IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


මින්නේරියේ නිවසක නයි පැටව් 22 ක්

(චාපා මධුභාෂිණී)


මින්නේරිය ජයන්තිපුර ප්‍රදේශයේ නිවසක සිටි  නයි පැටවුන්  විසිදෙදෙනකු  ගිරිතලේ වනජීවී පශූ වෛද්‍ය ඒකකයට බාරදීමෙන් අනතුරුව සෝමාවතිය ජාතික වනෝද්‍යානයට මුදා හළ  බව ගිරිතලේ පශු වෛද්‍ය සමීර කළිඟුආරචිචි මහතා  පැවසීය.


මෙම නිවසේ සිටි නයි පැටවුන් 14  දෙනකු ඊයේ (29) වැනි දින  නිවැසියන්ට හමු වී ඇති අතර අද (30 )තවත් නයි පැටවුන් 8  දෙනකු සිටියදී සොයාගෙන අනතුරුව පශු වෛද්‍ය කාර්යාලයට ඒ පිළිබඳව දැනුම් දීමෙන් පසු එම පැටවුන් නිවසින්  රැගෙන යාමට  පංශු වෛද්‍ය නිලධාරීන් කටයුතු කර තිබේ.


නිවසේදී නයි පැටවුන් හමු වු ස්ථානයේ  ඊට පෙර කුමන ආකාරයෙන් හෝ  බිත්තර තිබී ඒවා පිපිරී ගොස් මෙම නයි පැටවුන් එළියට එන්නට ඇතැයි නිවැසියන් සඳහන් කරයි.



අදහස් (13)

මින්නේරියේ නිවසක නයි පැටව් 22 ක්

Bamunuarachchi Sunday, 30 September 2018 02:37 PM

සිංහල කතාවක් තිබෙනවා දුටුතැන සර්පයා අතනාරිනු මෝඩයා කියලා. මේ කතාව මේ සිද්ධියට කොහොම ගැලපෙනවද මන්දා. මමත් මේ වනතුරු නයි 5 දෙනෙකු හා එක පොළඟෙකු උරග ලෝකයෙන් නිදහස් කිරීමේ කර්මය කර තිබෙනවා...

:       184       429

ඇත්ත සත්‍යපාල Monday, 01 October 2018 01:32 AM

"දුටුතැන සර්පයා අතනාරිනු " කියල තමයි කියන්න වෙන්නේ.

:       2       0

KrishMonday, 01 October 2018 05:47 AM

"විසඝෝර සර්පයා දැක නෑර මෝඩයා කියලා" පරණ කතාවක් දැන් අදාල වෙන්නේ නැහැ

:       0       3

chinthakaMonday, 01 October 2018 08:35 AM

මම හැමදාම එසැණට කියනවා වගේම අදත් කියන්නම්... නූගතුන්ට මෙවැනි තීරණයකට නිදහසේ අදහස් ඵල කිරීමට දීමෙන් සමාජයට වෙන්නේ අයහපතක්. එසැන බුද්ධිමත් පාඨකයින්ට දැනගැනීම පිණිස මම "බමුනුඅරච්චිගේ" නොදැනුවත් පාඨය ක්‍රමවත් කරන්නම්... මෙම පාඨය මුළුමනින්ම තේරුම් ගන්නේ නම් ජීවිතය හා ලෝකය පිළිබඳවත් යථාර්ථවාදීව දැකීමට උත්සුක වනවාට කිසිඳු සැකයක්‌ නැත. පාඨය මෙසේය... දෙරණ මත තුඹසය.... තුඹස තුළ නාගයා විස ඝෝර සර්පයා දැක නෑර මෝඩයා... තේරුම නම් දෙරණ හෙවත් පොළව තුඹසකි. තුඹස යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන කොටස්‌වලින් යුත් මේ පංචස්‌කන්ධයයි. ඒ තුඹස තුළ නාගයකු සිටියි. නාගයා තෘෂ්ණාවයි. විෂඝෝර සර්පයෙකු බදු තෘෂ්ණාව අත් නොහරින්නා මෝඩයෙකි. තෙරුවන් සරණයි..

:       0       124

BamunuarachchiMonday, 01 October 2018 11:38 PM

අටුවා ටීකා වල මොනවා සටහන් උනත් වචන වෙනස් උනත් කියවෙන අදහස එකම නේද. සර්පයා කියන සතා සතෙක් උනත් තෘෂ්ණාව උනත් දුටු විගස මරා දමන්න කියා නේද කියන්නේ.

:       1       0

ලසන්තFriday, 05 October 2018 11:30 AM

වම්මික සූත්‍රයේ දී නාගයා රහතන් වහන්සේට සමාන කරයි. සුමේධ නාගයකු දුටුවේය. ‘වහන්ස, නාගයෙකි, බමුණා මෙසේ කියයි. ‘නාගයා සිටීවා, නාගයා නොගටිව, නාගයාට නමස්කාර කරව“ නාගයා ජීවිතය නම්වූ තුඹස තුල සිටින සියලු කෙලෙස් නම්වූ වේයන් විනාශකර නැතිකර දමයි. නාගයා නම්වූ රහතන් වහන්සේට නමස්කාර කරව!

:       0       0

Nandalal DE SILVA - France Sunday, 30 September 2018 05:06 PM

ආසාවට ඇති කරන්න හදාගත්ත සුරතල් සත්තු පැටියන් මේ විදියට පැහැරගෙන යාම ඉවසන්න පුළුවන් කාටද? සමහරු නම් කියන්නේ විදේශ රටවලට අපනයන කර විශාල විනිමයක් රටට ගෙන්වා ගැනීමට කරපු උපාය මාර්ගයක් කියලයි... අනේ මන්දා !!!

:       0       0

sumith Monday, 01 October 2018 02:57 AM

ඒ ගමන නයි අරින්න ගත්ත වගේ

:       0       0

Bandara Monday, 01 October 2018 03:04 AM

මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි..... අපේ මිනිස්සු කොච්චර පිරිසිදුද..... ගෙවල් වටේ කැලෑව ..... ඒවා සුද්ද කරන්නේ නෑ..... කැලේ සත්තු ඔක්කොම ගෙදර .... දුප්පත්කම මේකට අදාල නෑ.... අපිට සතියට වරක් ගෙදර වත්ත සුද්ද කරන්න වෙන් කරගන්න බැරි ජාතියක්...... ඉතින් කොහොමද අපි දියුණු වෙන්නේ...

:       0       7

[email protected] Monday, 01 October 2018 03:25 AM

දසදහසක පමණ මිනිසුන් දරුවන් හෝ මීට වැඩි ප්‍රමාණයක් ඝාතනය කිරීමට මේ සත්වයින්ට හැකියාව ඇත. සෝමාවතිය බැහැදකින ජනතාව විමසිලිමත් විය යුතුව ඇත. විෂ දල කඩා නිදහස් කිරීම නුවණට හුරුයි.

:       0       0

janatha anura Monday, 01 October 2018 03:28 AM

දුටුතැන සර්පයා අතනාරිනු මෝඩයා ... ඔහේ කියන්නේ මක්කෙයි මේ "විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා" මේක කිව්වේ රන්ජන් විජේරත්න මහත්මයා ජේ.වී.පි. ය ගැන මාතර වැලිගමදී උසස් පොලිස් නිලධාරීන් ඉදිරියේ...

:       1       0

Samathasena A . Aluthgamage. Monday, 01 October 2018 06:56 AM

කුමන හෝ හේතුවක් නිසා හැපින්නට වෙලාවට එන්න බැරිවෙලා තියෙනවා. ආවානම් මේ පැටව් ටික මවගේ ආහාරය වෙනවා. සොබාදහම විසින්ම මේ සතුන්ගේ ප්‍රමාණය පාලනයකර තිබෙනවා. මවගේ කට දෙපැත්තෙන් යන පැටව් විතරයි බේරෙන්නේ... පසුගිය දිනෙක මාත් නයි පැටව් දෙදෙනෙකු ගෙනිහින් කැළයට දැම්මා. හිතවතෙකු මට කිවා ' කවදා හරි දවසක ඔය දෙන්නා ලොකුවෙලා ඔයාටම දෂ්ඨ කරන්න පුළුවන් නේද' කියා...? බුදුදහමට අනුව ඒ සතුන්ගේ ජීවිත බේරුවට එහෙම වෙන්නේ නැහැ. එහෙම වුණත් ඒ සතුන්ගේ ජීවත්වීමේ අයිතිය මං උදුරාගන්නේ නැහැ. ඝෝර සසරේ කිසියම් දිනෙක මාද මෙවන් සතෙක්වී ඉපදී සිටියා වෙන්නට පුළුවන් නේද?

:       0       96

BamunuarachchiMonday, 01 October 2018 11:43 PM

සමහරවිට සාරාසංක්‍ය කල්ප ලක්ෂයකට පෙර. හැබැයි පෘතුවියටත් එතරම් වයස නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site