IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කතුන් දෙකක් නිරුවත් කළ අටක් මාට්ටු

(කේ බුද්ධික කුමාරසිරි)

නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවසක් තුළදී චීවරධාරියකුට තරුණියකට සහ කාන්තාවකට පහර දීමක් සම්බන්ධයෙන් පුද්ගලයන් අට දෙනකු අද (08) දින අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.

තමන් ඥාති කාන්තවක් සහ ඇයගේ දියණිය සමග නිවසක් තුළ සිටි අවස්ථාවේදී බලහත්කාරයෙන් එම නිවසට ඇතුළු වූ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් තමන්ට සහ අනෙක් දෙදෙනාට පහර දී නිවසේ තිබූ ගෘහ භාණ්ඩවලට හානි සිදු කළ බවද එම චීවරධාරියා විසින් සිදුකල පැමිණිල්ලක් මත මීට පෙර දිනකදී සිව්දෙනෙකු අක් අඩංගුවට ගෙන පොලිස් ඇපමත මුදා හැරිය බවද පොලිසිය පවසයි.

මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ටිරාන් අලස් මහතාද අදාල සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කර තිබුණි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.

 



අදහස් (8)

කතුන් දෙකක් නිරුවත් කළ අටක් මාට්ටු

ලුම්බිණි Saturday, 08 July 2023 01:49 PM

ඥාති කාන්තාවට සහ ඇගේ දියණියට බණ කියන්න තමයි අපේ හාමුදුරුවෝ වැඩම කළේ.

:       11       37

Nimal Saturday, 08 July 2023 03:01 PM

මේක අමානුෂීයයි...

:       4       24

skalan Saturday, 08 July 2023 03:10 PM

ඇමැතිතුමාගේ නියෝගය හරියටම හරි. දැන් මේක රැල්ලට ගිහින් මිනිස්සු නීතිය අතට ගන්න ලෑස්තිවෙලා. අනෙකාගේ පෞද්ගලිකත්ව හා ආත්මගෞරවය ගැන කිසිම තැකීමක් නැහැ. ඕන මගුලක් වීඩියෝ කරලා යූ ටියුබ් එකට දානවා. ඇත්තටම මෙතන මේ කෑගහපු දාමරිකයෝ බෝධිසත්වයෝ වගේද? එදිනෙදා ජිවිතයේ හැසිරෙන්නේ කියලා වටපිටාවේ ඉන්න අය දන්නවා ඇති. අනෙකාගේ වරදක් දැක්කාම බල්ලෝ බළල්ලු වගේ කෑගහන අය තමන් කවුද කියලත් බැලුවොත් ඉන් බොහෝ දෙනෙකුටත් කටක් අරින්න බැහැ. නීති විරෝධී දෙයක් කළොත් ඊට අදාළ ආයතන වලට එය බාර කරනවා මිසක තිරිසන්නු වගේ හැසිරීම අනුමත කරන්න බැහැ. වරද කගේ වුණත් ඊට නිසි දඬුවම් දිය යුතුයි. එනිසා චීවර ධාරියාට වගේම දාමරිකව හැසිරුණු අයටත් දඬුවම් නොදුන්නොත් සමාජය වැරැදි තැනකට යොමුවේවි...

:       7       54

පැරකුම්Saturday, 08 July 2023 03:42 PM

ඔක්කෝටම ඉස්සෙල්ලා මහනායකවරු තමන්ගේ සංඝයාගේ විනය පාලනයට කටයුතු කළ යුතුයි. ඔවුන්ගෙන් අද සිදුවන්නේ අටපිරිකර පිළිගැනීම සහ පිරිත් නූල් බැඳීම පමණක් නේද…?

:       1       35

SeneSaturday, 08 July 2023 03:54 PM

ඔබේ අදහසට මම පොඩි ඌන පූරණයක් කරන්න කැමැතියි. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ දේශනාව රටේ නීතියක් විදිහට පිළිඅරන් නැති නීති නිසා පවතින නීතියට අනුව එම භික්ෂුව වරදක් කරලා නැහැ... එහෙත් ශාසනික වශයෙන් කරනු ලැබූ අකටයුත්තට ඔහු කෙදිනක හෝ දඬුවම් විඳි එක අපට තීරණය කරන්න බැහැ... ඒ නිසා මෙවැනි වැඩ කරන මිනිස්සුන්ගේ මේ ක්‍රියාවකට පවතින නීතිය අනුව කටයුතු කළ යුතුයි.

:       4       15

Nuwan Saturday, 08 July 2023 05:13 PM

හාමුදුරුවෝ කළ වැඩේ එකක්. එතැන ඉන්න අය කාන්තාවන් නිරුවත් කරලා පොටෝ ගහන්නේ වෙන දේකට නේද?

:       1       21

ravin Saturday, 08 July 2023 05:55 PM

වීඩියෝ එක බැලුව කට්ටියට තේරුම්ගත හැකිවේවි. මෙම චීවරධාරියා කියන කතාවේ ඇත්ත නැත්ත... කාමර තුළ ඇති ගෘහභාණ්ඩ දෙස ඇස යොමුකරන්න...

:       1       5

සිංහවංශ Saturday, 08 July 2023 06:34 PM

මේ රටේ මහනායක හිමිවරු... මෙවැනි භික්ෂූන් ගැන විනය පියවර ගත යුතුයි...!!!

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site