එකිනෙකට වෙනස් වර්ණ හා විවිධ හැඩයෙන් යුතුව විසිතුරු මල් ගොමුවක් මේ දිනවල ශ‍්‍රී ලංකාවේ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යායනයේ තොටුපලකන්ද ප‍්‍රදේශයේ හා ලෝකාන්තයේද බහුලවම දකින්නට ඇත. වසර දොළහකට පසුව පිපිණු මේ නෙලූ විශේෂ එකදේශීක හා ශ‍්‍රී ලංකාවට ආවේණික නෙලූ විශේෂයන් වන බව හල්දුම්මුල්ල ජාතික ආයුර්වේද ඖෂධ පර්යේෂණායතනය හා ඔසු උයන භාර නිලධාරී කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා කියයි.
ලංකාවේ මේ දිනවල මල් පිබිදී ඇති නෙලූශාක අතර සුදු කහ දම් ලාදම් පැහැ වර්ණ නෙලූ මල් ශාක සහ රත්පැහැති කඳෙන් යුතු දම් පැහැති මල් සහිත නෙලූමල්ශාකද බහුලවම දක්නට ඇතිබව සඳහන් කරන මාරසිංහ මහතා ඒපිළිබඳ මෙසේ විස්තර කළේය.
‘දුටුවන්ගේ නෙත් සිත් පුබුදුවන ශ්‍රී ලංකාවට ආවේණික සහ ඒකදේශීක නෙලූ විශේෂ කීපයක්ම මේ අතර තිබෙනවා” ඖෂධමය ගුණයෙන්ද යුක්තවන මේ විවිධ වර්ණ හා එකිනෙකට වෙනස් හැඩයෙන් යුතු නෙලූමල් වර්ග විශේෂ තිහක් පමණ ලංකාවේ ඇතිබව කිවහැකියි” මෙම නෙලූමල් හඳුන්වන පොදු නාමය වන්නේ leafy strobilanthes ලීෆි ස්ත්‍රොබිලන්තස් වෙයි” Acanthaceae ඇකැන්තාසියේ කුලයට අයත්වේ”
නෙලූමල් ශාකවල නෙලූමල් සහ එම ශාකයේ ශාකයේ කඳ පොතු ආයුර්වේද ඖෂධ වශයෙන් භාවිතා කරනවා” නමුත් එය ලංකාවේදී ඖෂධ ලෙස බහුලව භාවිතා වන්නේනෑ.
ලංකාවේ පිබිදී ඇති නෙලූ මල් පිලිබඳ උද්භිද විද්‍යාත්මක නාම සහිතව කෙටි විස්තරයක් සිදුකල හැකියි.
01Strobilanthes anceps ස්ත්‍රොබිලෙන්තස් ඇන්සිපීස් යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මල් බොහෝවිට සුදුපැහැතිය.
02 Strobilanthes Calycina ස්ත්‍රොබිලෙන්තස් කැලිසිනා උද්භිද විද්‍යාත්මක නාමයෙන් යුතු නෙලූ මල් කහ පැහැතිය.
03 Strobilanthes diandra var.densa- ස්ත්‍රොබිලෙන්තස් ඩයෙන්ඩ‍්‍රා වර් පපර්ලිස් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුවන්වන නෙලූ මල් දම්පැහැතිවේ.
04.Strobilanthes Flaccidifolius bright purple ස්ත්‍රොබිලෙන්තස් ප්ලැක්සිඩිෆෝලියස් බ‍්‍රයිට් පර්පල් යන උද්භිද විද්‍යාත්මක නාමය හඳුවන්නේ ශ‍්‍රිලංකාවට විදේශ රටවලින් හඳුන්වාදී ඇති නෙලූ විශේෂයකි.එය බොහෝවිට දීප්තිමත් දම් පැහැයක් ගනියි” මෙහි ප‍්‍රභේද ඉන්දියාවේද ඇත.
05 Strobilanthes hookeri ස්ත්‍රොබිලෙන්තස් හුකරි ලෙස උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අප රටේ නෙලූමල් විශේෂය සුදුපැහැතිය’
06.Strobilanthes Pulcherima –purple red stem ස්ත්‍රොබිලෙන්තස් පල්චරිමා පර්පල් රෙඞ් ස්ටීම් රතු කඳ සහිත දම්පැහති මල් ඇති ශාකයකි”
07.Strobilanthes Sexennis- Purple ස්ත්‍රොබිලෙන්තස් සෙක්සිනිස් පර්පල් යනුවෙන් හැඳින්වෙන උද්භිද විද්‍යා නාමය සහිත නෙලූමල් විශේෂය දම්පැහයක් ගනියි.
08.Strobilanthes Viscosa light purple ස්ත්‍රොබිලෙන්තස් විස්කොසා ලයිට් පර්පල් උද්භිද විද්‍යා නාමයෙන් හඳුන්වන්නේ ලාදම් පාට නෙලූමල් වර්ගයකි.
ඉහත සඳහන් නෙලූමල් ලංකාවේදී මෙවර දැකගතහැකිව තිබෙනවා” ඒවායින් ස්ත්‍රොබිලෙන්තස් ප්ලැක්සිඩිෆෝලියස් නෙලූමල් හැරෙන්නට අනිකුත් නෙලූමල් වර්ග සියල්ල ලංකාවට ආවේණික ඒකදේශික නෙලූමල් ශාකවෙයි” එසේ නෙලූමල් පිලිබඳ විස්තර කළ පියල් මාරසිංහ මහතා එම ශාකවල ස්වභාවය සම්බන්ධව පැහැදිලි කළේ මෙසේය”
‘ නෙලූමල් ශාක මනාව වැඩුණු පැලෑටි සහ හොඳින් වර්ධනයවූ කුඩා පඳුරු ලෙසින්ද ඇත. මෙවර හොර්ටන්තැන්නේ උදාවී තිබෙන්නේ වසර දොළහකට වරක් මල්පිපෙන අවස්ථාවයි. වසර හතකට වරක් වසර හතරකට වරක්ද සමහර නෙලූ මල් ශාකවල මල් හටගන්නවා.එසේ මල් පිබිදෙන සමයේ එකම යායක් සේ ඇස් මානයේ පහල බෑවුම සිට ඉහළදෙසට නොයෙක් පැහැයෙන් මල්පිබිදී ඉතා මනරම් දසුනක් දිස්වේ” නෙලූ මල් ශාකවල මල් පිබිදෙන කාලයේදී නෙලූමල් ශාක ඇති ප‍්‍රදේශයේ සෑම නෙලූ ශාකයකම එකවර මල් පිබිදී තිබෙනු දකින්නට ලැබීම සුවිශේෂයි”
ලෝකයේ අතිශය චමත්කාර දර්ශනයක් ලෙස අගය කළහැකි නේක වර්ණ සහ විවිධ හැඩැති නෙලූමල් සමූහයක් ලෙස පෙනෙන මේ සුන්දර දසුන හා සමානව චමත්කාරය දනවන දර්ශනයන් හිමාලය පෙදෙසේදී දැකගත හැකිවන්නේ වෙනත් මල් එකයායට පිපෙන සමයන්හිදියි” එසේ වුවද වසර දෙකකින් සහ වසරකට වරක් පිපෙන නෙලූමල්ද ඇත”
මෙය දේශීය විදේශීය සංචාරක පිරිස් පරිසරවේදීන්ගේ දහස් සංඛ්‍යාවකගේ අවධානයට යොමුවන ශ‍්‍රී ලංකාවේ ජෛවවිවිධත්යෙන් සපිරි ස්වාහාවික පාරිසරික වටිනාකම ඔපවත්වන අවස්ථාවක්” ලෝකයේ ඉන්දියාව මියන්මාරය මැඩගස්කරය වැනි ආසියානු කලාපීය රටවල Strobilanthes හෙවත් නෙලු මල්වල වෙනත් විවිධවූ ප‍්‍රභේද විශේෂ එකසිය තිහක් පමණ දක්නට ලැබෙනවා”
ආයුර්වේද වෛද්‍ය ප‍්‍රතිකාර වලදී මේ නෙලූ මල් හොඳින් අඹරා අක්‍ෂි අබාධ සඳහා ඇස්වටා බාහිර ආලේපයක් සේ භාවිතා කරනවා” ආයුර්වේද වෛද්‍ය ප‍්‍රතිකාරවලදී ඇස්වටා ග‍්‍රන්ථි ඉදිමීම ඇස් රතුවීම වැනි වෙනත් අක්‍ෂි ආබාධ අවස්ථාවලදී මෙසේ නෙලූ මල් අඹරා ආලේපකිරීම සිදුකරනු ලබනවා. දම්පැහැති මල් බොහෝවිට මේ සඳහා භාවිතාවනවා. එසේම නෙලූමල් ශාකවල කඳ පොතු අමුවෙන් අඹරා ගෙල ආශී‍්‍රත ග‍්‍රන්ථි ඉදිමුම තයිරොයිඞ් ග‍්‍රන්ථි ඉදිමීම වැනි අවස්ථාවල ඖෂධ වශයෙන් බාහිරව ආලේපනය කරනවා”
නෙලූ ශාකයේ මල් කඳපොතු ඖෂධ ලෙස භාවිතය බාහිර ආලේපනයෙන් පමණක් දැනට සිදුවන්නේ. මේවනවිට ලංකාවේදී නෙලූ දේශීය ඔසුවක් සේ භාවිතය භාවිතාවන්නේ අවම වශයෙන් . ඒ පිළිබඳ ආයුර්වේද පර්යේෂණ සිදුවෙමින් පවති. ගුණදායක ඖෂධයක් ලෙස භාවිතය පහසුවන සේ නෙලූ මල් හා කඳ පොතු කොටස් යොදා ක‍්‍රීම් වර්ගයන් හැටියට නිෂ්පාදනය කරන්නේනම් කල්තබාගතහැකිවනවා” බහුලව ඔසු වශයෙන් භාවිතයේ නොවන්නේ වසර දොළහක් තරම් දිගුකලක් නෙලූ මල් පිපෙන සමය උදාවීමට කල්ගතවන බැවින්ද වියහැකියි”
වසර කීපයකට වරක් පිපෙන හෙයින් කෘෂිකාර්මික වගාවක් ලෙස නිෂ්පාදනයේ කාලපමාව ඇති නෙලූශාකයෙන් ඔසු නිෂ්පාදනය සේම සත්ව අහාරයක් සේ භාවිතය පිළිබඳ පර්යේෂණාත්මකව කටයුතු කිරීම අවශ්‍යයි” කාලාන්තරයකින් උදාවන මේ අවස්ථාව ආර්ථික වශයෙන් සංචාරක කර්මාන්තයට වාසිදායක තත්වයක් සේම ඔසු නිෂ්පාදනය සහ සත්ව ආහාර සෙයින් භාවිතය සම්බන්ධවද අවධානය යොමුවිය යුතුය.
මේ ශාකවල මල් පිබිදෙන සමයදී පිපිණු මල් මාස තුනක් පමණ පවතිනවා” මල් හටගැනීමෙන් පසුව ශාකයේ මලෙන් හටගන්නා ඵලය හෙවත් ගෙඩිවල ඇතිබීජ මගින් ව්‍යාප්තව පැල රෝණය සිදුවනවා” ඵලයේ බීජ සුළගේ විසරීයාමෙන් කුඩා පැල රෝපණය හා ව්‍යාප්තිය සිදුවනවා”
මේ නෙලූ බීජ හෙවත් ඇට වලිකුකුලන්ගේ රසවත් ආහාරයක්. ඒ පිළිබඳ ජනප‍්‍රවාදයක් තිබෙනවා.වලිකුකුලන් තම සතුරන් ගැන පවා හැඟීමක් නැතිව නෙලූ ඇට අහාරයට ගනිමින් රසවිඳිනවා. ශ‍්‍රී ලංකාවේ ජාතික පක්‍ෂියා වන වලි කුකුළා ආරක්‍ෂා කළයුතුයි. මේ නෙලූ ඇට වලිකුකුලන්ට කෙතරම් රසවත්ද කීවොත් ඔවුන් නෙලූ ඇට භුක්තිවිඳිමින්ම ඉතා පහසුවෙන් තම සතුරන් වන කොළ දිවියන් හිවලූන් වැනි වෙනත් සතුන්ගේ ගොදුරුබවට පත්ව ජීවිතක්‍ෂයට පත්වනනේය.
ජනප‍්‍රවාදයෙන් කියවෙන්නේ නෙලූ ඇට වලිකුකුලන් අහාරයට ගත්පසුව වලිකුකුලන්ගේ ඇස්රතුවී අභ්‍යන්තරවශයෙන් හානි සිදුවන නිසා වලි කුකුළන් පියාසර කරනවිට කඳු ප‍්‍රදේශවල ගැටී මියයන බවයි. ඒ පිළිබඳ සොයාබැලිය යුතුය. එය නිශ්චිතවම කිවනොහැකියි.
මේ කාලසීමාවේ ලංකාවේ ප‍්‍රධාන වශයෙන්ම හෝර්ටන්තැන්න ජාතික උද්‍යනයේ මාර්ගය දෙපසද තොටුපලකන්ද ප‍්‍රදෙශයෙද් ලොකාන්තයේද සුදු දම් කහ රෝසපැහැති නෙලූ මල් උඩුවියන් පලසක් සේ දකින්නට ඇත. නකල්ස් කඳුවැටිය ආශ‍්‍රිතවද නෙක නෙක පැහැයෙන් පිපී විවිධ හැඩ ඇති නෙලූ මලින් සැදුණ සොඳුරු දසුන දැකගත හැක.
මේ චමත්කාරය නරඹන්නට පැමිණෙන දේශීය විදේශීය සංචාරකයන් සොබාදහමින් දයාද කළ මේ සොඳුරු දසුන දැකබලා රස විඳියි” ඇතැම් කඳුකර ප‍්‍රදේශවල ගෙවතුවල සංචාරක නිකේතන වැනි ස්ථානවලද නෙලූමල් දක්නට ඇත.
නමුත් මේ චමත්කාරය නැවත දකින්නට වරම් ලබන්නට නම් වසර 2024 වන තෙක් මේ සොඳුරු පරිසරය ජෛවවිවිධත්වයට හානි නොවනසේ ක‍්‍රියාකළ යුතුවනවා” පොලිතීන් වැනි පරිසර හානිකර දිරාපත් නොවන අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීමද නොකලයුතුය” ඒ සඳහා පරිසරය පිළිබඳ දැනුවත් විය යුතුයි” පරිසරයට සංවේදී වියයුතු බවද මෙහිදී කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා පැවසුවේය”
නෙලූ මල් පිපිණු අසිරිය නරඹන්නට ශ‍්‍රිලංකාවේ උතුරුදෙසින් එන්නවුන් අඹේවෙල පට්ටිපොල මාර්ගය හරහාද පට්ටිපොල ඔහිය මාර්ගය ඔස්සේ දකුණින් පැමිණෙන සංචාරක පිරිසද සඳහාද විවෘතව පවතින ප‍්‍රධාන මාර්ගයන්ය” මෙම මාර්ග දෙකෙන්ම ලෝක උරුමයක් වන හෝරටන්තැන්න ජාතික වනෝද්‍යායනය වෙත පිවිස නෙලූමල් අසිරිය හා තවත් බොහෝ දුර්ලභ ආවේණික සත්ව හා ශාක විශේෂ දැක දැනහැඳින ගන්නට හැකිවේ”
නෙලූ මල් පිළිබඳ අපකල විමසුමදී කරුණු ඉදිරිපත් කරමින් අප දැනුවත් කළ හල්දුම්මුල්ල ජාතික ආයුර්වේද ඖෂධ පර්යේෂණායතනය ස්ථානභාර නිලධාරී කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතාට අපගේ සුවිශේෂි ස්තුතිය පිරිනැමේ” නෙලූමල් ඡායාරූප ලබාගැනීමේදී සහයදැක්වූ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සුමේධා අබේසේකර මහත්මියටත් වෘත්තීය ඡායාරූප ශීල්පී චන්දික විජේරත්න මහතාටත් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කසුන් මාතර ආරච්චි අරුණ නිශ්ශංක මහත්වරුන්ටද අපගේ ගෞරව ප‍්‍රණාම ස්තුතිය පිරිනැමේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඇති මෙවැනි සම්පත් අප රැක ගත යුතුයි. (ස)
හරිම ලස්සනයි. ස්තූතියි ඔයාලට ලස්සන තොරතුරක්. (ස)
සකුරා මල් පිපෙන ජපානය වගේ හැගීමක් දැනෙන්නේ....මේවගේ තැනක නිවාඩුවක් ගත කරන්න ගිහින් රෑට කූඩාරමක් අටවගෙන ඉන්න තියෙනවනම් ඊට වඩා සතුටක් නෑ මට නම්. රෑට එලි මහනේ ඉදන් පොඩි කට ගැස්මක් හදාගෙන පොඩ්ඩක් සෙට් වෙන්න තියෙනව නම් කොහොමද...?හපෝ ඒත් මෙ නොඉදුල් වනාන්තරේ විනාස කරන්න යන් නෑ.... දැන් ඉතින් මට බැනලා අදහස් දාන්න. ලංකාදීප මගේ අදහස වෙනස් කරන්න එපා.මං මේ දන්නේ නැති නිසා අහන්නේ අපේ වරුන කෝ....?මෙක මෙහෙමම පල කරන්න.වරුනට මොනා වෙලාද කියල දැන ගන්න ඕන මට(නදී)
නියමයි! (නදී)
මගේ මවු බිම හරිම ලස්සනයි.(නදී)
සිරිපාල,එන්නකෝ අපේ වැල්ලට...සීත සුළගේ, මාලු බැදුමට තව මොනවද ඕනෑ? (නි)
හරිම ලස්සන දර්ශනයක් (නදී)
අපේ රට ලස්සනයි. එහෙත් සංචාරකයන් සඳහා පහසුකම් ප්‍රමාණ වත් නෑ අනිත් රටවල් සමග සංසන්දනය කරනවිට. අනික අපේ මිනිස්සු ලෝක උරුමයන් රැකගන්න උත්සහ කරනවා. උදා: අනවිලුන්දව වැනි ස්ථාන.(නදී)
රත්න දීප ජන්ම භූමි , ලංකාදීප විජය භූමි , මේ අපේ උදාර වු මාතෘ භූමියයි ,(නදී)
මගේ රටට දළදා හිමි සරණයි! ලන්කාදිපට ගොඩක් ස්තුතියි!(නදී)
මගේ රටට දළදා හිමි සරණයි! (නදී)
හරිම ලස්සනයි. මේ වගේම මල් වර්ග කිහිපයක් මම මාර්ටිනික් වලදී සහ ප්‍රංශ මල් වගාවකදී දැකලා පුරුදුයි. එත් හරියටම මේ මල් වර්ගයමද කියන්න දන්නේ නැහැ.(නදී)
තුන් වෙනි පින්තුරයේ පේන මල් හරියට ඇපල් මල් වගේ. අපේ පරිසරය ආරක්ෂා කරගන්න පරිසර වේදීන් විතරක් සංවේදී වෙලා මදි අපි හැමෝම සංවේදී උනොත් තමයි අපේ පරිසරය රැකෙන්නේ. (නදී)
මේ සුන්දරත්වය අපේ රටේමද ! අදහන්නට බැහැ රට ගැන හැගීමක් ඇති කලාට ඔබට ස්තුතියි (දී)
පේනවා නේද අපේ රටේ අසිරිය. දේශපාලුවනේ රට විනාශ කිරීමට උල් පන්දම් නොදීපල්ලා.(නදී)
ලිපියත් හොදයි. පින්තූරත් හොදයි.(නදී)
මෙවැනි ලිපියක් ඉදිරිපත් කිරීම ගැන අප්සරාටත්, ලංකාදීපයටත්, කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතාටත් ස්වභාව ධර්මයට ආදරය කරන හැමෝගෙම ස්තුතිය හිමිවෙනවා. එත් මේ ලිපියෙන් "කල දුටු කල වල ඉහින" උදවිය කොහොම ප්‍රයෝජන ගනීද දන්නේ නැහැ.(නදී)
මේක කලෙකින් කියවපු නියම ලිපියක්. මගේ හදපිරි සතුට. කියවනකොට ඇත්තටම ආසා හිතෙනවා. මම නුවර එලියේ ඉන්නේ හෙටම යන්න හිතෙනවා . ඒත් මේ දවස්වල හොදටම වහිනවා මීදුමත් වැඩියි. මේ වගේ තව කොච්චර දේවල් රටේ තියනවද නමුත් මේවා ආරක්ෂාකරන එකට වඩා මේවා නාස්ති කරන එක තමයි කරන්නේ. සමහර විදේශිකයෝ මේවා බලන්න එන්නේ අපට ආදරේට නම් නෙවෙයි. මේ වගේ ජාන කොල්ල කන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා . හොර්ටන් තැන්නේ තව ගොඩක් සුන්දර තැන් තියනවා . සමහර තැන්වලට ගිහාම එන්න හිතෙන්නේවත් නැහැ. අපේ සමහර අය මේක බලන්න ගියාට යන්නේ මොකටද කියලවත් දන්නේ නැහැ . යන්නේ ට්‍රිප් එකක් විතරයි. අපේ සමහරු වලි කුකුළාත් මරාගෙන කන අය. ලගදී දවසක දැක්ක බලංගොඩ පැත්තේ නාගස් මැරීගෙන යනවා කියලා. 2014 කෙසේ වෙතත් තව මාසේකින් කියයි ද දන්නේ නෑ නෙලූ ශාක කිසියම් විෂක් නිසා මැරිලා කියලා. (නදී)
බොහොම ලස්සනයි , ඒත් ඉන්දියාව මේකට අයිතිවාසිකම් කියන්න ඒවිද ? හිමාලේ යායක් හෝර්ටන් තැන්නේ කියන නිසා.(නදී)
මට නම් අපේ රට තරම් මොන රටක්වත් ලස්සන නැහැ.(නදී)
මගේ ලක් මෑණියන් හරි පින්කාරයි.(නදී)
යන්තම් ඇති . අමුඩ සංදර්ශනයක් දැකලා ඔලුව අවුල් පිළිකුල් වෙලා තිබුනේ. මේ සුන්දර ස්වභාවික මල් සංදර්ශනය මගේ සියලු රෝග නිවාරණය කරයි. සියලුම සත්වයෝ මේ මේ ලස්සන පරිසරයේ පිහිටෙන් නිදුක් නිරෝගී වෙවා. (නදී)
ඔය ලස්සනයි කියල කියන අයම තමයි මේවා වනසන්නේ.(නදී)
හරි සතුටුයි, ඉන්දියාවට යන්න ඕනේ නැහැ ලංකාවේදී අත්විඳින්න පුළුවන් වාසනාවන්ත රට.(නදී)
මේ රට මගේ රට මා ඉපදුනු රට.(නදී)
දුක හිතෙනවා මෙච්චර ලස්සන රටට වෙලා තියෙන දේ දැක්කම.(නදී)
වාසනාවන් මාතෘභූමී. මෙවන් පුංචි රට වාසනාවන්.(නදී)
රංජිත් මම ඔයත් එක්ක එකගයි. හුගක් අය ලස්සනයි. ඒත් හදවත ලස්සන නැහැ සිරිපාල ගේ අදහස ටිකක් අවුල් උනාට මම හිතනවා සිරිපාලට හොද හදවතක් තියනවා කියලා. එක උදාහරණයක් දෙන්නම් සමහර පාරේ යන වාහන වල ලොකුවට ගහල තියනවා . ශ්‍රීලංකාව බුදුන්ගේ දේශයයි කියලා. ඒ වගේ වාහන චේක් කලොත් මොනවා හරි නීති විරෝදී වැඩක් හෝ දෙයකට සම්බන්ධයක් තියනවා.(නදී)
මට මතක් උනා අර ඇපල් මලක් වගේ සින්දුව. නෙලූ මලක් වගේ ලස්සනයි කිව නම් හොඳයි. ඇයි නැවත දකින්න ලැබෙන්නේ මොනතරම් කාලයකට පසුවද?? (ස)
ගහ කොළ මල් ----බලා සිටින්නේ......... යුක්තිය යුතුකම???? (ස)
මගේ රටට දළඳා හිමි සරණයි! මගේ දැයට දළඳා හිමි සරණයි!! (ස)
ඉතාමත් හොද ලිපියක් (නි)
ගොඩක් ලස්සනයි.ඉතාම වැදගත් ලිපියක්. ලංකාදීපය, ඔබට බොහෝ ස්තූතියි. (ස)
ශ්රී ලංකාව ජෛව විවිධත්වය අතින් ඉතාමත් සුවිශේෂී රටක්. මෙම පරිසරය කොතරම් සුන්දරද? අප්සරා, ඔබට ස්තුතියි (නි)
මේ ලිපිය ලංකාදීප පුවත්පතේ පළකරන්න. ලිපියත් හොදයි පින්තූරත් හොදයි. ලිපියේ කරුණු වලින් බොහෝ දේ දැනගන්න ලැබුණා. එය ප්‍රයෝජනවත්. (නි)
මට නම් අපේ රට තරම් මොන රටක්වත් ලස්සන නැහැ. (ස)
ඉතාමත් හොද ලිපියක්.ඡායාරූපයත් හරිම ලස්සනයි.අපේ රටේ ගොඩක් ලස්සන ජෛව විවිධත්වයෙන් යුතු පරිසරයක් තිබෙනවා.මෙම ලිපියෙන් තොරතුරු දැන ගන්නට ලැබීම ගැන ලංකාදීපයටත්, අප්සරාටත්,පියල් මාරසිංහ මහතාටත් ගොඩක් ස්තුතියි (නි)
මේ රට මගේ රට මා ඉපදුනු රට හැදෙන වැඩෙන රට මගේම මවු රට... අප්සරා යෝසිත් විජේසූරිය, ඔබට බොහොම ස්තුති කරමි. (ස)
හරිම ලස්සනයි. ආශ්චර්යක් ! මේ වගේ කලිනුත් තිබුනද ? දැකලා නම් නැහැ. ඒ උනාට හරිම පුදුමයි. (ස)
ඉතා වැදගත් ලිපියකි. අප නොදන්නා බොහෝ කරුණු අඩංගුව ඇත. (ස)
හැබැයි හෝර්ටන් තැන්නට යන්නට යන ගාණ පොඩ්ඩක් වැදී වගේ නේද. මොකද ඔයාලා හිතෙන්නේ ඒ ගැන. (ස)
සුන්දර සිරි බරිනි ... සුරැඳි අති සෝබමාන ලංකා..... ධාන්‍ය ධනය නෙක මල් පළතුරු පිරි ජය භූමිය රම්‍යා.... ලෝකයේ අති සුන්දර රට ලංකාවයි (නි)
රත්න දීප ජන්ම භූමි, ලංකාදීප විජය භූමි, මේ අපේ උදාර වු මාතෘ භූමියයි. (ස)
හරිම ලස්සන ඡායාරූප ටික. මගේ රට හරිම ලස්සනයි (නි)
කරුණාකර මෙම ලිපිය ඉරිදා ලංකාදීප පුවත්පතේ පලකරන්න. ගොඩක් දෙනෙකුට වැදගත් වේවි.(නදී)
හෝර්ටන් තැන්නේ ඉඩම් කොටස් කර ලොකු ව්‍යාපාරිකයන් අතර බෙදාදී මේ මල් තවත් වගා කොට අරාබිය ඇතුළු මල් නැති රටවල්වලට යවන ව්‍යාපාරයක් අරඹන්න කාටවත් හිතුණේ නැද්ද දන්නෙ නැහැ තවම (නි)
මගේ රටට දළදා හිමි සරණයි,,,,,! හරිම ලස්සන දර්ශනයක් (නි)
මෙයයි අපේ ලංකා (නි)
මෙවැනි සුන්දර වනාන්තර තව අවුරුදු කීයක් අපේ රටේ තිබේවිද මම දන්නේ නැහැ. (නි)
වලපනේ ,හරස්බැද්ද නෙලුගහ ප්‍රදේශයේ මෙම ආකාරයටම මෙම මල් තියෙනවා. (ස)
කවදාවත් අසා නැති තොරතුරක් දකින්න ලැබුණට ස්තූතියි. මේ මල් පිපිලා පරවෙන්න කොච්චර කාලයක් යනවද?සුවදක් නැද්ද? (නි)
මගේ රට මට ආඩම්බරයක්!පුදුම ලස්සනක්. අවාසනාවකට මේ රටින් ඈතට මට යන්න වෙලා, මේ ලස්සන දැකගන්න අවස්ථාවක් නැහැ (නි)
මේ මගේ රටයි(දිල්)
ජය ශ්‍රී ශ්‍රී ලංකා (දිල්)
මේ මල් තව කොච්චර දවස් තියෙනවද කියල කියනවද?(දිල්)
ඉතාම වටිනා ලිපියක්.. අපේ රටේ අලංකාරය විස්තර කිරීමට වෙනත් රටවල් වල උදාහරණ යොදා ගැනීම අවශ්‍ය නෑ කියලයි මට හිතෙන්නේ(දිල්)
අපි ඉන්නේ ලංකාවේ නෙමෙයි.මෙහෙම දකිනකොට හිතට ලොකු සතුටක් ආඩම්බරයක් දැනෙනවා. හරිම ලස්සනයි.(නදී)
දයා අලහකෝන්, මේ මගෙත් රටයි, අපි සැවොගේම රටයි, එය රැකීම අප පරම යුතුකමයි....(නදී)
එක යායක මල් පීදුන බිම් තීරේ .... පාර දිගේ කනින් කනට කොදුර කොදුර ඔබයි මමයි විතරයි හිටියේ .... (නි)