
(ටී.කේ.ජී.කපිල)
රුපියල් තිස් හය ලක්ෂ හතලිස් පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Channel) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (10) දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .
ඔහු කුරුණෑගල , මාවතගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු අලුයම 02.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 20,700 ක් සහ විද්‍යුත් දුම්වැටි 36 ක් ද සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීවරුන් මොහු අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd