IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


අනතුරුවලින් මියයන - ආබාධිත වන අයට දෙන වන්දි වැඩි කරයි

(මනෝජ් හර්ෂික)

රිය අනතුරුවලින් මිය යන, හප්පා පලාගිය හෝ ආබාධිත වුවන් සඳහා ලබාදෙන වන්දි මුදල ඉදිරියේ දී වැඩි කිරීමට රජය තීරණය කර ඇත.

වාහන රක්ෂණ සමාගම් සිය තුන්වැනි පාර්ශවයේ රක්ෂණවලින් ලබන ආදායමෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වෙත ප්‍රදානය කෙරෙන 1% ක් මේ වන විට 2% දක්වා වැඩිකර ඇති බැවින් රජය මෙම තීරණය ගෙන තිබේ.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ඉදිරියේ දී කොමිසන් සභාවක් බවට පත්කිරීම ද පියවර ගෙන ඇති අතර බස්රථවලට අමතරව පාසල් සේවා, කාර්යාල සේවා මෙන්ම ත්‍රිවීල් නියාමනය කිරීමටත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.

ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි.

‘මහමඟ අනතුරු අවම දේශයක්’මැයෙන් අද (14) මහවැලි කේන්ද්‍රයේ දී පැවැති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

 



අදහස් (4)

අනතුරුවලින් මියයන - ආබාධිත වන අයට දෙන වන්දි වැඩි කරයි

ravi Friday, 14 June 2019 10:50 AM

ඔව්, අතිවිශිෂ්ටයි...! මේ වන්දිවලට අවශ්‍ය මුදල්... මේ අනතුරු සිදුකළ අයගේ වත්කම් වලින් ලබාගත යුතුයි.. දියුණු රටවල්වල.. මාර්ගනීති කඩකරමින් සිදුවෙන අනතුරුවලදී.. වැරදිකරුවා විසින් ආබාධිතයින්ට ජීවිතාන්තය දක්වා.. විශ්‍රාම වැටුපක් ගෙවිය යුතුයි..

:       215       36

BamunuarachchiSunday, 16 June 2019 12:23 AM

කාගෙන්ද වන්දි ගන්නේ? ත්‍රීවීලර් කරුවෙකුගේ වරදින් අනතුරක් සිදුවී ත්‍රීවීලර්කරු සහ එහි සිටි මගීන් මරුණා නම් වන්දි ඉල්ලන්නේ කාගෙන්ද? තර්ඩ් පාටි රක්ෂණයක් තිබෙන්නේ මොකටද? වාහනයක් පාරට දමන්න අඩුම වශයෙන් තර්ඩ් පාටි රක්ෂණයක්වත් තිබිය යුතුය. වැඩිකරන වන්දිය ගන්නවෙන්නේ අදාළ රක්ෂණ සමාගමෙන්ය. වන්දිය වැඩිකළ ගමන් රක්ෂණ සමාගම් කාගේත් "ප්‍රිමියම්" එක වැඩිකරනු ඇත. වාහන තිබෙන සියලුදෙනාම මිනිසුන් ආබාධිත කරන අනතුරු කරන්නේ නැත. නමුත් සියලුදෙනාටම වැඩිපුර රක්ෂණ "ප්‍රිමියම්" මුදලක් ගෙවීමට සිදුවීම නිසා රක්ෂණ සමාගම් පොහොසත් වනු ඇත.

:       0       0

Raveendra Friday, 14 June 2019 11:10 AM

අප අදහස් කරනවා නීතියේ තිබෙන හිල් ගුල් වලින් රින්ගිමට නොහැකි ලෙස මෙවන් මගමරු රිදුරන්ට රියදුරු බලපත්‍ර තහනම් කිරීම, සිරගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉක්මණින් කළයුතු බවය. වංක නිලධාරීන්ද එම තනතුරුවලින් හැකි ඉක්මණින් පන්නා දැමිය යුතුයි.

:       0       99

සංජීව Saturday, 15 June 2019 05:26 AM

මගේ පියා මාර්ග අනතුරකින් මියගියා.. දැනට අවුරුදු 7 ක් නඩු කියනවා. දැනට අවුරුදු 2කට කලින් රියදුරු වැරදි 5 කින් 3 කට වරදකරු වුණා. මා ඇතුළු පවුලේ සියලුදෙනා පියා මියයනවිට රැකියාවක් කරගෙන ජීවත්වෙන මට්ටමට ඇවිත් සිටි නිසා හොඳයි. නැත්නම් අපිට වෙන්නේ හැමෝටම අතපාන්න. කෙනෙක් අනතුරකින් මිය ගියානම් ඒ වන්දිය දෙන්න මෙච්චර කල් ගන්නේ ඇයි? රජය කළ යුත්තේ සාධාරණය ඉෂ්ට කරන එක ඉක්මන් කරන එක.. එතකොට තමයි ඒ ලැබෙන වන්දි මුදලෙන් වින්දිතයන්ට යමක් සිද්ද වෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1104 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1128 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site