IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇමෙරිකා ඩොලර් මිලියන 200ක ණයක් ගන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක ණය මුදල ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය වැඩ සටහන මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සඳහා ආසියා සංවර්ධන බැංකුවෙන් ණය පහසුකම ලබා ගැනීම සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උප වැඩසටහන් 2 ක් යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 400ක ප්‍රතිපත්ති පදනම් කරගත් ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීම සඳහා 2023 -09-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, 2023 දෙසැම්බර් වන විට ඇමෙරිකා ඩොලර් මිලියන 2000 ණය මුදල පළමු උප වැඩසටහන සඳහා ලබා දී තිබේ.

එහි දෙවන උප වැඩසටහන යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීම සඳහා පූර්ව ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් 12 සම්පූර්ණ කළ යුතු අතර, මේ වන විට එකී ක්‍රියාකාරකම් බොහොමයක් සම්පූර්ණ කර හෝ සම්පූර්ණ කිරීමේ අවසන් අදියරේ පවතී. 

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවන උප වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ලබා ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (11)

ඇමෙරිකා ඩොලර් මිලියන 200ක ණයක් ගන්න කැබිනට් අනුමැතිය

Chandima Tuesday, 10 September 2024 01:52 PM

පණ අදින ගමනුත් ණය ගන්නවා. රට ගොඩගත් නායකයා කියනවා නේද?

:       6       57

රංබොඩ Tuesday, 10 September 2024 02:31 PM

ණය ණය. මේ පාලකයින් ට වෙන මොකුත් නෑ.

:       3       39

Laksitha Tuesday, 10 September 2024 02:35 PM

රට කාලාම තමයි යන්නේ

:       3       42

Amara Tuesday, 10 September 2024 02:59 PM

මෙහෙම ණය අරන් සියලු වත්කම් වික්කත් ගෙවන්න බැරි දවස ගේන්න පුලුවන් ශ්‍රීලංකා

:       3       35

Manjula Pradeep Tuesday, 10 September 2024 03:21 PM

හා හා හා අපේ අනුර කුමාර සහෝදරයා ලෝකය වටේ හිඟාකන්න යන්නේ නෑ. ආපු ගමන් සේරම ණය ගැනිල්ල නතර කරනවා. බලාගෙන ඉන්නකෝ විසිදෙවැනිදා වෙනකන්...!

:       0       1

Manjula Pradeep Tuesday, 10 September 2024 04:16 PM

මාලිමා රජයක් යටතේ ණය ගන්න රටවල් ගාන හිඟා කන්නේ නැහැ. ආපු දවසෙම ඔය සේරම ණය ගන්න එක අපි නවත්තනවා.

:       0       1

m. saman perera Tuesday, 10 September 2024 04:26 PM

ලෝකෙන්ම ණය ගන්න හිඟන රට

:       0       1

Pankumburage Tuesday, 10 September 2024 04:31 PM

ණය ගන්න, විකුනන්න පුළුවන් ශ්‍රී ලංකා.

:       1       1

MADHU Tuesday, 10 September 2024 05:42 PM

යන යකා කොරහත් බිඳගෙන යනවලු

:       0       1

Nihal Tuesday, 10 September 2024 06:41 PM

සංචිත බිලියන 5 පැනලා කිව්වනේ, මුසාවම තමයි.එක ජනාධිපති අපේක්ෂකයකු අවුරුදු 2ක් 20000 ගානේ දෙන්නේ කියලා රටපුරා බේගලේ කියාගෙන යනවා. ඕක චුට්ටක් පිලි අරං තියෙන්නේ වතුකරේ ජනතාව ඒ මිනිස්සුන් රවටපු එක හරිම අසාධාරණයි....

:       0       3

Perera Wednesday, 11 September 2024 12:43 AM

පුළුවන් හාදයා ආර්ථිකේ දියුණු කරලා තියන හැටි තමයි ඔය

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site