උතුරු පළාතට අද ටිකක් තද සුළං නිරිතදිග බෙංගාල බොක්ක මුහුදේ පවතින ගැඹුරු පීඩන අවපාතය, අද පෙරවරු 4.00 පමණ වින විට ත්‍රිකුණාමලයේ සිට කිලෝ මීටර් 100ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 10 January 2026
හොර සල්ලි සමග දෙකක් මාට්ටු රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු සමඟ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 10 January 2026
ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය පිටුපස ගින්නක් ගාල්ල කොටුවේ පිහිටා ඇති මහේස්ත්‍රාත් අධිකරණය පිටුපස අද රාත්‍රි ගින්නක් හට ගෙන ඇති අතර ගින්නෙන් අසල පිහිටි ගොඩනැගිල්ලක වහලයට හානි සිදුව ඇත. 09 January 2026
දෙහිවල වෙඩි තැබීමක් දෙහිවල මුහුදුබඩ මාර්ගයේ පිහිටි අවන්හලක හිමිකරුවකු හට ස්තුටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් එහි හිමිකරුට අද (09) වෙඩිතබා පලාගොස් ඇතැයි පොලීසිය කියයි . දෙහිවල මුහුදුබඩ මාර්ගයේ පිහිටි අවන්හලක හිමිකරුවකු හට ස්තුටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් එහි හිමිකරුට අද (09) වෙඩිතබා පලාගොස් ඇතැයි පොලීසිය කියයි . 09 January 2026
මොළගොඩ අනතුරින් දෙකක් මරුට: හයක් රෝහලට කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ පල්පාත ප්‍රදේශයේ දී අද සවස බස් රථ දෙකක් හා කන්ටේනර් රථයයක් ගැටී සිදු වු අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි. 09 January 2026
අධිකරණය ගැන හොයන විපක්ෂයේ යෝජනාව කුණු කූඩයට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට මැතිසබයට ව්‍යවස්ථාදායක බලයක් නොමැති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද (9) දැනුම් දුන්නේය. 09 January 2026
එස්. එම්ට එරෙහි මූලික විමර්ශන අවසන් දිළිඳු ගොවි ජනතාව බෙදා දීමට වෙන් කළ රුපියල් කෝටි දෙකහමාරක බඩ ඉරිඟු බීජ තොගයක්, 2015 ජනාධිපතිවරණයට පෙර දේශපාලන ආධාරකරුවන්ට ලබා දී රජයට පාඩු කළේ යැයි කියන හිටපු විශේෂ ව්‍යාපෘති අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේනට එරෙහි මූලික විමර්ශන අවසන් බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් පැවසීය. 09 January 2026
සුළි සුළඟක් ඇතිවන බවට අනාවැකි නෑ පීඩන අවපාතය රටේ සුළි සුළඟක් දක්වා වර්ධනය වන බවට අනාවැකි පළවී නැතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය 09 January 2026
නීතිපති - අල්ලස් කොමිසම නඩු 102ක් අයින් කරගෙන නීතිපති සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 2019 වසරේ සිට 2024 වසර දක්වා ඉල්ලා අස්කර ගත් නඩු 102 කින් නඩු 34ක් නැවත නොපැවැරීමට තීරණය කර ඇතැයි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (9) පැවසුවාය. 09 January 2026
මේ ඉතිහාසයේ වැඩිම ගෙවල් හැදෙන වසරයි දෙදහස් විසි හය යනු ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග්‍රහයෙන් වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදි කෙරෙන වසර බවට පත්වනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 09 January 2026
පානම නිවෙසකින් ජීව උණ්ඩ 118 ක් හමුවෙයි පානම ගම්මානයේ නිවසක් අලුත්වැඩියා කිරිමේදි ටයිල් කැටයක් යට සඟවා තිබු එම් 16 ගිනි අවියට යොදන මි.මි. 5.56x 45 වර්ගයේ උණ්ඩ 118 ක් හමුවි ඇතැයි පොලීසිය කියයි. 09 January 2026
පිලිපීනයේ බිනාලිව් කුණු කන්දට 50ක් යටවේ:12 බේරා ගනිති මධ්‍යම පිලිපීනයේ සෙබු නගරයේ බිනාලිව් කුණු කන්ද ඊයේ (08) දින කුණු කන්දක් කඩා වැටීමෙන් 22 හැවිරිදි කාන්තාවක් මිය ගොස් 38 දෙනකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 09 January 2026
‘දිට්වා‘ හානිකළ නිවෙස් වලට වන්දි දෙයි දිට්වා සුළි කුණාටුවෙන් පුර්ණ හානියට පත් නිවාස සදහා වන්දි ලබා දීමේ හා ඒම නිවාස ඉදිකිරිමට මුල්ගල් තැබිමේ සමාරම්භක වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර , ගල්නෑව හා රාජාංගනය යන ප්‍රදේශ වලදි අද (09)දින සිදු කෙරිණි. 09 January 2026
කඩු 10ක් සමඟ අයෙක් මට්ටක්කුලියේදී අල්ලයි මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන වැල්ලේ ධනුෂ්ක නැමැත්තාගේ ගෝලයකු කඩු 10 ක් සමඟ අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි. 09 January 2026
හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දාට ඇප ආරක්ෂාවට ලබා දුන් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් පාතාල ක්‍රියාකරුවකු අතට පත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් සිලනී පෙරේරා මහත්මිය මීට ටික වේලාවකට පෙර නියෝග කළාය. 09 January 2026
ඇමෙරිකාවේ විරෝධතා ඇමෙරිකාවේ, මිනිසෝටා ජනපදයේ, මිනියැපොලිස් නගරයේ, වෙඩි තැබීමේ සිද්ධියක් මුල්කොට ගනිමින්, මේ වනවිට විරෝධතා ආරම්භ වී ඇත. වෙඩි තැබීමෙන් මියගියේ රෙනේ නිකොල් මැක්ලින් ගුඩ් නමැති 37 හැවිරිදි තෙදරු මවකි. 09 January 2026
ඉරානයේ විරෝධතා ඔඩුදුවයි විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙද්දී, අන්තර්ජාල සහ දුරකථන සබඳතා සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ඉරාන බලධාරීහු පියවර ගත්හ. කදුළු ගෑස් ප්‍රහාර, බැටන් ප්‍රහාර සහ ජල ප්‍රහාර එල්ල කරමින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසියට අණ ලැබුණි. 09 January 2026
අර්බුදය ගැන රජය කෙළින්ම ට්‍රම්ප් එක්ක කතා කරන්න ඕනෑ ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් හටගත් අර්බුදය අවසන් කිරීමට නම්, ග්‍රීන්ලන්ත රජය, ඩෙන්මාර්කයේ මැදිහත්වීමකින් තොරව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡා කළ යුතු යැයි ග්‍රීන්ලන්ත විපක්ෂ නායක පේලේ බ්රෝබර්ග් පැවැසීය. 09 January 2026
ට්‍රම්ප් ලෝකය පවතින පිළිවෙල වෙනස් කරනවා ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලෝකයේ පවතින පිළිවෙළ වෙනස් කිරීමට උත්සාහ ගන්නා බවත්, එය ලෝකවාසී සියලු දෙනාට අනතුරක් බවත් ජර්මන් ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටියින්මයර් චෝදනා නගයි. 09 January 2026
රිය අනතුරින් තරුණයෙක් මරුට හොරණ කොළඹ මාර්ගයේ පොකුණුවිට වැලිකළ ප්‍රදේශයේදී අද (09) පොකුණු විට සිට කොළඹ දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයෙන් පිටත නිවසක මිදුලක නවතා තිබූ බස් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලැබූ පැදිකරු හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව හොරණ පොලිසිය පවසයි. 09 January 2026
ආගිල් වතුයායේ නිවාස පෙළක ගින්නක් දිඹුල පතන පොලිස් වසමට අයත් ආගිල් වතුයායේ ලයින් නිවාස පේළියක අද (09) උදෑසන හටගත් හදිසි ගින්නකින් නිවාස දෙකකට දැඩි අලාභහානි සිදුව තිබේ. 09 January 2026
ආපදාවෙන් නිවාස අහිමි වූවන්ට ලක්ෂ 50 දීම අද සිට දිට්වා’ සුළි කුණාටුව සමග ඇති වූ ගංවතුර සහ නාය යාම් හේතුවෙන් පූර්ණ හානි වූ නිවාස සඳහා නව නිවාස ඉදිකිරීම හා නිවසක් ඉදි කර ගැනීමට රජය මගින් ලබා දෙන රුපියල් ලක්ෂ 50ක් ලබාදීමේ නිල වැඩසටහන ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රාජාංගන වැවේ පන්සලේදී පැවැත්වෙයි. 09 January 2026
අවුරුදු තුනේ දරුවා ළිදට බිලි බේරුවල මග්ගොන අක්කර මලේ අලූත් පාර ප්‍රදේශයේ වයස අවුරුදු තුනක සිඟිත්තෙකු ළිඳකට වැටී මිය ගොස් ඇතැයි පායාගල පොලීසිය කියයි.. 09 January 2026
කරන්දෙණියේ ඝාතනයට දෙන්නෙක් අල්ලයි කරන්දෙණිය කිරිපේද්දේ පාරක තිබී තියුණු ආයුධයකින් කපා කොටා අභිරහස් අයුරින් ඝාතනය කරන එක් දරු පියාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ඝාතනය සඳහා යොදාගත් කඩුවක්,යතුරු පැදියක් සමග කරන්දෙණිය කිරිපේද්ද හතේ කණුව පාලු නිවසක සැගවී සිටියදී සැකපිට අත් අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි. 09 January 2026
උඩදුම්බර ගම් දෙකක ගම්වාසීන් ආරක්ෂිත තැන්වලට උඩදුම්බර ප්‍රදේශයේ ඇතිවූ භූකම්පනයත් සමඟ එම ප්‍රදේශයේ දේවහන්දිය සහ බඹරබැද්ද ගම්මාන පදිංචි පවුල් 128කට අයත් පුද්ගලයන් 520 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි හුන්නස්ගිරිය සති පොල ගොඩනැගිල්ලට සහ ජේතවනාරාම විහාරස්ථානයට යොමු කළ බව පොලිසියකියයි. 09 January 2026
‘ශ්‍රී පාදය කරුණා කිරිමට අවදානමක් නෑ‘ ශ්‍රී පාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් තව දුරටත් නොමැති බවත්, ඒ අනුව එම මාර්ගයෙන් වන්දනාකරුවන්ට ආරක්ෂා සහිතව ශ්‍රී පාදස්ථානය කරුණා කළ හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිලධාරින් ශ්‍රී පාද මළුව ට පැමිණ තමන් හමුවේ පැවසූ බව ශ්‍රී පාද භාරකාර දොරපනේ සුමනජෝති හිමියෝ පැවසුහ. 09 January 2026
මොරගහකන්ද වාන් මට්ටමේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හා මධ්‍යම පළාතට ඇදහැලෙන වැසි හේතුවෙන් මේ වන විට මොරගහකන්ද ජලාශයේ ජලය වාන් මට්ටම මීටර් 10 ක් ඉතිරිව පවතින බැවින් ඉදිරියේ ඇතිවිය හැකි වැසි සමඟ ජලාශයේ ජලය වාන් දැමිමක් සිදුවිය හැකි බව කාර්යභාර ඉංජිනේරු පි.එස්. බණ්ඩාර මහතා පවසයි. 09 January 2026
ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළට අද සවස ළඟා වේ ශ්‍රී ලංකාව ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මේ වන විට මඩකළපුව සිට කිලෝ මීටර් 170ක් පමණ නැගෙනහිරට වෙන්න පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 09 January 2026
බදුල්ලේ පාසල් අද කලින් වහයි බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල අධ්‍යාපන කටයුතු අද (9) දින පෙරවරු 11ට අවසන් කරන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා පවසයි . 09 January 2026
බෑග් කර්මාන්ත ශාලාව ගින්නට බිලි මත්තේගොඩ කිරිගම්පමුණුව ප්‍රදේශයේ පවත්වාගෙන යන අත් බෑග් සහ මුදල් පසුම්බි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද අලුයම හටගත් ගින්නකින් එම කර්මාන්ත ශාලාව මුළුමනින්ම විනාශ වී ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි. 09 January 2026
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026