IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

(සුජිත් හේවාජුලිගේ)

පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (21) බාරදෙනු ලැබීය.

පාසල් විවෘත කිරීම එම මාර්ගෝපදේශ අනුව සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අප නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම මාර්ගෝපදේශ  අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද  පාසල්වලට නිකුත් කෙරෙනු ඇති බවයි.

පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග රැසක් එම මාර්ගෝපදේශ සංග්‍රහයේ දැක්වෙන බවද  හෙතෙම සඳහන් කළේ‍ය.

මේ අතර පාසල් දරුවන්ට ෆයිසර් එන්නත  ලබාදීමට රජය දැනටමත් තීරණය කර ඇත.



අදහස් (6)

පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

මහජනයා Tuesday, 21 September 2021 06:31 PM

සත්‍ය නම් මෙය යථාර්තයක් වීමට තවත් මස කිහිපයක් ගතවන බවයි. ඉන් පසුත් බොහෝ විට මාස කිහිපයක් යන තෙක් පන්තියකට දරුවන් 15 බැගින් පාසල් පැමිණීමට සිදුවනු ඇත. තවත් කල් නොයවා ක්‍රමවත් සැලසුමක් සූදානම් කරමු. සෑම ශ්‍රේණියකටම අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම්කරන වාර විභාගයක් සුදානම්කර පාසල් ආරම්භ වූ වහාම පවත්වා එහි ලකුණු රැස්කර විශ්ලේෂණය කරන්න. අධ්‍යාපන ගැටළු හදුනාගෙන දීප ව්‍යාප්ත සැලසුමක් සාදන්න. ඇති හැකි අය පමණක් මෙම වසංගතය හමුවේ යම් අධ්‍යාපන මට්ටමක් ලබාගත්තද, බහුතර දරුවන්ගේ මට්ටමේ විශාල කඩා වැටීමක් වී ඇත. ප්‍රථමයෙන් අඩු ළමයින් සහිත පාසැල් හැකි ඉක්මනින් ආරම්භ කර ඔවුන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය සුරකින්න. පහසුකම් සහිත පාසල්වල ගුරුවරුන් පාසලට කැදවා එම පාසල්වල ඇති සම්පත් (පරිගණක විද්‍යාගාර, අන්තර්ජාල පහසුකම් වැනි) යොදාගනිමින් ක්‍රමවත් නියාමනයකින් මාර්ගගත අධ්‍යාපනය ස්ථාපිත කරන්න. මෙම ක්‍රමය සාර්ථක කර ගතහොත් කොටස් වශයෙන් දරුවන් පාසලට පැමිණෙන අවස්ථාවක පවා අඛණ්ඩව ඉතිරි දරුවන්ට මාර්ගගතව පාඩම හා සම්බන්ද වීමට අවස්ථාව සැලසේ.

:       7       9

චන්දන Wednesday, 22 September 2021 08:04 AM

හොඳ යෝජනාවක්. නමුත් අමාත්‍යාංශය තවමත් නිදි.

:       0       0

Sriland Tuesday, 21 September 2021 07:52 PM

කවද්ද පාසල් විවෘත කරන්නේ?

:       0       9

romesh Wednesday, 22 September 2021 07:14 AM

තාම අවදානම පහව ගොස් නැත

:       0       1

H.A.N.R.Thissera Wednesday, 22 September 2021 04:02 PM

පාසල් පටන් ගැනීමට පෙර වයස 05න් උඩ ළමුන්ටත් එන්නත දෙනවා නම් හොඳයි.

:       0       0

පූජනා සෙව්මිණී Wednesday, 22 September 2021 04:38 PM

2021 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයාවක් ලෙස පාසල් විවෘත කිරීමට රජය ගෙන තිබෙන තීරණයට ගරු කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 338 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site