පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින් පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයේ (Foreign Relationship and Protocol) රුපියල් කෝටියකට වැඩි මුදලක් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 13 May 2025
හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක් තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 12 May 2025
කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46ක තොගයක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පැවසීය. 12 May 2025
දුම්රියේ ගැටි තරුණයකු මරුට මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි. 12 May 2025
ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය. 12 May 2025
දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි 12 May 2025
කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත. 12 May 2025
‘සෝලා’ විදුලි ගාස්තුව තවම අඩුකර නෑ ‘සෝලා’ විදුලි ඒකකයක් වෙනුවෙන් ගෙවන මුදල අඩු කරන්නේ යැයි පැවසුවට එම යෝජනාව මේ දක්වා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවත් ඉහළ ගාස්තු පහත දැමීමක් කළ හොත් බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවත් සූර්ය බල ඉදිකිරීම් සංගමයේ හිටපු සභාපතිවරයෙක් වන කුෂාන් ජයසූරිය මහතා ‘ලංකාදීප’යට අද (12) පැවසීය. 12 May 2025
රනිල් ගංගාරාමයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද(12) පැමිණ ආගමික වතාවත් වල නිරත විය. 12 May 2025
වසර 57කට පසු ආසියා යොවුන් බොක්සින් ලංකාවේ ASBC ආසියානු U22 සහ යොවුන් බොක්සිං ශූරතාවලිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුරමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී අද (12) ආරම්භ විය. 12 May 2025
දන්සැල් ගැන දැනුම් දීමක් බෝවන රෝග සහිත පුද්ගළයින් දන්සල් සංවිධාන කටයුතු වලින් සහ දන්සල් වලට සහභාගී වීමෙන් වලකින්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 12 May 2025
ව්‍යාපාරිකයා රවටා කෝටි 22ක් කොල්ල කාලා ගම්පොළ වෙළම්බොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 22 ක මුදලක් කොල්ල කෑ බව කියන සැකකරුවන් තිදෙනකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 12 May 2025
ගිනි අවියක් සහ පතොරොම් සමග දෙකක් මාට්ටු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන සැකකරුවකුගෙන් ලද තොරතුරු මත පිස්තෝල අවියක්, පතරොම් 11ක් සහ පතරොම් ගැබ් 2ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 12 May 2025
කඩුගන්නාවේ යතුරුපැදි අලෙවිසලක් ගිනි ගනියි කඩුගන්නාව පොලිස් වසමේ ඇඹිල්මීගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ යතුරුපැදි අලෙවිසලක් ගිනි ගැනීම හේතුවෙන් එහි තිබූ යතුරුපැදි 20ක් පමණ ගිනිගෙන විනාශ වී ඇති බව පොලිසිය කියයි. 12 May 2025
ගිරිතලේ වැවේ නාන්න ගිය අයෙක් මරුට පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ සංචාරයකට පැමිණි පිරිසකගෙන්, ගිරිතලේ වැවේ දිය නෑමට ගිය අයෙකු දියේ ගිලි මියගොස් ඇති බව මින්නේරිය පොලිසිය කියයි. 12 May 2025
දුම්රිය දුර්වලයි: කෝපා කෝප වෙයි දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනයේ දැඩි අකාර්යක්ෂමතාවක් පවතින බවරජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝපා කමිටුව) සභාපති අරවින්ද සෙනරත් මහතා පැවසීය. 12 May 2025
බවුසරයකින් ඩීසල් සොරාගත් දෙන්නෙක් අල්ලයි ඛනිජ තෙල් සංස්ථාවට අයත් අනුරාධපුර ඛනිජ තෙල් තොග බඩාවට ඩීසල් තොගයක් රැගෙන විත් , වාරය පැමිණෙන තෙක් එම තෙල් ගබඩාව ඉදිරිපිට නවතා තිබූ බවුසර් රථයකින් රුපියල් ලක්ෂ දෙකකට වැඩි ඩීසල් තොගයක් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 12 May 2025
විදුලි බිල වැඩි කරනවාට අපි විරුද්ධයි විදුලි බිල නැවත වතාවක් සියයට තිහකින් පමණ වැඩි කිරීමට දරන උත්සාහය වහාම නතර කරන්නැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. 12 May 2025
ව්‍යවස්ථා සභාවේ ලේකම් පුටුවට හොඳ අයෙකු සොයයි පුරප්පාඩුවී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට සුදුස්සකු පත්කර ගැනීම සඳහා පුවත්පත්හි දැන්වීම් පළ කිරීමට තීරණය කර ඇත. 12 May 2025
බුදු දහම විමුක්තිකාමී සාධාරණ සමාජයකට මග පෙන්වාවි බුදු දහමින් අර්ථ දක්වන වඩා සාධාරණ, විමුක්තිකාමී හා සමානාත්මතාවය රජයන සමාජයක් ස්ථාපිත කිරීම සඳහා බෞද්ධ දර්ශනය අන්කවරදාටත් වඩා මේ මොහොතේ ප්‍රදීපස්ථම්භයක් සේ මග පෙන්වනු ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි. 12 May 2025
මැතිසබේ ලොක්කන්ගේ තෙල් කපන්නේ මෙහෙමයි පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන තෙල් කෝටාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත. 12 May 2025
පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි විසඳුමකට යෑමට බලාපොරොත්තු වන බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අවධාරණය කර ඇත. 12 May 2025
කොළඹ පුරපති පුටුවට රහස් සාකච්ඡා කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීමට සභිකයන් දිනා ගැනීමට ජාතික ජන බලවේගය මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂද රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 12 May 2025
කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ දහයක් සම්බුදු තෙමඟුල ඉමහත් බැතියෙන් සමරණ වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ දහයක් පමණ ඉදිකර තිබෙන බව වාර්තාවේ. 12 May 2025
යුද ගිනි නිවී ලෝක සාමය උදාවේවා ලෝකයේ නොයෙක් රටවල ඇවිලී තිබෙන යුද ගිනිදැල් නිවී සතුටින් හා සාමයෙන් ජීවත් වීමේ භාග්‍යය උදාවේවායි සමස්ත ශ්‍රී ලාංකිකයින් සමඟ ප්‍රාර්ථනා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය වෙසක් දින පණිවිඩයෙන් පවසයි. 12 May 2025
බුදු දහම ලොවම වටහා ගත යුතු කාලය ඇවිත් බුද්ධ දේශනාව ප්‍රායෝගිකව වටහා ගනිමින් යුද ගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව මතුව තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙසක් දින පණිවිඩයෙන් පවසයි. 12 May 2025
නුවරඑළියට එනකොට පොලිතින් ගේන්න එපා රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් නුවරඑළියට පැමිණෙන බැතිමතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙස රජයේ ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩසටහන ඉල්ලා සිටියි. 12 May 2025
සම්බුදු තෙමඟුල අදයි තථාගත ලොව්තුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් වූ සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි 12 May 2025
අනියම් ඇසුර චූන් පාන් වෙළෙන්දාට මරුවා කැඳවයි බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි බේරුවල පොලිසිය පැවසීයීය. 11 May 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026