IMG-LOGO

අස්වීමේ ලිපිය මේ සතියේ ජනපතිට - රතන හිමි

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති උපදේශක තනතුරින් ඉවත්වීමේ ලිපිය මේ සතියේදී ජනාධිපතිවරයාට යවන බව එජාප පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ‘‘ලංකාදීප‘‘ යට පැවැසූහ.

ජනාධිපති උපදේශක තනතුරින් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව ඉදිරීයේදී ජනාධිපතිවරයා පෞද්ගලිකව මුණගැසී කරුණු පැහැදිලි කර දීමට බලාපොරොත්තු වන බවද උන්වහන්සේ කීහ.

ජනාධිපති උපදේශක තනතුරින් ඉවත්වීමට ගත් තීරණය අතුරලියේ රතන හිමියන් පළමුවරට රටට දැනුම් දුන්නේ කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී ඉකුත් 28 වැනිදා පස්වරුවේ පැවැති ශ්‍රි ලංකා කාන්තා සංවර්ධන සමුපකාර සමිතියේ 30 වැනි සංවත්සර උත්සවයේදීය.

‘‘මගේ නමට ඉදිරියේ තනතුරක් තියෙනවා.ජනාධිපති උපදේශක කියලා.නමුත් මගෙන් ගත්තු උපදේශයක් නෑ.මට ලැජ්ජයි මගේ නම කියනකොට .ජනාධිපති උපදේශකකමට මින් ඉදිරියට මගේ සම්බන්ධයක් නෑ.‘‘ රතන හිමියෝ එහිදී එසේ පැවැසූහ.



අදහස් (12)

අස්වීමේ ලිපිය මේ සතියේ ජනපතිට - රතන හිමි

සතයපාල Monday, 30 July 2018 01:23 PM

හොඳ වෙලාවට කිසිම උපදේශයක් අරන් නැත්තේ... නැත්නම් මේවා පිස්සු ඩබල් වෙලා තියෙයි.

:       403       300

Raveendra Monday, 30 July 2018 01:36 PM

අවසරයි අපේ හමුදරුවනේ.. කෝච්චිය ගියාට පස්සේ දුම්රිය ස්ථානයට වැඩියට ප්‍රතිඵලයක් තියේවිද?

:       377       299

saliya Monday, 30 July 2018 01:40 PM

හාමුදුරුවනේ, උපදේශක කමක් දෙන්නේ, බාර ගන්නේ කුමක් හෝ විෂයයක ප්‍රවීනයෙක් වුනා ම නේද? කරන්න බැරි දේ බාර ගත්තෙත් අපිට කියලද?

:       247       93

SKA Monday, 30 July 2018 01:54 PM

දාම බේරගන්න ආඳා සංකල්පය දාලා ලිස්සනවා.

:       261       19

Buddika Monday, 30 July 2018 02:11 PM

නෑ... ඇත්තද? හිතාගන්නත් බැහැ. මේ දැන් ලංකාවේ මිනිස්සු මේ හාමුදුරුවන්ගේ අස්වීම ගන්න එපා කියලා පාරට බහීවි නේද? හරිම තීරණාත්මක සිද්ධියක්.. හාමුදුරුවනේ... අපේ උතුම් ආගම වෙනුවෙන් කඩේ ගියාට ජනතාව ඔබ වහන්සේ සමග හිඳීවි..

:       220       24

ravi Monday, 30 July 2018 03:16 PM

හරි හොඳ තීරණයක්... දැන් ඉතින් ඔබවහන්සේට පිනක්, දහමක් කරගෙන සැබෑ පැවිදි ජීවිතයට පිවිසෙන්න පුළුවනි නේ...

:       258       57

Thilina Monday, 30 July 2018 03:41 PM

පහුගිය අවුරුදු 3 ඇතුළත රටට අහිතකර කොතරම් තීන්දු තීරණ ගත්තද? එතකොට කොහෙද ඔබවහන්සේ හැංගිලා හිටියේ..? අන්තිම මොහොතේද මේවා මතක් වුනේ? අද රටට වෙලා තියෙන විනාශයට ඔබත් හවුල්කරුවෙක්...

:       359       181

sanath Monday, 30 July 2018 07:38 PM

අන්තිමට හරි... හරි තීරණයක් ගත්තු එක ලොකු දෙයක්....

:       0       0

mahinda Tuesday, 31 July 2018 04:09 AM

ඔය පැවදිකමත් මන්ත්‍රිකමත් දෙකම ඉල්ලා අස්කරගත්තා නම් අඩු තරමින් ශාසනයටවත් වැඩක් වේවී. තීරුබදු රහිත වාහනය විකුණා ගත්තා මන්ත්‍රින්ට හිමි සියලු දීමනා අරගන්න බොරුව ට බණ දේශනා කරනවා. ඔය පිං මන්ත්‍රි කම දුන්නේ එ.ජා.ප ජාතික ලැයිස්තුවෙන් නේද?

:       159       11

saman Tuesday, 31 July 2018 04:10 AM

එක හොඳයි සත පහක වැඩක් නැහැ

:       0       0

laky Tuesday, 31 July 2018 04:14 AM

මේක 2019 ජනාදිපතිවරණය ඉලක්කකල වැඩසටහනක හොද ආරම්භයක්. මේ පාර රැවටෙන්න එපා මේ ලණුවලට..

:       0       0

ranga Tuesday, 31 July 2018 07:30 AM

පන්සලට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්න දේශපාලනයට නම් එන්න එපා , මොන පැත්තට කරනම් ගහයිද දන්නේ නැහැනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 179 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 691 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1088 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site