
(සුජිත් හේවාජුලිගේ)
ජනතාව අසීරුතාවයට පත්ව සිටින මේ මොහොතේදී සෑම පවුලකටම කොව්ඩ් පැතිරුණු සමයේදී ගෝඨාභය රජය දුන්නාසේ රුපියල් දස දහසක සහනාධාර මුදලක් දෙන ලෙස හිටපු අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.
එසේම රජයේ සේවකයන්ටද සහනාධාරයක් දෙන ලෙස ඉල්ලීම් කරන බව ඔහු ප්‍රකාශ කළේය.
මාස දෙකකට ඉන්ධන ප්‍රමාණවත්ව ඇති බවටත් භාණ්ඩාගාරයේ සල්ලි ඉතිරී පවතින බවටත් ප්‍රකාශ කර ඇති හෙයින් ජනතාවට සහනාධාර මුදලක් ලබාදීමට කිසිදු ගැටලුවක් නැතැයි ඔහු පෙන්වා දුන්නේය.
ගෝඨාභය රාජපක්ෂ සමයේදී කුමන දුෂ්කරතා තිබුණද ජනතාව පැත්තෙන් සිතා එවැනි සහනාධාරයක් දුන් බව චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභය රාජපක්ෂ සමයේදී අසූචි නැවකුත් ගෙනාව ...එහෙම එකකුත් ඕන ද ඔබතුමාට....?
සෑම පවුලකටම 10,000ක්? අපිට එහෙම එකක් හම්බුණේ නෑනේ. ඇහුවෙත් අදමයි. ජා ඇළ පැත්තේ හම්බෙච්ච කවුරුවත් ඉන්නවනං කියන්ඩ
මොනතරම් මෝඩ අදහසක්ද? උද්ධමන අනුපාතය ඉහළ යාමෙන් දුප්පතුන් තවත් දුෂ්කරතාවන්ට ඇද දැමීම හැර වෙන කිසිවක් එයින් විසඳෙන්නේ නැත. පැච් වැඩ කිසි විටෙකත් යටින් ඉරි ඇඳ ඇති හේතුව විසඳන්නේ නැත.
ඒ දහ දාහ දෙන්න අවශ්‍ය අරමුදල් සොයන්න බදු බර හෝ. ඉන්ධන මිල තව වැඩි කරන්න ඕන නේද?
මේ අයට හදවතක් තියෙනවද කියලවත් හිතන්න අමාරුයි. මේ අසීරු අවස්ථාවෙන් රටට ජාතියට සෙතක් වෙන්න.
හහ. සිතීමේ දුර්වලතා රෝගයක් වගේ.
මේ කිඹුල් කඳුළු හෙලන්නේ ජනතාව වෙනුවෙන් නොව. ජනතාව රජය කෙරෙහි අප්‍රසාදයට ලක් කොට රජය අස්ථාවර කොට බලය අල්ලාගන්නයි. රජය මහන්සිවී ආර්ථිකය තිරසාර විධියට කළමනාකරණය කරනවා බංකොලොත් කරපු අය ගෙදරටම වෙලා ඉන්න එකයි හොඳ.
ඉතිරි කරලා ගිය සල්ලි වලින් වෙන්ඩ ඇති. නයි රොටියා කොරෝනා කාලයේ ගසා කාපු බිලියන ගනං නැතුවයැ... හ. හ. හා.
සුපිරියක් තමා ඉතින් මේ මහාචාර්ය තුමා. කට ඇරියොත් ගෝටාබය.
මුට පිස්සු .ට්‍රම්ප් ට කියන්න
ඒයි, රාජපක්ෂලා ඉතිරු කරලා ගිය සල්ලිවලින්ද දෙන්නේ?