IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දෙහිවල - ගල්කිස්ස හිටපු නගරාධිපතිට අධිකරණයෙන් අවවාද

(දිලංගා ගෝමස්)

දෙහිවල ගල්කිස්ස මහ නගර සභා කොමසාරිස්වරයා ගමන් ගත් නිල රථය අවහිරය කර බැන තර්ජනය කර රාජකාරියට බලහත්කාරය පෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නගරාධිපති නාවලගේ ස්ටැන්ලි ඩයස් රුපියල් ලක්ෂ පහ බැගින් වූ  ඇප දෙකක් මත මුදා හරින්නැයි  ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය අද (8) නියෝග කළාය.

රාජකාරී කටයුත්තක් සඳහා නිලධාරීන් කිහිපදෙනකු සමග දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ කොමසාරි ස්වරයා  චන්දන ක්‍රිෂාන්ත කුමාර මාන්නප්පෙරුම මහතා සිය නිල රථයෙන් අත්තිඩිය ප්‍රදේශයට ගොස් නැවත පැමිණෙමින් සිටියදී  හිටපු නගරාධිපතිවරයා කොමසාරිස්වරයාගේ නිල රථය හරස් කරමින් කොමසාරිස්වරයාට පරුෂ වචනයෙන් බැන " උඹ කොහොමද මගෙන් අවසරයක් නැතිව රැස්වීම් කරන්නේ?" තොට කනට දෙකක් දෙන්නේ කියා අත උස්සමින් තර්ජනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය අධිකරණයට දැන්වීය.

නැවත මෙම නඩුව අගෝස්තු මස 2 වන දින කැදවීමට නියමිත අතර මහේස්ත්‍රාත්වරිය  හිටපු නගරාධිපතිවරයාට සාමයෙන් සිටින්නැයි ද තරයේ අවවාද කළාය.

 



අදහස් (3)

දෙහිවල - ගල්කිස්ස හිටපු නගරාධිපතිට අධිකරණයෙන් අවවාද

ravin Saturday, 08 July 2023 07:43 PM

තවත් දේශපාලකයෙක්... මේ වගේ අය වැදගත් තැනකට පත්කරලා යවන්න තරම් මෝඩ මිනිස්සු තවත් ඉන්නවද?

:       0       7

kirihonda Sunday, 09 July 2023 04:11 AM

ඔය නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ගෙන් සමහරු දැඩි හීනමානවලින් පෙලෙන්නන්. එයාලා හිතන්නේ එයාලා ලයිසන් චණ්ඩි කියලා. නැත්නම් මෙහෙම හැසිරෙන්නේ කොහොමද? ඔන්න ඔය වගේ මෝඩ මිනිස්සු නිසා තමයි විනීත දේශපාලඥයෙකුටත් පාරේ යන්න බැරිවෙලා තියෙන්නේ. අරගලය දවස්වල මෙයාලාට ඇඳන්යට හැංගිලා ඉන්න වුනේ... මෙන්න මේ අසික්කිත හැසිරීම් නිසා තමයි. මේ මිනිහා හිටපු මිසක් දැන් ඉන්න කෙනා නෙවෙයිනේ. මේ වගේ අයියලාව නැවත වරක් නම් නගර සභාවේ වැසිකිලි හෝදන්නවත් පත් නොකිරීමට ජනතාව වගබලා ගතයුතුයි.

:       0       1

හාමල්ලී හා Sunday, 09 July 2023 06:15 AM

විසුරුවා හැරපු ආයතනයේ හිටපු ප්‍රධානියාට බලය නැහැ... වත්මන් පාලකයින්ට බලපෑම් කරන්න ඔහුට උපරිමයෙන් දඬුවම් දියයුතුය. ඒත් පේන හැටියට මැරයාට ජයවේවි කියලා පේනවා... හරි නම් කරන්න ඕන රාජකාරියට බාධා කිරීම වෙනුවෙන් දඬුවමක් දීම නේද? ඇත්තටම ආණ්ඩුව නැවතත් හිටපු දේශපාලුවන් නැතුව කැඳවීමක් කළොත් කොහොම හිටීවිද? ඉස්සර ජනතාව මුදලට කරගත් දේ වර්තමානයේ නොමිලයේ කළාම හිටපු පාලකයින් පිස්සුවෙන් දඟලනවා කියලා තමයි කියන්න වෙන්නේ..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site