IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


වනාතවිල්ලුවේ ඉන්සී සමාගමට අයත් ඉඩම් වල අනවසර පවුල් 500 ක්

(විනීතා එම් ගමගේ)

සිමෙන්ති සංස්ථාව විසින් ඉන්සී සිමෙන්ති සමාගමට බදු දී ඇති වනාතවිල්ලුවේ අරුවක්කාරු ප්‍රදේශයේ රජයේ ඉඩම් අක්කර පන්දසකට අධික ප්‍රමාණයේ 500 කට ආසන්න පිරිසක් අනවසරයෙන් පදිංචිව ඇතැයි විශ්වාස කරන බව ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති නීතිඥ ගාමිණි ඒකනායක මහතා ප්‍රකාශ කළේය.

ඔවුන් සියලු දෙනා ඉවත් කිරීමට නීතිමය පියවර ගන්නා බවත් යළිත් කිසිවෙකුටත් අනවසරයෙන් එසේ පදිංචි වීමට නොහැකිවන පරිදි වැඩපිළිවෙලක් සකස් කරන බවත් ඒකනායක මහතා කියා සිටියේය.

රජයේ ඉඩම් අත් පත් කරගැනීමේ පනත යටතේ මහෙස්ත්‍රාත් උසාවියේ නඩුවක් පැවැරීමෙන් මෙම අනවසර  පිරිස් ඉවත් කළ හැකි වනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් සිමෙන්ති සමාගම සතු වගකීම් ද පැහැර හැර ඇතැයි පෙනී යන බව කී ඒකනායක මහතා සිමෙන්ති සංස්ථාව ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද කීය.

හුණුගල් කැණීම සඳහා 1980  දී සිමෙන්ති සමාගමට බදු දී ඇති මෙම ඉඩම් 1998 දී වසර 50 ක බද්දට යළිත් පවරා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

අනවසරයෙන් පදිංචිව සිටින්නන් කවුද යන්න පිළිබඳව මේ වනවිට අධ්‍යයනයක් සිදුකෙරමින් පවතින බවත් අනවසර පදිංචිකරුවන් හඳුනාගැනීමෙන් පසු ඔවුන් ඉවත් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව කී ඔහු මේ සම්බන්ධව කටයුතු කිරීම සඳහා ස්ථිර කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බව ද පැවැසීය.

ඒ අනුව ඉදිරියේ දී යම් අනවසර ඉදිකිරීමක් කරන අවස්ථාවක ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වීම එම කමිටුව විසින් කරනු ඇතැයි  ඒකනායක මහතා තවදුරටත් කියා සිටියේය.

සිමෙන්ති සංස්ථාවේ සභාපතිවරයා මේ අදහස් පළ කළේ මධ්‍යම පරිසර අධිකාරියේ අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

 

 

 

 



අදහස් (2)

වනාතවිල්ලුවේ ඉන්සී සමාගමට අයත් ඉඩම් වල අනවසර පවුල් 500 ක්

Akila Thursday, 10 September 2020 02:16 PM

දැන් ඉතින් ඔය කට්ටියව අයින් කරන්න ගියාම කියයි අපි අවුරුදු සිය ගණනක් තිස්සේ මෙතැන තමයි හිටියේ කියලා..

:       0       0

සමන්-ඕමානය Friday, 11 September 2020 03:33 AM

ඔය පළාතේ පසුගිය කාලයේ විශාල වශයෙන් සංවිධානාත්මකව ඉඩම් කොල්ලයක් සිදුවුණා. එක්තරා ජන කොට්ඨාශයක දේශපාලන හා ආගමික අනුග්‍රහයෙන්. මෙය විල්පත්තු වන සංහාරයට සමගාමීව කෙරුණු දෙයක්. එම රජය නිහඬව ඇස් කන් වසාගෙන එයට ඉඩදීගෙන සිටියා. මෙය වහාම නිවැරදි කළයුතුයි. ඔවුන් හට වෙනම නීතියක් නෑ. රටේ පොදු නීතියට ඔවුන් අවනත විය යුතුයි. ජනපතිතුමාගේ විශේෂ අවධානයට ලක්විය යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 632 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 831 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 358 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site