සී.බී රත්නායක අත්අඩංගුවට රුපියල් කෝටි ගණනක වත්කම් ඉපයූ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණි සීබී රත්නායක මහතා අල්ලස් කොමිසම මගින් අද (02) අත්අඩංගුවට ගෙන ඇත. 02 December 2025
ජපන් ආපදා විශේෂඥයෝ ලංකාවට ආපදා තත්ත්වය හමුවේ කඩිනම් සහන ලබාදීම සඳහා ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ඉතා සවිස්තරව කරුණු සොයා බැලීම සඳහා ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමක් මෙරටට පැමිණ ඇත. 02 December 2025
සහන වැඩට බෝරා ප්‍රජාව කෝටියක් දෙයි විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළ සඳහා ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාව රුපියල් ලක්ෂ 100ක මූල්‍ය පරිත්‍යාගයක් කළේය. 02 December 2025
හලාවත මහ රෝහල පිරිසිදු කරයි ගං වතුරට යටවි වසා දැමු හලාවත මහ රෝහල යළි යථා තත්වයට පත් කිරීමට රෝහල් වෛද්‍ය කාර්ය මංඩලය ඇතුළු සියලුම අංශ යුද හමුදාව සමග එක්වි අද(2 ) දින පිරිසිදු කිරීම් ආරම්භ කල බව රෝහල් අධ්යක්ෂ සුමිත් අත්තනායක මහතා පැවසිය. 02 December 2025
ආපදා ත්තවය ගැන පුටින් කණගාටුව පළ කරයි මෙරටට බලපා ඇති අයහපත් කාලගුණයෙන් සිදු වූ ආපදා හානී සහ සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ශෝකය පළ කර අැත 02 December 2025
අයවැය විවාද හෙට නැවත ඇරඹේ අයවැය විවාදය පාර්ලිමේන්තුවේදී හෙට (3) උදේ 9.00ට නැවතත් ආරම්භ වේ. 02 December 2025
වැස්සෙන් උ‘මැද කුඹුරු අක්කර 15,500 ක් විනාශයි අධික වැස්සෙන් උතුරු මැද පළාතේ මෙවර මහ කන්නයේ වගාකළ කුඹුරු අක්කර 15,500 ක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා පවසයි. 02 December 2025
ලංකාව ගැන මෝදිගෙන් එක්ස් පණිවිඩයක් ඉන්දියාව මෙම දුෂ්කර පැයේ දී ලංකාව සමග සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එක්ස් සටහනක් තබමින් සඳහන් කරයි. 02 December 2025
මැතිසබා සේවකයෝ විස්සකුත් ගංවතුරට කොටුවෙලා විවිධ ප්‍රදේශවල පදිංචි පාර්ලිමේන්තු සේවකයන් විසි දෙනෙකු පමණ ගංවතුර ඇතුළු විවිධ කාලගුණික ආපදාවන්ට ලක්ව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය . 02 December 2025
සී බී රත්නායක අල්ලස් කොමිසමට හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැදවා ඇත. 02 December 2025
කොළඹ - මහනුවර බස් සේවාව අරඹයි මහනුවරට ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය හේතූවෙන් අඩපණ වූ කොළඹ - මහනුවර පුද්ගලික බස් සේවාව අද සිට යළි ආරම්භ කළ බව මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ සභාපති අජිත් ප්‍රියන්ත මහතා කීය. 02 December 2025
බෝග හයක වගා හානි වලට වන්දි වී, බඩ ඉරිඟු, ලොකු ලූනු,අර්තාපල්, මිරිස් සහ සෝයා බෝංචි යන වගාවන් වලට සිදුවී ඇති හානි තක්සේරු කර වන්දි මුදල් ලබාදීමට නියමිතව ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩල සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසයි. 02 December 2025
මවක් මල්වතුඔයට පැනලා:දරු දෙදෙනා අතුරුදන් හතළිස් හැවිරිදි කාන්තාවක් අනුරාධපුර, මල් අතු ඔය මිහිඳු පුර පාලම උඩින් සිය දරුවන් දෙදෙනා සමග අද (02)දින උදැසන හය හමාරට පමණ මල්වතු ඔයට පැන ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. 02 December 2025
ගංවතුරට කොටු වූ විදේශිකයන් 21ක් ගුවන් හමුදාව බේරාගනියි නුවරඑළිය ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් අවතැන් වී සිටි විදේශිකයන් 21 දෙනෙකු ගුවන් හමුදා අනුරාධපුර කදවුරේ අංක 06 හෙලිකොප්ටර් බලඝනයට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් ඊයේ (1) සවස බේරා ගෙන කටුනායක ගුවන් හමුදා කදවුර වෙත බාර දුන් බව ගුවන් හමුදාව පවසයි. 02 December 2025
සජිත් පිටරටින් ආධාර ඉල්ලයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජපාන, කොරියානු සහ යුරෝපා සංගම් තානිපතිවරුන් හමුවී ආපදා තත්ත්වයෙන් මිදීමට සහාය දෙන ලෙස ඉල්ලා සිටියේය. 02 December 2025
ගංවතුර අස්සේ ගෑස් සගවලා පවතින අර්බුදකාරී තත්ත්වය තුළ වෙළෙන්දෙකු සතුව ප්‍රමාණවත් තොග තිබියදීත්, ද්‍රව පෙට්‍රෝලියම් (LP) ගෑස් විකිණීම ප්‍රතික්ෂේප කරන බවට ලැබුණු පැමිණිලි අනුව, පාරිභෝගික කටයුතු අධිකාරියේ නුවරඑළිය නිලධාරීන් විසින් හැටන් දික්ඔය නගරයේ හදිසි වැටලීමක් ඊයේ (01) දින සිදුකරන ලදී. 02 December 2025
ශ්‍රී ලංකාවට ආධාර ගේන්න ඉන්දීය ගුවන් කලාපය පාකිස්තානයට ඇරේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත්වුණු ශ්‍රී ලංකාවට, ඉන්දීය ගුවන් කලාපය හරහා, ආධාර රැගෙන ඒමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, පාකිස්තානයට අවසර දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 02 December 2025
කුකුල්ලු ලක්ෂ 15 ක් ගංවතුරට බිලි ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් කුකුළු ගොවිපළවල සතුන් ලක්ෂ 15ක් පමණ ගංවතුරට හසුවී මියගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසීය. 02 December 2025
පාසල් අරඹන දිනයේ වෙනසක් නෑ නැවත පාසල් අරඹන දිනයේ වෙනසක් මෙතෙක් සිදු කර නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය. 02 December 2025
නාවලපිටියේ ගම් හුදකලා වෙලා නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඇතිවූ නායයෑම් ආපදා තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ ගම්මාන කීපයක් තවමත් හුදකලාවී ඇතැයි වාර්තාවේ. 02 December 2025
කැලණි කළු මල්වතු ජලමට්ටම් පහළ බහී කැලණි ගඟේ ජල මට්ටම පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 02 December 2025
හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමුවා ගෲප් කපිතාන් නිලයට වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන් නියමු ගුවන් හමුදාපතිවරයා විසින් වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා ගෲප් කපිතාන් නිලයට උසස් කරනු ලැබ ඇත. 02 December 2025
පස් කන්දට යට වූ එකම පවුලේ සිව් දෙනා සොයා මෙහෙයුම් පසුගිය දා කදපොළ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කදපොල චන්දිරිගම නායයැමකින් අතුරුදහන් වූ මව, දරුවන් දෙදෙනා සහ දරුවන් දෙදෙනාගේ මිත්තනිය සොයා නුවරඑලිය සිංහ රෙජිමේන්තුවේ භට පිරිසි විසින් ඊයේ (01) දින මෙහෙයුමක් දියත් කලහ. 02 December 2025
විපතට පත් අයට එල්.බී ෆිනෑන්ස් පිහිටක් වෙයි අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව එල්.බී ෆිනෑන්ස් සමාගම විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග කරනු ලැබීය. 02 December 2025
වැනසුණු ආගමික ස්ථාන හදන්න පොහොට්ටුවේ සහය ආපදාවට ලක්ව සම්පූර්ණයෙන් විනාශ වූ සහ හානිවූ ආගමික සිද්ධස්ථාන නැවත ගොඩනැගීමට හා පිළිසකර කර දීමට සහාය දෙන්නැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ආසන සංවිධායකවරුන්ගෙන් සහ ග්‍රාමීය නායකයිගෙන් ඉල්ලා සිටියේය. 02 December 2025
මහියංගණය රෝහල යථා තත්වයට ජලයෙන් යටවී දින කිහිපයක් සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබූ මහියංගනය රෝහලේ රෝගී ප්‍රතිකාර කටයුතු මේවනවිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. 02 December 2025
ප්‍රා.ලේ.කොට්ඨාස 70 කට රතු නිවේදන දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 70 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (02 ) සවස දක්වා බල පැවැත්වෙන පරිදි නාය යෑමේ තෙවන මට්ටමේ රතු නිවේදන නිකුත් කර ඇති අතර තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 27 කට පළමු සහ දෙවන මට්ටමේ නිවේදන නිකුත් කර තිබේ. 02 December 2025
මෝදි-අනුර දුරකථන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් සිදුව තිබේ. 02 December 2025
නාගරික මන්ත්‍රීට පහරදුන් 6ක් අල්ලයි අතුරුගිරිය තුන්අදහේන ප්‍රදේශයේ ගං වතුරින් පීඩාවට පත්ව සිටි ජනතාවට සකස් ආහාර බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග ගොස් කඩුවෙල මහ නගර සභාවේ ජාතික ජනබලවේගයේ නාගාරික මන්ත්‍රීවරයෙකුට ඊයේ (01) දින පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් හය දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි 02 December 2025
විදෙස් පරිත්‍යාග තීරු බදු නැතිව ගෙන්වන ක්‍රමයක් විදේශීය පරිත්‍යාගශීලීන් විසින් ආපදාවට පත් වූ ජනතාව වෙත ලබා දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ තීරුබදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට ක්‍රමවේදයක් රජයේ හඳුන්වා දී තිබේ. 02 December 2025
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025