පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනකු මරා දමා ලබන අගෝස්තු පළමු වැනිදාට වසර පහක් ගතවීම නිමිත්තෙන් එම ගැටලුවේ ප්‍රගතිය ගැන විශේෂ සාකච්ඡාවක් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දි පැවැත්විණි.
සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඊට සහභාගී විය.
රතුපස්වල වෙඩි වැදුණු පුද්ගලයන්ට වන්දි ලබා දීම සිදු වුවද වෙනත් කිසිදු ක්‍රියාවලියක් සිදුවී නැතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන සහ පර්යේෂණ අධ්‍යක්ෂ වරයා ඉදිරියේ පැවැති එම සමාලෝචන රැස්වීමේදී ගම්වාසීහු පෙන්වා දුන්හ. වන්දි ලබා දීමේදී ද ඇතැම් පිරිස් වෙත වන්දි නොලැබුණු බවත්, පහරකෑ මාධ්‍යවේදීන්ට වන්දි ලැබුණත් අලාභ හානි වූ උපකරණ වෙනුවෙන් වන්දියක් ලබා නොදුන් බවත් ඔවුහු කීහ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් මූලික පරීක්ෂණ උසාවියක් පවත්වා බ්‍රිගේඩියර් ඇතුළු පිරිසක් වරදකරුවන් කළත් ඔවුන්ට එරෙහිව යුද අධිකරණයක් හෝ විනය ක්‍රියාමාර්ග කිසිත් ක්‍රියාමක නොවූ බව කී ගම්වාසීහු අවධාරණය කළේ තමන්ට බොරු නඩු දැමූ පොලිසියට එරෙහිව ද කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවයි.
මධ්‍යම පරිසර අධිකාරියද වරින් වර පරස්පර වාර්තා ලබා දී ඇති බව එම වාර්තා ගෙන හැර දක්වමින් පෙන්වා දුන් අතර ජල සම්පත් මණ්ඩලය ඇතුළු අනිකුත් ආයතන ද තම වගකීම් හරිහැටි ඉටු කර නැතැයි පෙන්වා දුන්හ.
අදාළ ආයතනවලින් ලිඛිත කරුණු දැක්වීමක් කැඳවා ඉන් පසු සියලු පාර්ශ්ව ගෙන්වා විමර්ශනය පවත්වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියයි.
2013 අගෝස්තු පළමු වැනි දා සිදු වූ වෙඩි තැබීමෙන් පාසල් සිසුහු දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් මිය ගියහ. තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.
2025 දෙසැම්බර් මස 04
161
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අවුරුදු පහක් යද්දී රතුපස්වල ගැන යළි විමසයි