පොලිස් ලොක්කෝ 25කට ස්ථාන මාරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු ස්ථානාධිපතිවරුන් 25 දෙනෙකුට ස්ථාන මාරු ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 21 November 2025
දෙණියායේ වූ මාරක අනතුර දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ගල්දොළ මංසන්දිය ආසන්නයේ දී ලොරි රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් රියදුරු අද (21) සවස මියගොස් ඇතැයි කොස්මෝදර පොලිසිය පවසයි. 21 November 2025
2020 එල්.පී.එල් ක්‍රිකට් පාවාදීමට අධිකරණය දුන් නියෝගය ලංකා ප්‍රීමියර් ලීග් එල්.පි.එල්. 2020 ක්‍රිකට් තරඟාවලියේදී මුදලට තරඟ පාවාදීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පරිපාලන නිලධාරී ඉන්දීය ජාතික අසීස් හෙර්ළි සැකකරුට දෙසැම්බර් 25 දිනට පෙර ක්‍රීඩා දූෂණය වැළැක්වීමේ ඒකකයේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන්නැයි නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නොකීසී නිකුත් කළේය. 21 November 2025
ඇමති වසන්ත නවසීලන්ත මිත්‍රත්ව සංගමයේ සභාපති පුටුවට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය. 21 November 2025
’’පළමු අවස්ථාවාදීම ආණ්ඩුව පෙරළනවා’’ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ආණ්ඩුව බොරුව නවතා ජනතාවට වැඩකළ යුතු බවත් එසේ නොවුණහොත් ලැබෙන පළමු අවස්ථාවාදීම ආණ්ඩුව පෙරළන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (21) පැවැසීය. 21 November 2025
කර්මාන්ත ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශ වැය ශීර්ෂ සම්මතයි ග්‍රාමීය සංවර්ධන ප්‍රජා සවි බල ගැන්වීම් හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය 21 November 2025
එල්.පී.එල් තරග පාවාදුන්නැයි කළමනාකරුවෙකුට වරෙන්තු එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට ක්‍රිකට් ක්‍රීඩකයින්ට බලපෑම් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන ජාතික කළමනාකරුවෙකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා (21) නියෝග කළේය. 21 November 2025
අර්චුනාට ’’උගන්ඩා කුමාරිය’’ මතක් වෙලා උගන්ඩාවෙන් සල්ලි ගේනවා කියපු උගන්ඩා කුමාරිත් අද මේ සභාවේ නැතැයි මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 21 November 2025
බදුලු දුම්රිය පාර යථා තත්වයට උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට මීට දින තුනකට පෙර ගල්පර්වත කඩා වැටී අවහිර වූ දුම්රිය මාර්ගය යළි යථා තත්වයට පත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 21 November 2025
ශිෂ්‍යත්වයේ කඩයිම් ලකුණු හෙට ලංකාදීපය සමග මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව 2026 වසරේ 6 ශ්‍රේණියට සිසුන් පාසල්වලට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු හෙට (22) ලංකාදීප පුවත්පත සමඟ නිකුත් කෙරේ. 21 November 2025
ආනමඩුවේ බලය තවම කාටවත් නෑ පළාත් පාලන මැතිවරණය පවත්වා මාස හයකට වැඩි කාලයක් ගත වී ඇතත් ආනමඩුව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට තවමත් හැකිවී නොමැත. 21 November 2025
ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරෙයි මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වල 2026 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ පාසල් කඩඉම් ලකුණු මේ වන විට නිකුත් කර ඇත. 21 November 2025
ත්‍රිරෝද-බස් ගැටීමෙන් කතක් මරුට: 4ක් රෝහලට එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී අද (21) සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී අවුරුදු 08ක කුඩා ළමයෙකු ඇතුලු තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා මහනුවර දිස්ත්‍රික් මහ රෝහලට සහ රිකිල්ලගස්කඩ ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ බව රිකිල්ලගස්කඩ පොලිසිය පැවසීය. 21 November 2025
අද මහාචාර්යවරුත් දුප්පතුන් වෙලා අද මහාචාර්යවරුන්ද දුප්පතුන් බවට පත්වී ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේසි අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 November 2025
පොලිසිය රැස්වීම් භූමියෙන් පිට විකාශන යන්ත්‍ර ගලවයි ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය දක්වමින් විපක්ෂයේ පක්ෂ රැසක සංවිධානයෙන් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී දැන් පැවැත්වෙන ‘මහා ජන හඬ’ ජන රැළිය පැවැත්වෙන භූමියෙන් පිටත තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර පොලිසිය රැළිය ආරම්භ වීමට පැය කීපයකට පෙර ඉවත් කළේය. 21 November 2025
අර්ච්චුනාට මරණ තර්ජනයක් ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා පාර්ලිමේන්තු ආපන ශාලාවේදී අද (21) තමාට මරණ තර්ජන කළ බව මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 November 2025
හෙද නිල ඇඳුමේ වෙනසක් නෑ හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 November 2025
මන්ත්‍රීලා 63ක් දෙමළ පන්තියකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සිංහල සහ දෙමළ භාෂා ඉගැන්වීමේ පාඨමාලාවක් ආරම්භ කෙරිණ. 21 November 2025
නියෝජ්‍ය කතානායකගෙන් දිලිත්ට ආචාර්ය පට්ටමක් නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි මහතා සර්ව ජන බලය පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ආචාර්ය දිලිත් ජයවීර ලෙස හැඳින්වීමෙන් පාර්ලිමේන්තුවේ කාගේත් මුවගට සිනහ රැල්ලක් මතු විය. 21 November 2025
ඇසිඩ් ප්‍රහාරයෙන් මව මරුට: පුතා රෝහලට අයගම කොළඹෑව ප්‍රදේශයේදී ඊයේ (20) රාත්‍රී එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් දහසය හැවරිදි පාසල් දරුවකු තුවාල ලබා රතනපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අයගම පොලිසිය පැවසීය. 21 November 2025
මත් ජාවාරම නිදහසේ සිදු කරන්නට උදව් කළ පීසී මාට්ටු අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ දුරකථන සබඳතා පවත්වමින් ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට උපකාර කරමින් සුඛෝභෝගී ජීවිතයක් ගත කළ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් ලක්ෂ 8 කට ආසන්න මුදල් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය කියයි. 21 November 2025
උ.පෙළ. රාජකාරියේ සිටි පීසී ගිනි අවිය දමා ගිහින් හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ අ.පො.ස ( උ. පෙළ) සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ආරක්ෂක රාජකාරී සඳහා යොදවා සිටි කොස්තාපල්වරයෙකු ටි 56 රාජකාරී ගිනි අවිය එම ස්ථානයේ දමා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි. 21 November 2025
ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබද්දී අද (21) අභාවප්‍රාප්ත විය . 21 November 2025
සැකකරු අධිකරණයෙදී පැන ගිහින් මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (20) ඉදිරිපත් කළ සැකකරුවෙකු ලබන විසිඅට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කිරීමත් සමඟ විත්ති කූඩුවෙන් බැසගත් සැකකරු අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණ පලාගොස් ඇතැයි මූතූර් පොලිසිය කියයි . 21 November 2025
කලවංචිකුඩි අධිකරණ ගබඩාවේ තිබු කෝටියක රන් බඩු සොරාගෙන කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ රුපියල් එක්කෝටි තිස්හය ලක්ෂයකට අධික වටිනා රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම අධිකරණයේ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරයා අත්අඩංගුවට ගත් බව කලවාංචිකුඩි පොලිසිය පවසයි. 21 November 2025
පත්මේගේ මවට අයත් ලොරියක් පොලිස් බාරයට සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වශයෙන් හැඳින්වෙන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ මවට අයත් ලොරි රථයක් රඹුක්කන පොලිස් බාරයට ගෙන ඇත. 21 November 2025
රනිල් ඉන්දියාවට යයි හිටපු ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(21 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියේය. 21 November 2025
නුගේගොඩ රැළියට ශබ්ද කොන්දේසියක් නුගේගොඩ මහජන රැළිය පවත්වන ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය යාබදව අධ්‍යාපන පොදු සහතික පත්‍ර ( උසස් පෙළ) විභාග මධ්‍යස්ථානයක් පවතින බැවින් මහජන රැළිය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේ දී රැළිය පවත්වන පරිශ්‍රය තුළ පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන ලෙස පොලිසිය රැළියේ සංවිධාකයන් දැනුවත් කරයි. 21 November 2025
නුගේගොඩ රැළිය අද මාලිමා ආණ්ඩුවේ ක්‍රියා කලාපයට විරෝධය දැක්වීම සඳ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජනරැලිය අද (21) පස්වරැ 2 ට නුගේගොඩදී පැවැත්වේ 21 November 2025
නුගේගොඩට අද රථවාහන සැලැස්මක් නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංගපීඨයේදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මහජන රැළියට සමගාමීව විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් අද (21) ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 21 November 2025
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025