අක්කර දෙකේ වගාවටත් පතරොම් තුවක්කු අක්කර දෙකක් වගා කරන ගොවීන්ටත් වන සතුන්ගෙන් වගා හානි වලක්වා ගැනීම සඳහා පතරොම් තුවක්කු ලබා දීමට නීති සංශෝධනය කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 22 January 2024
සුපිරි මඟේ බෙලිඅත්ත පිවිසුමේ වෙඩි වරුසාවක්: 5ක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව අභියස දී ඩිපෙන්ඩරයක සිටි පිරිසකට මීට මොහොතකට පෙර සිදු කළ වෙඩි තැබිමෙන් පස් දෙනකු මියගොස් ඇතැයි තහවුරු නොවු ආරංචිමාර්ග කියයි. 22 January 2024
හෙලිකොප්ටරයෙන් ගිය පිලිපීන ජනපතිට දොස් පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඞ් මර්කෝස් ජූනියර් (කණිෂ්ඨ) හෙවත් බොංග්බොංග් ට දොස් අහන්න සිදුවී තිබේ. ඒ, ඔහු පසුගිය සිකුරාදා (19) බිරිඳ සමඟ එරට පැවැත්වුණු සංගීත සංදර්ශනයක් නැරැඹීමට හෙලිකොප්ටරයකින් යෑම සම්බන්ධයෙනි. 22 January 2024
නිධන් සෙව් හතරක් පොලීසියට මාට්ටු වරමකින් කියූ බව කියන මැණික් කළයක් ගොඩ ගැනීම සඳහා කැණීම් කරමින් සිටි එකම පවුලේ තිදෙනෙක් ඇතුළු සිව් දෙනකු කිරිවත්තුඩුව කැන්ද- කැටියවත්ත ප්‍රදේශයේදී කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි 22 January 2024
ගල් ඉන්නකින් පහරදී අයෙක් මරලා බීමතින් පැමිණ තම බිරියට පහර දුන් මස්සිනාට පොරවකින් හා ගල් ඉන්නකින් පහරදී මස්සිනා විසින් ඝාතනය කර ඇතැයි දෙහි ඕවිට පොලිසිය පවසයි. 22 January 2024
කොළඹ දඩ කොළ සිද්ධියට බස් ගැමුණු විරුද්ධයි රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිළිවෙළට විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය. 22 January 2024
අද පැහැදිලි අහසක් නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 January 2024
බීමතින් අනතුරු කළ හතරක් අල්ලයි බීමතින් මෝටර් රථයක් පදවා කැලණිය තොරණ හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් හප්පා පලා ගිය රියැදුරු ඇතුළු 4 දෙනකු වත්තල හේකිත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. 22 January 2024
කොස්ගොඩ ඝාතනයකට යුද හමුදා ලාන්ස් කෝප්රල් මාට්ටු අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පසුගියදා මාළු වෙළෙන්දකු ඝාතනයට පැමිණ අසාර්ථක වූ මෙහෙයුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවකුගේ මිතුරෙකුගේ ජංගම දුරකථනයක තිබූ වට්ස්ඇප් පණිවිඩයකින් මීට මාස හතකට පෙර කොස්ගොඩ ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයකට පොලිසිය සොයමින් සිටි යුද හමුදා ලාන්ස් කෝප්රල් වරයෙකු 21 දා කහතුඩුව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහසයක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි . 22 January 2024
වැරදුණු කුරුමානමින් අහිංසක තරුණයා මරු තුරුළට සිය මිතුරාගේ ජංගම දුරකථන උපාංග අලෙවිසලේ හිමිකරු අසුනේ ජංගම දුරකථනය ආරෝපනය කර ගනිමින් සිටි 22 හැවිරිදි තරුණයකුට එල්ල වූ වෙඩි පහරින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා කියයි. 22 January 2024
රාම් මන්දිර් අද විවෘත කෙරේ ඉන්දියාවේ අයෝධ්‍යාවේ ඉදිවුණු රාම් මන්දිර් හින්දු දේවස්ථානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද (22) දිනයේ විවෘත කිරීමට නියමිතය. 22 January 2024
පුංචි ප්‍රාණඇපකරු උපන් දිනය සමරයි ගාසා තීරයේ හමාස් ග්‍රහණයේ සිටින ළාබාලතම ප්‍රාණ ඇපකරු ක්ෆ්ර් බිබාස්, පසුගිය 18 වැනිදා, සිය පළමු උපන් දිනය සැමරූ බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි. 22 January 2024
ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 39 කින් ජයගනී දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන ‘යොවුන් ලෝක කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් පිල අද (21) සහභාගි වූ පළමු තරගයේදී ලකුණු 39 කින් (ඩක්වත් ලුවිස් න්‍යායට) සිම්බාබ්වේ යොවුන් පිල පරාජය කිරීමට සමත් විය. 21 January 2024
ජුලී චන්ග් සිරිපා කරුණා කර ගත් වගයි වන්දනා නඩ සහ වික්‍රමයන්ට ප්‍රියකරන පුද්ගලයන් සමඟ එක්ව තමන් පසුගියදා ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගත් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය. 21 January 2024
යුක්රේනයට එරෙහිව නිශේධ බලය යුක්රේනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට උත්සාහ කළහොත් නිශේධ බලය භාවිත කරමින් එම උත්සාහය අවහිර කිරීමට කටයුතු කරන බව ස්ලොවේකියානු අග්‍රාමාත්‍ය රොබර්ට් ෆිකෝ ප්‍රකාශ කළේය. 21 January 2024
ජනපති ජී 77 අමතයි ලෝක මූල්‍ය සැකැස්ම ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උගන්ඩාවේ දී පැවසීය. 21 January 2024
විශ්ව බුද්ධිය යළි රිමාන්ඩ්: සාසනයෙනුත් නෙරපයි සමාජ මාධ්‍ය ඔස්සේ බුදු දහමට අපහාසවන ආකාරයේ යළි ප්‍රකාශ සිදුකළ විශ්ව බුද්ධ නැමැති පුද්ගලයා ලබන 26 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි මහතා අද නියෝග කළේය. 21 January 2024
ඉන්දියාවේ රූමතියෝ හතරක් ලංකාවේ දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියෝ සිවු දෙනෙක් දිවයිනට පැමිණ සිටිති. 21 January 2024
කරාපිටිය සුළු සේවකයන් රිමාන්ඩ් කරාපිටිය රෝහලේ පිලිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහරදිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රෝහල් කණිෂ්ඨ කාරය මණ්ලයේ සේවකයන් දෙදෙනා සහ සේවිකාව 29 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් මහිනාථ දහනායක මහතා නියෝග කළේය. 21 January 2024
වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට බෝතලයකින් ඇනලා යුක්තිය මෙහෙයුමට සමගාමීව, වැලිකන්ද පොලිසියට ලද තොරතුරක් මත පොළොන්නරුව වැලිකන්ද කඩවතමඩුව ප්‍රදේශයේ අද(21) වැටලීමකට ගිය වැලිකන්ද පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුට කාන්තාවක් බෝතලයකින් ඇනීමෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 21 January 2024
පතල් වළකට වැටී කම්කරුවා මරුට පහළ කුට්ටාපිටිය ප්‍රදේශයේ මැණික් පතල් වළකට ඇදවැටුණු 48 හැවිරිදි පතල්කරුවෙකු මරුමුවට පත්ව ඇතිබව පැල්මඩුල්ල පොලීසිය කියයි 21 January 2024
උසස් පෙළ විභාගයෙන් පසු දරුවන්ට විශේෂ නියාමනයක් අපොස උසස් පෙළ විභාගයට මෙවර පෙනී සිටි දරුවන් සදහා විශේෂ මාර්ග උපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 21 January 2024
ඔන්චිල්ලාව දස හැවිරිදි දරුවාට මරණය ගෙනෙයි ඔංචිල්ලාව සමඟ සෙල්ලම් කරමින් සිටියදී අැඳවැටී එහි ලණුවට ගෙළ සිරවීමෙන් මුලතිව්, සෙම්මලෙයි හි දස හැවිරිදි දරුවකු ජිවිතක්ෂයට පත්ව අැතැයි මුලතිව් කෝකිලායි පොලිසිය කියයි. 21 January 2024
වෙඩි වැදී මියගිය පුද්ගලයා කිසිදු අපරාධයක් සම්බන්ධ නෑ තෙලිජ්ජිවිල ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් දුරකතන අමතර කොටස් අලෙවි සැලක සිටි පුද්ගයකුට පෙරේදා (20) රාත්‍රී 8.00 ට පමණ සිදුකළ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාට වෙඩි තබා ඇත්තේ අත්වැරදීමකින් බවට සැකකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය. 21 January 2024
දෙමළ සන්ධානයේ මහ පුටුව සිරිතරන්ට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් සිරිතරන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා ලෙස අද(21) පත්විය. 21 January 2024
නියං වගා හානි වන්දියට කෝටි සීයක් වෙන් කරයි යල කන්නයේ නියඟය නිසා සිදු වූ වගා හානි වන්දි ගෙවීම සඳහා රජය රුපියල් කෝටි 100ක් වෙන් කළ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 21 January 2024
විශ්‍රාමික බැංකු නිලධාරියාගේ සිරුර කාණුවක ආණමඩුව ගම් උදාව මාර්ගයෙ කාණු.වක තිබි අභිරහස් ලෙස මරණයට පත්වු විශ්‍රාමික බැංකු නිළධාරීයකුගේ සිරුර අද(21) දින උදෑසන සොයා ගත් බව ආණමඩුව පොලිසිය කියයි. 21 January 2024
රිය අනතුරු රක්ෂණය ලක්ෂ පහ දහය කරයි රියදුරුගේ නොසැලකිල්ල මත සිදුවන රිය අනතුරු වලින් අගතියට පත් වන පාර්ශවයන්ට දැනට ගෙවන ලක්ෂයක මුදල ලක්ෂ පහක් දක්වා වැඩි කිරීමට රක්ෂණ සමාගම් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී එකඟවූ බව එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. 21 January 2024
‘ඩමස්කස් නුවර ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා’ -ඉරානය සිරියාවේ හමුදා උපදේශන මෙහෙයුමක යෙදී සිටි ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ නිලධාරීන් 5 දෙනකුට මරු කැඳවමින් සිරියාවේ ඩමස්කස් නුවර නේවාසික ගොඩනැගිල්ලකට පසුගියදා එල්ල වූ ගුවන් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ප්‍රතිඥා දී ඇත. 21 January 2024
මධ්‍යම පළාතේ පාසල්වලට විශේෂ චක්‍රලේඛයක් මධ්‍යම පළාතේ සියලු පාසල් සංවිධානය කරනු ලබන උත්සව හතකට පමණක් සීමා කරන ලෙස දන්වමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක මේනක හේරත් මහතා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කොට තිබේ . 21 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026