IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොහොට්ටු මන්ත්‍රීන්ගේ පවුල්වලට රජ සැලකිලි

(සුජිත් හේවාජුලිගේ )

ඇමැති ධූර බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සම්බන්ධීකරණ ලේකම් තනතුරු ඇතුළු විවිධ තනතුරු, වාහන සහ වෙනත් වරප්‍රසාද  ලබාදීමට  රජය තීරණය කර ඇතැයි  වාර්තා වේ.

මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ පවුලේ සාමාජිකයන්ට එවැනි තනතුරු සහ වාහන දැනටමත්  පිරිනමා ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

අලුතින් ඇමැතිධුර ලබාදීම ප්‍රමාද වෙමින් තිබෙන තත්වය යටතේ  එම මන්ත්‍රීවරුන් කිසියම් ආකාරයකට  සැනසීම  සහ ඔවුන් රජයට  එරෙහිව කටයුතු කිරීම වැළැක්වීමේ  අරමුණෙන්  මෙම පියවර ගෙන ඇතැයිද   ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙලෙස තනතුරු සහ  විවිධ වරප්‍රසාද ලැබෙන බව පැවසෙන්නේ  ඇමැතිධුර බලාපොරොත්තුවෙන් සිටින  පොහොට්ටු මන්ත්‍රීවරයකුගේ පවුලේ  එක් සාමාජිකයකුටය.

කෙසේ වෙතත් සමහර මන්ත්‍රීවරුන් ඇමැතිධුර මිස වෙනත් වරප්‍රසාද ලබාගැනීමට  කැමැත්තක් නොදක්වන  තත්වයක්  පවතින බව  දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මන්ත්‍රීවරුන් තවත් දස දෙනකුට ඇමැතිධුර ලබා දෙන ලෙස එම පක්ෂය ජනාධිපතිවරයාගෙන් කලක් තිස්සේ ඉල්ලීම් කරමින් සිටී. එහෙත් රජය විවිධ හේතු ඉදිරිපත්  කරමින් ඇමැතිධූර ලබාදීම  ප්‍රමාද කිරීම  හේතුවෙන් එම මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුවට එරෙහිව විවිධ චෝදනා  එල්ල වෙමින් පවතී. එසේම යම් යම්  තීරණාත්මක පනත්වලදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවටද ඇතැමෙක්  අනතුරු ඇඟවීම් කරති.



අදහස් (10)

පොහොට්ටු මන්ත්‍රීන්ගේ පවුල්වලට රජ සැලකිලි

සල්ලි Saturday, 08 July 2023 03:44 PM

නොදකින්...!

:       0       50

චන්දිම ෆොන්සේකා Saturday, 08 July 2023 06:56 PM

ඒ කියන්නේ මේ රට අද වැටිලා තියෙන සෝචනීය විනාශකාරි තත්වය ගැන අබමල් රේණුවක තරම්වත් හැඟීමක් වගේවගක් වත් නැති ආත්මාර්ථකාමී කාලකන්නි රැලක් නේද මේ රටේ මේ පාලන තන්ත්‍රයේ රැඳිලා ඉන්නේ කියන ඒක නේද මේ පෙන්නන්නේ? අපිට මේ ජීවත් වෙන්න තියෙන පඩියෙනුත් මොවුන් බදු ගහන්නේ වෙන මොකද්ද කරන්නේ කියලා අපෙන්ම අහන ගමන්... අපි මේ කාලකන්නින්ට මේ විදියට ඕනෑ එකක් කරගන්න දීලා නිකම් බලන් හිටියොත් අපිට ඉස්සරහට මොනවායින් මොනවා වෙයිද...?

:       1       42

NimeshSaturday, 08 July 2023 09:53 PM

මතකද මිනිස්සු ඒ දවස් වල ගැස් නැතිව මාස ගණන් පෝලිම් වල හිටපු කාලේ මේ පොහොට්ටු හොරු ටික ගෙවල්වල ගැස් සිලින්ඩර දුසිම් ගණන් ගොඩගහගෙන ඉඳල මින්සුන්ට අහුඋනා

:       0       1

Nimal Saturday, 08 July 2023 08:26 PM

අද පාරෙ ගිය කවුරුහරි දේශපාලන හොරෙක්... සැප වාහනේක. ඉස්සරහින් ආරක්ෂක ජීප් එකකුත් ගියා. හැබැයි මාර අමාරුවෙන් ඔවුන් පාරෙ ගියේ. කවුරුත් ඉස්සර වගේ ඔවුන්ට පාරෙ යන්න කියලා ඉඩදෙන්නේ නෑ දැන්.

:       0       1

Aruna Ramanayake Saturday, 08 July 2023 08:34 PM

කාලකණ්ණි, මේ අය හිතන්නේ උන්ගේ ඇමැතිකම ගැන විතරයි... රට ගැන නෙවෙයි.

:       0       1

podi bandaa Saturday, 08 July 2023 11:47 PM

ඉතින් අපි තවත් බලාපොරොත්තු වෙනවා. ලබන පාර ඡන්දෙ එන්න ඉස්සෙල්ලා දාන සෙල්ලම් සේරම දාගනිල්ලා.

:       0       0

SL Sunday, 09 July 2023 02:20 AM

රාජපක්ෂගේ පවුලේ බහිරවයන් රටට පුදුම බරක්. රනිල් උන්ගෙ පස්ස හෝදන්නෙ නැති ද

:       1       0

Kumara Sunday, 09 July 2023 10:52 AM

අපි මෙච්චර කල් හරි පාරෙන් ලංකාවට සල්ලි එව්වා. අපේ රට ගොඩගන්න. මේ කාලකණ්ණි ඒවගෙන් සුද්ද කරනවා දැන්. ආයේ නම් එවන්නේ නෑ... කාලකණ්ණි හැත්ත.

:       0       0

ගමේ එකාලා Sunday, 09 July 2023 01:36 PM

මෙහෙමත් කාලකන්නි බලලෝභී දේශපාලුවන්? මේ වගේ අයව දේශපාලනෙන් අතුගාලාම දැමිය යුතුයි...

:       0       0

Bunny Preena Tuesday, 11 July 2023 02:50 PM

තණ්හාය ජායතී සෝකෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site