(බිඟුන් මේනක ගමගේ)
ජනමාධ්‍ය උපමාන උල්ලංඝනය වන අයුරින් විද්‍යුත් මාධ්‍ය සිදුකරන ප්‍රචාරණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණෙන් මැතිවරණ කොමිසමට වාර්තා කීපයක්ම ලබාදුන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
සංඛ්‍යාත අයිතිය මහජන දේපලක් වන බැවින් ඒවා අපහරණය කිරීම නීතිවිරෝධී යැයි කී හෙතෙම ඊට එරෙහිව පියවර ගැනීමට මැතිවරණ කොමිසමට බලය ඇතැයි අවධාරණය කළේය.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය හැසිරෙන අකාරය ගැන පසුගිය 17 වැනිදා පැවැත් වූ මාධ්‍ය හමුවකදී තම දැඩි කණස්සල්ල පළකළේය
මහින්ද දේශප්‍රිය මහතා එහිදී රුපවාහිනී ආයතනවල නම් සඳහන් නොකර එක් එක් අපේක්ෂකයාට ලබාදී තිබෙන ප්‍රචාරණ කාලය ගැන ප්‍රස්ථාර ඇසුරෙන් කරුණු දක්වා මාධ්‍ය සමබරව කටයුතු නොකළහොත් ඒ පිළිබඳව දැඩි ක්‍රියාමර්ග ගැනීමට සිදුවන බවට අනතුරු ඇඟවීමක්ද කළේය.
COMMENTS
ලෝකේ කොයි රටේත් මාධ්‍ය කටයුතු කරන්නේ එක්කෝ ඒවායේ අයිති කරුවන්ගේ නැත්නම් ඒවායේ සේවය කරන අයගේ සිතැඟිවලට අනුවයි. සියයට සියයක්ම "අපක්ෂපාතී" යැයි කිවහැකි ජන මාධ්‍යයක් ලෝකයේ කොහෙවත් නැහැ. තමන්ගේ මාධ්‍ය වගකීම ගැන වැටහීමක් ඇති බොහෝ දැන උගත් අය නම් " මාධ්‍ය සදාචාරය" කියලා දෙයක් ගැන හිතල මතලා කටයුතු කරන බව නම් කියන්නට පුළුවන්. අපේ රටේ මේ පිළිබඳ දක්නට ලැබෙන තත්වය ගැන නම් කියලා වැඩක් නැහැ.
රටේ ප්‍රවෘත්ති වෙනුවට පක්ෂයක් වෙනුවෙන් කඩේ යනවා විතරයි.
ලෝකයේ දියුණු රටවල. මැතිවරණයකට පෙර මාධ්‍ය හොඳයි.
ලෝකයේ දියුණු රටවල මැතිවරණයට පෙර මාධ්‍ය තමුන් ආධාරකරණ පක්ෂය හෝ පුද්ගලයා කවුද කියලා ජනතාවට දැනුම් දෙනවා.
රනිල් මහත්තයාගේ අයියගේ ටී.එන්.එල් චැනල් එක සජිත්ගේ මූණ තියා කොළපාට ගහක්වත් පෙන්වන්නේ නැහැ. පොහොට්ටු කාරයින්ට මුළු ප්‍රවෘත්ති විකාශන කාලයම වෙන්කරලා අන්තිම, අසාධාරණ වෙනස්කම් කිරීමක් තමයි එයාලා කරන්නේ...