IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම එළිදැක්වේ

(යොහාන් භාසුර)

බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන පස් වසරක  පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්ම "හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම 2025-2030" එළිදැක්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ  ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම සැලැස්මේ පුනර්ජනනීය බලශක්ති  ක්‍රම හා ඩිජිටල් ක්‍රමෝපායන් හඳුනා ගැනීම, ඒවා කාර්යක්ෂම හා පරිසර හිතකාමී ලෙස භාවිතය, එම බලශක්ති ක්‍රම රටේ ආර්ථික ශක්තිය ඉහළ නංවාගන්නා ආකාරය පිළිබඳව කරුණු ඇතුළත් වේ.

අනාගතේ අපේ රට තුළ ශක්ති පරිවර්තනයක් සිදු කර  ශ්‍රී ලංකාව තිරසර බලශක්ති භාවිතය වෙත රැගෙන යන්න මූලිකත්වය ගෙන කටයුතු කරන්න  ලංකා විදුලි බලමණ්ඩලයත්, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්තිය අධිකාරියත් දායක වු බවත්

බලශක්තිය අමාත්‍යාංශය වසර පහක් සඳහා වටිනා ක්‍රියාකාරී සැලැස්ම "හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම 2025-2030"  ඉදිරිපත් කිරීම ගැන සතුටට පත්වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

මෙම අවස්ථාවට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි , නියෝජ්‍ය අමාත්‍යවරු වන එරංග වීරරත්න, ජනිත් රුවන් කොඩිතුවක්කු බලශක්තිය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල , විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.



අදහස් (1)

හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම එළිදැක්වේ

nipuna Friday, 28 February 2025 01:31 PM

හරිත බලශක්තිය ගැන උත්සව තිබුණට වැඩක් නෑ, අඩුගානෙ විදුලි වාහන, විදුලි යතුරුපැදි වෙනුවෙන් පොඩියට හරි බදු සහන දෙන්න තිබුණා.

:       2       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site