
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවෙන් චීන වෙළෙඳ පොළට තිරිඟු නිවුඩු පෙති (Wheat Bran Pellets) අපනයනය කිරීම සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
තිරිඟු පිටි සැකසීමේදී මෙරටට ආනයනය කරනු ලබන තිරිඟු බීජ වලින් 20%ක පමණ ප්‍රමාණයක් නිවුඩ්ඩ ලෙස ඉවත් කරනු ලබයි.
මෙසේ ඉවත් කරනු ලබන නිවුඩ්ඩ, තිරිඟු නිවුඩු පෙති ලෙස චීනයට අපනයනය කිරීම මඟින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට හැකියාවක් පවතී. ඒ සඳහා නිශ්චිත ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීමට දෙපාර්ශ්වය අවබෝධතා ගිවිසුමක් අතර අත්සන් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. කෙටුම්පත් කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුම සඳහා විදේශ අමාත්‍යාංශයේ එකඟතාව ලබා දී ඇත.
ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුම කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩු රේගුවේ සමාන්‍ය පරිපාලනය අතර අත්සන් තැබීම පිණිස කෘෂිකම සහ වැවිලි කර්‌මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
651
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
317
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1106
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනෙට තිරිඟු නිවුඩු යවන්න ගිවිසුමක්
Prabha Tuesday, 10 September 2024 01:22 PM
වැඩකට නැති පෝෂදායක නිවුඩ්ඩ චීනයට යවන්න ගිවිසුමක් කියලා කියන්න
Marisipala Tuesday, 10 September 2024 01:53 PM
අපිටම පෝෂ්‍යදායක ආහාරයක් හැටියට නම්කර ආපසු එවයිද කියලා බලමු
ජයනාත් Tuesday, 10 September 2024 05:46 PM
මෙහෙමත් හරක් . හොඳම කොටස චීනෙ ට යවල රොඩ්ඩ අපි තියාගන්න ව. ඉතිං රටක් හදන්න පුළුවන් ද . කවුද මෙිවට අනුමැතිය දුන්නෙ .
Laksitha Tuesday, 10 September 2024 07:37 PM
කාටද කොමිස් මුදල් යන්නෙ,.. අන්තිම දවස් ටික කාලම පලයල්ලා