IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දුම්රිය පොළේ නින්ද ගිය එස්.අයිට සුද්දයක් දීලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දුම්රියක් පැමිණෙන තෙක් රත්මලාන දුම්රිය ස්ථානයේ පුටුවක වාඩිවී සිටියදී නින්ද ගිය අතරවාරයේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ ගමන් බෑගයේ තිබූ නවීන පන්නයේ ජංගම දුරකථනයක්, රත්තරන් මුද්දක්, ගෙල පැලැඳ සිටි පවුම් හයක් බර සුරය සහිත රන් මාලයක් සහ රුපියල් 2000 සහිත පසුම්බිය කොල්ලකා ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය පවසයි.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා පොලිස් මූලස්ථානයේ පරීක්ෂණ හා සංවර්ධන කොට්ඨාසයේ රාජකාරි කරන අයෙකි.

උප පොලිස් පරීක්ෂකවරයා මේ සම්බන්ධව ගල්කිස්ස මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබේ.

මේවා සොරාගෙන ගිය පුද්ගලයා ගැන තවම තොරතුරු පොලිසියට ලැබී නොමැත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයකු  මෙම සොරකම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

 



අදහස් (6)

දුම්රිය පොළේ නින්ද ගිය එස්.අයිට සුද්දයක් දීලා

මැක්ස් Saturday, 08 July 2023 04:20 PM

පොලිස් නිලධාරියකු වශයෙන් මීට වඩා සැලකිලිමත් වූවා නම් අගෙයි. කෙසේ වුවත්, දවස තිස්සේ විවේකයක් නොලබා රාජකාරියේ යෙදී සිට නිවසට යන්න එන්න ඇති. ඒ මහන්සියට නින්ද යන්න ඇති. කුඩ්ඩන් ඉන් ප්‍රයෝජන අරගන්න ඇති.

:       4       28

හිරාන් Saturday, 08 July 2023 04:57 PM

හරිම අවිවේකී රැකියාවක්... පැය දහයක් දොලහක් හිටගෙන සේවා මුර දෙකක් තුනක් වුනත් එකදිගට කරන්න වෙනවා...

:       4       16

C.K.Lankaputhra Saturday, 08 July 2023 06:41 PM

පොලිස් සුද්දා පප්පෙක් වගෙයි පේන්නේ...

:       5       2

Lalla Sunday, 09 July 2023 06:49 AM

මෙවැනි තනතුරක අයෙකුට මෙතරම්ම මිල අධික දේ සාධාරණ ලෙස උපයා ලබාගත හැකිද? දස ලක්ෂයකට වඩා වටිනා දේ රැගෙන රාජකාරියට යාම...

:       0       0

ජැකී Sunday, 09 July 2023 08:21 AM

ලෝක බොරුවක්. සමීපව ඇසුරු කරන කෙනෙකුට දෙන්න ඇති.

:       0       1

Bunny Preena Tuesday, 11 July 2023 02:31 PM

මට මෙම පුවතට හොඳටම හිනා යනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site