IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සෙල්ලමට ගැසූ යකඩ කූර ඇනී දරුවෙක් මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

එකට සෙල්ලම් කරමින් සිටි දැරියක දමා ගැසූ යකඩ කුරක් ඇනුනු දරුවකු  ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි කටාන පොලිසිය පවසයි.

යකඩ කූරකින් මෙම පිරිමි දරුවාට දමා ගැසූ බව කියන අවුරුදු 12ක වයසේ පසුවන පාසැල් සිසුවිය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මීගමුව කටුවාපිටිය නුගවෙල පාරේ පදිංචිව සිටි ජී .එස් වෙනුරුවන් රන්දික නමැති දස හැවිරිදි පාසල් සිසුවෙකි.

යකඩ කූර දරුවාගේ නළලේ වැදි බරපතල තුවාල සිදුවී තිබිණි යැයි ද රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

සැකපිට අත්අඩංගුවට ගත් දොළොස් හැවිරිදි පාසල් සිසුවිය මීගමුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ නියෝග මත ළමා නිවාසයක රඳවා තබා ඇතැයිද පොලීසිය පොලිසිය කීය.

මීගමුව කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ උපදෙස් මත කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (4)

සෙල්ලමට ගැසූ යකඩ කූර ඇනී දරුවෙක් මරුට

විජේ Sunday, 09 July 2023 12:40 AM

මේ වගේ දරුවො ලමා නිවාසවල රදවාගැනීම සාර්ථක ක්‍රමයක්ද?

:       0       0

ආනන්ද කුමාර Sunday, 09 July 2023 06:21 AM

අයියෝ එක දරුවෙක් මැරුණු අනෙක් දරුවාට අත්වැරැද්දක් නිසා ජීවිතය කාළකණ්නි වෙනවා. ලොකු කෙනෙක් වුණා නම් ඔහොම වෙන්නේ නැහැ නේද? ඇත්තටම දැන් එම දැරිය අධික ලෙසට මානසිකව වැටිලා ඉන්නවාට අමතරව සිරගතව දුක් විඳිනවා...

:       0       4

Lalla Sunday, 09 July 2023 06:39 AM

මේ දැරිය කිසිම වරදක් කර නෑ නේද? වරද එවැනි දේ සමග සෙල්ලම් කිරීමට ඉඩදුන්න වැඩිහිටියන්ගේ... ඇයගේ ජීවිතය විනාශ කර දැමීමට ඉඩදෙන්න ඕනෑද?

:       1       6

Bunny Preena Tuesday, 11 July 2023 02:27 PM

ගෙදර වැඩිහිටියන් සම්පූර්ණයෙන් වගකිව යුතුයි .කිසිම වගකීමක් නැති දෙමවුපියන් සහ වැඩිහිටියන් සිටින නිවසක් වගෙයි මට පෙනෙන්නේ .පොලිසියෙන් මොවුන්ට නඩු පවරා දඬුවම් ලබා දිය යුතුයි .අපරාදේ අහිංසක ජීවිතයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site