IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘වැලි කතර’ යළි තිරයට

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ඩී.බී. නිහාල් සිංහයන්ගේ විශිෂ්ඨතම සිනමා නිර්මාණයක් වූ 70 දශකයේ ඉමහත් ජනාදරයට පත් ‘වැලිකතර’ ප්‍රථම පුළුල් තිර වෘතාන්ත චිත්‍රපටය ඩිජිටල් සත්කාරයේ මහිමයෙන්  ප්‍රතිස්ථාපිතව මෙම මස 30 දා සිට යළි තිරගත කෙරේ.

කොළඹ රීගල්, ලීඩෝ ඇතුළු සී.ඊ.එල් ප්‍රදර්ශක මණ්ඩලයේ සිනමාහල් 24 කදී සීමිත ප්‍රදර්ශනය සඳහා තිරගත  කෙරෙන ‘වැලිකතර’ චිත්‍රපටයේ කතාව, දෙබස් සහ තිර රචනය ආචාර්ය තිස්ස අබේසේකරයන් ගෙනි.
ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, සුවිනීතා අබේසේකර, දේවිකා කරුණාරත්න, පියසේන අහංගම, ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර, චන්ද්‍රා කලුආරච්චි, එල්සන් දිවිතුරුගම, බුද්ධි වික්‍රම, මාක් ඇන්ටනී ප්‍රනාන්දු ඇතුළු නළු නිළියන් රැසක් රඟපාන ‘වැලි කතර’ සෝමදාස ඇල්විටිගලගේ සංගීත අධ්‍යක්ෂණයෙන්ද, විශාරද අමරදේවයන්ගේ පසුබිම් ගායනයෙන්ද විචිත්‍රවත් වෙයි.
‘වැලි කතර’ කැමරාව, සංස්කරණය, සම නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය ඩී.බී නිහාල්සිංහයන් ගෙනි.
ෆෝ ඉන් වන් සංසදයේ සංවිධානයෙන් ‘වැලි කතර’ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත්  කෙරෙන්නේ ද වීඩියෝ ටීම් ආයතනයයි.



අදහස් (0)

‘වැලි කතර’ යළි තිරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site