(චන්ද්‍රසේන ගමගේ)
මැදමුලන මංසන්ධියේ පිහිටි උප තැපල් කාර්යාලය සොරු බිද ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
පසුගිය ඇදිරි නීතය ක්‍රියාත්මක වු කාලය තුළදි උප තැපල් කාර්යාලයේ ජනේලයක් ගලවා උප තැපල් කාර්යාලයට ඇතුළු වු සොරුකු එහි ඇති සේප්පුවද කඩන්නට උත්සාහ ගෙන ඇති බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.
ඇදිරි නීතිය අවසන් වූ අද (11) දින උප තැපල් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව උප තැපල් කාර්යාලයට සොරකු ඇතුළුවී ඇති බව එහි ගිය සේවකයින්ට දැක ගන්නට හැකි වි තිබේ.
තංගල්ල කොට්ඨාසයේ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් පැමිණ අද (11) සවස විමර්ශන සිදු කළ බවද සිද්ධිය සම්බන්ධයෙන් පොලීස් විමර්ශන ආරම්භ කර ඇති බවද දැන ගන්නට තිබේ.
මැදමුලන උප තැපල් කාර්යාලය පිහිටා ඇත්තේ ඩී .ඒ. රාජපක්ෂ කෞතුකාගාරයට ආසන්නයේ වන අතර ඊට නුදුරුව පොලිස් මුරපොලක්ද මේ දිනවල පිහිටුවා තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.