පොලිසියෙන් මැකෝට වියදම් ලැයිස්තුවක් ජනාධිපතිවරණයට අදාළ ආරක්ෂක වැඩපිළිවලට අදාළ සමස්ත වියදම් ඇස්තමේන්තුවක් කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරන බව පොලිස් මූලස්ථානය පවසයි. 17 July 2024
නිධන් ගන්න ගිය හිමි නම ඇතුළු තුනක් එස් ටී එෆ් දැලේ නිධානයක් ගොඩගැනීමට සැරසුනු හිමි නමක් හා පුද්ගලයින් තිදෙනෙකු නිධන් හෑරීමට භාවිතා කල උපකරණ ද සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 17 July 2024
අණ නොතැකූ රියට වෙඩි : අයෙක් රෝහලේ කිලිනොච්චිය කුඩමුරුට්ටි හිදී නොනවත්වා ධාවනය කළ ටිපර් රථයකට සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 17 July 2024
සුළං තවදුරටත් :වැස්සත් තැනින් තැනට සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 July 2024
ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉරානයෙන් මරණ තර්ජන ඇමෙරිකන් හිටපු ජනාධිපති මෙන්ම එලැඹෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ද වන ඩොනල්ජ් ට්‍රම්ප්ට, ඉරානයෙන් මරණ තර්ජන එල්ල වන බව සීක්රට් සර්විස් හෙවත් ජනාධිපති ආරක්ෂක අංශය අනතුරු අඟවා තිබේ. 17 July 2024
විවෘත වරෙන්තුවත් තියාගෙන මන්ත්‍රී සබ්රි උත්සවයකට ඇවිත් කල්පිටිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරනයේ දී විවෘත වරෙන්තු නිකුත් කර සිටින පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ති අලි සබ්රි රහීම් මහතා අද (16 )දින කල්පිටිය අල් අක්ෂා ජාතික පාසලේ පැවැති උත්සවයක් සදහා සම්භාවනීය විශේෂ අමුත්තා ලෙස සහභාගී සිටි බැව් ජනතාව පවසති. 17 July 2024
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රිඩකයෙක් මරුට අම්බලන්ගොඩ කන්ද මාවත පදේශයේදී අද (16) රෑ සිදුවු වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 16 July 2024
උපාධිධාරි තරුණිය හදිසියේ මියගිහින් ග්‍රාම නිලධාරි විභාගයෙන් සමත් වී පත් වීම ලබා ගැනීමට පුහුණුව ලබමින් සිටි 25 හැවිරිදි උපාධිධාරිනියක මිය ගොස් ඇති බව උඩදුම්බර පොලිසිය පවසයි. 16 July 2024
අධිකරණ විස්කි සිද්ධියේ තව අය සීටීනම් අල්ලන්න කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994 අතුරුදහන් කළේ යැයි කියන භාණ්ඩ භාරකරුට අධාර අනුබල දුන් තවත් පුද්ගලයින් අනාවරණය වන්නේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝග කළේය. 16 July 2024
කංජිපානි ලංකාවට ගේන්න බලය පවරන්න හිටපු අයි පී කියයි රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් නීත්‍යානුකූල ලිපියක් ලබා දෙන්නේ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන් ලංකාවට ගෙන ඒමේ හැකියාව තමන්ට තිබෙන බව හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා පවසයි. 16 July 2024
දුම්රිය අතරමඟ නවතී : මගීහු අතරමං වෙති කොළඹ කොටුවෙන් පස්වරු 6.40 රඹුක්කන බලා පිටත් වූ සීග්රගාම් දුම්රිය එඩේරමුල්ල සහ හොරපේ දුම්රිය ස්ථාන අතර වෙල මැද්දේදී කාර්මික දෝෂයකට ලක්ව තිබේ. 16 July 2024
සිරකරුවන් තිස් දාහක් ඉක්මවයි බන්ධනාගාරගත සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණීගබී දිසානායක මහතා පැවැසීය. 16 July 2024
අ‘පුර පොළොව හෙල්ලෙයි අනුරාධපුර නගරයට ආසන්න තදාසන්න ප්‍රදේශ කිහිපයක භුචලනයක් අද (16) පස්වරුවේ සිදුව තිබේ. 16 July 2024
ගුවන් ආසන වෙන් කරන්න ලංසු ක්‍රමයක් සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ස්වයංක්‍රීය ආකාරයෙන් ඉහළ පෙළ ආසන වෙන් කිරීම සඳහා ලංසු තැබීමේ සේවා සහ ඒ ආශ්රිත අනුයාත සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 16 July 2024
ගම්පහ පාසල් 66කට ක්‍රිකට් බඩු ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් පාසැල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ ප්රදානය කිරීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 16 July 2024
පිළිම පොළොවේ ගසා ටික්ටොක් දැමූ තරුණයාට වැඩ වරදී බුදු දහමට නිගා වන ආකාරයට බුදු පිළිමයක්ල දේව රූප දෙකක් සහ දේව රූප සහිත ඡායාරූප කිහිපයක් පොළොවේ ගසා ඒවායේ දර්ශන ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළේ යැයි කියන තරුණයෙක් අඹන්පොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 16 July 2024
ජනපතිවරණයේ බලය හෙට සිට ජන්ද කොමිසම අතේ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හෙට (17) සිට බලය පැවරෙන අතර ඉදිරි සති දෙකක කාලය තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම්.ඒ. එල්. රත්නායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක දී පැවැසීය 16 July 2024
නිරෝෂන් ප්‍රේමරත්න වාමාංශික පෙරමුණේ නායකත්වයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂාන් ප්‍රේමරත්න මහතා වාසුදේව නානායක්කාර මහතා නායකත්වය දැරූ වාමාංශික පෙරමුණේ නව නායකයා වශයෙන් තෝරා පත්කරගෙන තිබේ. 16 July 2024
භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් අඩු කළ හැකියි විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් පමණ අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය. 16 July 2024
සුරක්ෂා රක්ෂණය නැවතත් මේ වන විට අතරමග නතර කර තිබෙන පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 16 July 2024
කොළඹ මහල් නිවාස 66ක් කොළඹ පැල්පත්වාසීන් වෙනුවන් ඉදිකෙරැණු මහල් නිවාස සංකීර්ණවල නිවාස 66 ක් තවමත් හිස්ව පවතින බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 16 July 2024
කළමනාකරණ සේවා නිලධාරී කොල්ලුපිටියේ විරෝධයක කළමනාකරණ සේවා නිලධාරීන්ගේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු ගැටළු විසඳාගැනීම වෙනුවෙන් ආරම්භ කළ සටනේ පියරක් ලෙස කළමනාකරණ සේවා නිලධාරීන්ගේ එකමුතුව කොල්ලුපිටිය හන්දියේදී අද (16) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 16 July 2024
IP සමන්ගේ නඩුවකට දින දෙයි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සම්බන්ධකම් පවත්වන චෝදනා එල්ල වී තිබෙන පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල් නැමැත්තා ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රය අනිද්දා(18) විභාගයට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ජයසිංහ මහත්මිය නියෝග කළේය. 16 July 2024
රනිල්ගේ ගමන හරි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ආර්ථික වැඩපිළිවෙළ සාර්ථකත්වයට පැමිණ ඇති හෙයින් ඊට සහයෝගය දැක්විය යුතු බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. 16 July 2024
දඩ වැඩි වෙයි අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ දඩ මුදල් වැඩි කිරීමේ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 July 2024
කොළඹට හෙට ’’රන් දොරක්’’ ඇරෙයි නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 937 කට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 180 කට හෙට (17) ඔප්පු ප්රදානය කෙරෙයි. 16 July 2024
ප්‍රෙඩීගේ බිරිය දිවි රඟමඬලට සමුදෙයි හාස්‍ය රංගන ශිල්පියෙකු වූ ප්‍රෙඩී සිල්වා මහතාගේ බිරිඳ වන රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා මහත්මිය පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන (16) අභාවප්‍රාප්ත වූවාය. 16 July 2024
‘ජනවරමක් සහිත රජයකට ප්රගතිශීලී ප්‍රතිචාර දක්වන්න අයි.එම්.එෆ් එකඟ වුණා‘ පැහැදිලි ජනවරමක් සහිත රජයකට ප්රගතිශීලී ප්‍රතිචාර දක්වන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකග වී ඇති බැවින් සමගි ජනබලවේග රජයක් තුළ ජනතාවාදී ගිවිසුමකට එළැබෙන බව- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 16 July 2024
කැකිරාව දොස්තරට මරණ තර්ජන ‘ක්ලබ් වසන්තට කළ දේ උඹටත් කරනවා‘. යැයි පවසා මරණ තර්ජන එල්ල කරමින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට එරෙහිව තර්ජනාත්මක පොස්ටර් ගසා එම කාර්යාලයට කලුතෙල් ප්‍රහාරයක් එල්ලකර ඇතැයි කැකිරාව පොලීසිය කියයි. 16 July 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026