන ගුවන් නියමුවෝ විසිර යති එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි කටයුතු සඳහා මධ්‍යම අප්‍රිකාව බලා පිටත්ව යන ගුවන් හමුදා හෙළිකොප්ටර් බල පන්තිය සාමාජිකයින් 110 දෙනෙක්ගේ කණ්ඩායම කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේදී විසිර ගියහ. 13 November 2022
යුද තාක්ෂණය ගැන පෙරහුරුවක් ඉන්දියාවේ වෙලින්ටන්හි ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලය සහ පූනේහි හමුදා තාක්ෂණ ආයතනයේ හමුදා උපදේශකවරුන්ගෙන් සමන්විත සිව් දෙනෙක්ගෙන් යුත් දූත පිරිසක් මෙරට නිල සංචාරයක නිරත වූහ. 13 November 2022
ධනවත් වයෝවෘද්ධ කතක් අභිරහස් ලෙස මියගිහින් දෙමහල් නිවසේ තනිව විසූ ධනවත් වයෝවෘද්ධ කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය සඳහන් කරයි 13 November 2022
පොලිස් කතගේ බෙල්ලෙන් ඇල්ලූ පොලිස් පරික්ෂකට වැඩ වරදීද? විරෝධතාවේ පා ගමනක නිරත කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන ලෙසට බලකරමින් පොලිස් පරීක්ෂකවරයකු පානදුර ගොරකාපොළ ප්‍රදේශයේ දී පොලිස් කාන්තාවන් දෙදෙනකුගේ බෙල්ලෙන් අල්ලා ආවේග ශීලි ලෙස හැසිරිම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය මුලස්ථානය කියයි. 13 November 2022
පොලිසියේ හතරක් අල්ලන්න සොයයි ඉන්දියාවේ සිට රෙදි පිළි හා රන් භාණ්ඩ රැගෙවිත් අලෙවි කිරීමේ ව්‍යාපාරියක නිරත කාන්තාවන් තිදෙනකු ඇතුලු පිරිසක් පැහැරගෙන ගෙන ගොස් ඔවුන් සතුව තිබු රුපියල් කෝටිකට අධික වටිනා රන් බඩු ඇතුලු භාණ්ඩ තොගයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුලු සිව් දෙනකු ගැන විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පෑලියගොඩ මුලස්ථාන පොලිසිය කියයි. 13 November 2022
හෘද සාක්ෂියක් ඇති කෙනෙකුට බංකොලොත් රටක තනතුරු, වරදාන ගන්න බෑ හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුට මේ මොහොතේ ඇමතිධූර ලබාගත නොහැකි බවත්, බංකොලොත් වී ඇති රටක ඇමති තනතුරු, වරදාන වරප්‍රසාද ලබා ගන්නේ කෙසේදැයි යන්න පුදුමයට කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 13 November 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025