තබ්බෝව මහ පාළම තාවකාලික පාලමක් මහ වැසි සමඟ කඩාගෙන ගිය තබ්බෝව මහ පාළම මත තාවකාලික යකඩ පාළමක් යොදා ගමනා ගමන කටයුතු වලට කඩිනමින් ඉදිකරමින් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරීය පවසයි. 03 December 2025
පුත්තලමේ පවුල් 90,443 ක් අවතැන් ගංවතුර හා ජල ගැලිම් හේතුවෙන් අද (03) වන විට පවුල් 90,443 ක 32,8050 අවතැන්ව පුද්ගලයින් 29 දෙනෙකු අවාසනාවන්ත ලෙස මරණයට පත්වි ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.අයි.එම් සිල්වා මහතා පවසයි. 03 December 2025
රහංගල කන්ද නාය අවදානමක වැලිමඩ රහංගල කන්ද ඉරිතලා පුපුරා ගොස් නායයාමේ අවදානමක ඇති හෙයින් බොරලන්ද රහංගල,හීන්නාරංගොල්ල ග්‍රාම සේවා වසම් වලට අනතුරුදායක තත්ත්වයක් උදා වී ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (3) පැවසීය . 03 December 2025
ලංකා විදේශ චීන සංගමයෙන් රුපියල් මිලියනයක් ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් ශ්‍රී ලංකා විදේශ චීන සංගමය (Sri Lanka Overseas Chinese Association) රුපියල් මිලියනයක මුදලක් ප්‍රදානයක් ලබා දී තිබේ. 03 December 2025
සිරිපා වන්දනා සමය හෙටින් ඇරැඹෙයි සිරිපා වන්දනා වාරය හෙටට යෙදෙන උඳුවප් පුරපොහොය දිනයෙන් ආරම්භ වෙයි. 03 December 2025
ඝාතනයකට සැගව සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු අල්ලයි සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සොබනාහන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණියේ සුද්දා නැමැත්තාගේ මෙහෙයවීම මත පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට සූදානමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් ඊයේ (2) අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය පවසයි. 03 December 2025
සජිත් ජාතික ශෝක දිනයක් ඉල්ලයි විපතට පත් වූ අය වෙනුවෙන් අඩුම ගණනේ ජාතික ශෝක දිනයක් වත් ප්‍රකාශයට පත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 December 2025
ආපදාවට පත් සිසුන්ට රජයෙන් 25000ක් ගංවතුර සහ නාය යාම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් 25,000ක් ලබාදීමට රජය තීරණය කර තිබේ. 03 December 2025
කඩුවෙල අධිවේගීය යළි ඇරේ ගංවතුර තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ කඩුවෙල සහ අතුරුගිරිය අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු ඇතුළුවීමේ හා පිටවීමේ දොරටු අද (03) සිට විවෘත කර ඇත. 03 December 2025
විපතට ගොදුරැවූ දිස්ත්‍රික්ක 22ක් නම් කරමින් ගැසට්ටුවක් අයහපත් කාලගුණය සමඟ ඇති වූ ආපදා හේතුවෙන් රජය ජාතික ව්‍යසන පාත්‍ර දිස්ත්‍රික්ක 22ක් ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත 03 December 2025
අතරමං වූ දරුවෙක් කොට්ටාව බස් නැවතුමේ කොට්ටාව නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ අතරමංව සිටි වයස අවුරුදු අටක කුඩා පිරිමි දරුවෙකු අද (03) හමු වූ බව කොට්ටාව පොලිසිය පවසයි. 03 December 2025
රට ගොඩනගන්න උදව් වෙන බව පකිස්ථානය කියයි දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලාංකීය ජනතාව මුහුණ දුන් ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව පාකිස්ථාන අගමැති ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) මහතා කණගාටුව පළ කර තිබේ. 03 December 2025
ෂැංහයි හිදී අපේ යානාවලට සලකන කොන්ත්‍රාත්තුව දෙයි චීනයේ ෂැංහයි ගුවන් තොටුපොළෙහිදී සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව සහ භාණ්ඩ ගබඩා හසුරුවාලීමේ සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 December 2025
ආපදා සහන දෙන්න අස්ගිරි පාර්ශ්වයෙන් මිලියන 5ක් ස්වභාවික ආපදාවන්ට පත් වූවන්ට සහන සැලසීම සඳහා ශ්‍රී දළදා මාලිගාව විසින් ආරම්භ කොට ඇති අරමුදලට අස්ගිරි මහා විහාර පාර්ශ්වයෙන් රුපියල් මිලියන පහක මුදලක් පරිත්‍යාග කෙරුණි. 03 December 2025
මැරුණු කකුළුවන් ඉඳුරුව වෙරළ තීරයේ ඉඳුරුව වෙරළ තීරයට අද (3) උදේ සිට මැරුණු කකුළුවන් විශාල වශයෙන් පාවෙමින් තිබෙන බව ප්‍රදේශවාසීහු කියති. 03 December 2025
කුණාටුවෙන් පසු මෙරට සංචාරයට ආ දැවැන්තයා මෙරට ආපදාවලට ඔරොත්තු දීමේ හැකියාව සහ ශ්‍රී ලංකාව නැවත යථා තත්වයට පත්වෙමින් තිබෙන බව පෙන්නුම් කරමින් දිට්වා සුළි කුණාටුවෙන් පසුව ප්‍රථම වතාවට මේන් ෂිෆ්ට් 06 සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ඊයේ (02) කොළඹ වරායට සේන්දු විය. 03 December 2025
ත්‍රි’මලේ රෝහලට හදිසි ප්‍රතිකාර ඒකකයක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 December 2025
එළවළු මිල අඩුවෙලා දිවයින පුරා බලපා තිබූ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම්වලට ගොවි බිම් හසු වී වළවළු වගාවන් විනාශ වී යාම නිසා පසුගිය දින කිහිපය තුල විශාල ලෙස ඉහළ ගොස් තිබූ එළවළු මිළ අද (03 ) දා වන විට අඩු වීමට පටන් ගෙන ඇති බව ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාරිකයෝ සඳහන් කරති. 03 December 2025
ජලසම්පාදන අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ (සංශෝධන) පනත් කෙටුම්පතේ අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 December 2025
ආධාර රැගත් තවත් යානයක් කටුනායකට ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දී සිටින ආපදා තත්වයෙන් මුදවා ගැනීම සදහා අවශ්‍ය උපකරණ සහ පුහුණු භටයන් රැගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ගුවන් හමුදාව සතු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් , සිය සිව් වන ආපදා ආධාර රැගත් ගුවන් යානය ලෙස කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය . 03 December 2025
රාසමාණික්කම්ගේ මාස දෙකක මන්ත්‍රී වැටුප විපතට පත්වූවන්ට දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතාගේ මාස දෙකක වැටුප ආපදාවෙන් විපතට පත් වූ ජනතාවට නිවාස සාදා ගැනීම වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කර ඇත. 03 December 2025
ඉස්මායිල්ගේ පුටුවට තාහිර් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු ඉල්ලා අස්වීමෙන් හිස් වූ මන්ත්‍රී ධූරය සඳහා නෙයිනා තම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් මහතා නම් කර ඇත. 03 December 2025
විල්පතට පත් වූ අය සිහිකර මැති සබේ නිහඬතාවක් ආපදාවෙන් මිය ගිය අය සහ විපතට පත් වූ අය සිහිකර සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කළහ. 03 December 2025
සුරක්ෂිත මධ්‍යස්ථානයක සිටි 29ක් රෝගී වී රෝහලේ දිට්වා සුළි කුණාටුවෙන් කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් අවතැන්ව බෝම්රිය කනිටු විද්‍යාල සුරක්ෂිත මධ්‍යස්ථානයේ රඳවා සිටි ළමුන් 15 දෙනෙකු ඇතුළු 29 කු හදිසියේ රෝගී වී ඊයේ (2) රාත්‍රි රෝහල් ගත කළ බව නවගමුව පොලිසිය කියයි. 03 December 2025
තවත් අරාබි සහන යානා දෙකක් දිවයිනට මුදා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහාය වීමට, හදිසි ආධාර රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තවත් මානුෂීය සහන ගුවන් යානා දෙකක් ඊයේ (02) රාත්‍රීයේ මෙරටට ළගා විය. 03 December 2025
අදත් තැනින් තැනට වැසි උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (03) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 December 2025
බිඳ වැටුණු සන්නිවේදන ජාල හෙට වෙද්දි හදන්න පුළුවන් ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලා හෙට දිනය වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලා හෙට දිනය වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේය. හතා සඳහන් කළේය. 03 December 2025
‘‘දිට්වා‘‘ කුණාටුවෙන් දරුවන් 2,75,000 පීඩාවට ‘‘දිට්වා‘‘ සුළි කුණාටුව හේතුවෙන් ඇතිවු ගංවතුර සහ නායයෑම්වලින් දරුවන් 275,000 ක් පීඩාවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මෙරට නියෝජිත එමා බ්‍රිග්හැම් ප්‍රකාශ කළාය. 02 December 2025
යළි වැස්සොත් කදුකරයට නැවතත් දැඩි අවදානමක් දිට්වා කුණාටුව සමඟ පැවැති අධික වර්ෂාව හේතුවෙන් කඳුකර ප්‍රදේශවල පොළොවේ පහළ පස් තට්ටු ජලයෙන් සන්තෘප්ත වී ඇති බැවින් දැනටම බොහෝ ස්ථානවල පොළොවෙහි ඉරිතැලීම් ඇතිවන නිසාත් ඉදිරි දින කිහිපයේ තද වැසී ඇති වුවහොත් නැවතත් දැඩි අවධානමක් මතුවිය හැකි බැවින් කඳුකරයේ අවධානම් කලාපවල ජීවත්වන පිරිස් දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී. 02 December 2025
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025