
(අංජුල මහික වීරරත්න)
සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් කරන්නට කිසිදු සූදානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
කොතරම් අය එළියේදී යෝජනා ඉදිරිපත් කළත් සහල් මිල පාලන මිල ඉවත් නොකරන බව ද අමාත්‍යවරයා කීය.
"ඔය රතු කැකුළුවල ප්‍රශ්නයක් තියෙනවා. ඇතැම් තැනක පෝලිමක් ආවොත් එන්නේ නාඩු සහලවල නෙමයි රතු කැකුළුවලට. ඉතින් රතු කැකුළු ප්‍රශ්නය විසඳන්න මේ කන්නයේ ගොයම් කැපෙනතුරු ඉන්න ඕනේ. සති දෙකකට ආසන්න කාලයකදී මේ රතු කැකුළු ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙනු ඇතැයිද අමාත්‍යවරයා කීය. මේ කන්නයේදී මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක රතු කැකුළු අස්වැන්නක් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතු කැකුළු නැතිව කවුද අම්මන්ඩියෙකුගේ උගුර තුවාල වෙලා කිව්ව රූප පෙට්ටිය.... ඔය කියන අය කලකට ඉහත ආනයනික හාල් කාලම නැතිව ඇතිද?නාඩගමේ හොඳම කෑලි..
අපට ආර්ථික වශයෙන් අමාරු වුණත් මාලිමාව යනු වැඩ බැරි දාසලාගේ එකතුවක් බව පෙන්වූ සහල්වලට ස්තුතියි.
ඔව්, මේකෙන් වාසි ගොඩක් තියෙනවානේ. එතකොට එතරම් ඒ වාසි ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඔය කරලා තියෙන්නේ . මිනිස්සු හැමදාම මැරුණත් තමන්ගේ මල්ල පිරවෙනවා නම්, අවුලක් නෑ, නේ!