IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


මත් රකුසාට වැ⁣ට බඳින්න අලුත් නීති

(අංජුල මහික වීරරත්න)

නාගරික ජනාවාස වල දරුවන් හා තරුණ පරපුර මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සහ සමාජ විරෝධී ක්‍රියා වලින් බෙිරා ගැනීමට නව නීති සම්පාදනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (8) පැවසීය.

මෙි සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ  විශේෂ අවධානය යොමුව තිබෙන බවද අමාත්‍යවරයා කීය.

මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනවය ගැන පොලිසිය, ආගමික ස්ථාන මූලික කරගනිමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව කී අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට දැඩිව උපදෙස් දී තිබෙන බවද සඳහන් කළේය.

නාගරික ජනාවාස ආශ්‍රිතව මත්ද්‍රව්‍ය හා විෂමාචාර වැළැක්වීම සදහා  ඉදිරියේ දී විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මත කරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය  බොරැල්ල ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනය සමඟ ඒකාබද්ධවී නාගරික අඩු ආදායම්ලාභී දරු දැරියන් වෙනුවෙන් නොමිලයේ පවත්වන ත්‍රෛයිමාසික ඉංග්‍රීසි පාඨමාලාවේ සහතික පත්‍ර බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය. 



අදහස් (5)

මත් රකුසාට වැ⁣ට බඳින්න අලුත් නීති

Hafeel Monday, 08 August 2022 04:09 PM

ඒ වගේම කප්පම් කරුවන්ට එරහිවත් දැඩි නීති සම්පාදනය කරන්න. කප්පම් කරුවන්ට අත්හිට වූ සිර දඬුවම් ප්‍රමාණවත් නැහැ.

:       2       53

Nuvan kumara Monday, 08 August 2022 04:52 PM

මම හිතන්නේ දරුවො තමයි ඕවාට යොමුවෙන්නේ. ඔවුන්ට කරන්න දෙයක් නැතුව සිටින නිසා කියලා. ඒ අතර සමහරක් එලෙසින් ඉන්න අය පාසල් දරුවන්ටත් ඕවා පුරුදු කරනවා. අධික දරිද්‍රතාවයද මේවාට හේතුවක් වෙන්න පුළුවන්.. එවැනි අය කෙසේ හෝ මුදලක් සොයන්න ඒවාට යොමුවීමට ඉඩක් තියෙනවා. තවත් සමහරක් අය මැතිවරණ අවස්ථාවල දේශපාලුවන් සඳහා රැස්වීම් තියලා කැන්වසින් යනවා. එහෙම කරන අයට අදාල දේශපාලුවන් දිනුවොත් මිනිහෙක් මැරුවත් බේරෙන්න පුළුවන් කුඩු ගැන කවර කතාද? ඒ නිසා ඒ ගැනත් අවධානය යොමුකිරීම සුදුසුයි. තවත් එකක් තියෙනවා යමෙකු හොරකමක් කරලා‍ පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගත්තු අවස්ථාවල හොරකම් වෙනුවට කුඩුටිකක් දාලා, එහෙම නැත්නම් කසිප්පු ටිකක් දාලා නඩුදානවලු. ඉතින් එහෙම කෙනා නිදහස ලබා පැමිණ කරන්නේ ඒවාට යොමුවීම කියලා හිතන්නේ නැද්ද?

:       76       7

Kumara Monday, 08 August 2022 06:42 PM

කප්පන් කරුවන් බඩලොකු මදාවියන් ගැන මුකුත් කිව්වේ නැද්ද?

:       0       0

විපරමා Monday, 08 August 2022 11:25 PM

මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයින් පිටිපසේ දූශිත දේශපාලුවන් ඉන්නවා කියලා දන්නෝ දනිති. තමුන්ගේ පවුලේ අය කියලා නිකම්ද? සමාජ විරෝධී වැඩත් වැඩි හරියක් කරන්නේ දූෂිත දේශපාලුවන් තමයි...!

:       0       0

Dr. Priyamali De silva Tuesday, 09 August 2022 06:24 AM

I am a medical officer in psychiatry. I would like to join with the anti alcohol campaign. I can educate people and can provide help to stop alcohol using behaviors medically and psychologically.. Thank u.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 996 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site