IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘

(ලසන්ත නිරෝෂණ පෙරේරා )

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ්‍රිපාදස්ථාණාධිපති ඌව වෙල්ලස්ස ව්ශ්ව ව්ද්‍යාලයේ කුලපති රතනපුර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසුහ.

එසේ නොමතිව අවාරයේ සිරිපා වන්දනා කිරිම සුදුසු නොවෙන බව ද   ධම්මදින්න නාහිමියෝ පැවසුහ.

2024/2025 ශ්‍රී පාද වන්දනා වාරය අවසන් කිරිමේ චාරිත්‍රනුකුල ආගමික උත්සවය සංවිධානය කිරිම ගැන රතනපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍ය්ලයේ පසුගියදා පැවති සාකච්ඡාවකදි උන් වහන්සේ මේ බව සදහන් කළහ.

මෙවර 2024, සහ 2025 ශ්‍රිපාද වන්දනාවාරය අවසන් කරමින් සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහර  වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙන් පසුදින අති උතුම් ගෞතම ශ්‍රී පාදස්ථානයේ සිට පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරය වෙත වැඩම කරවීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවත්විණ.

ශ්‍රිපාද වන්දනාවාරය සිදු නොවෙන මාස හයක කාලය එළඹෙණ වෙසක් පුර පොහොදා සිට ආරම්භ වේ.

එම අවාරයේ ඇතැම් පුද්ගලයන් ශ්‍රී පාදය වෙත පැමිණීම පිළිබඳ විශේෂ අවධානයක් මෙම සාකච්ඡවේදි යොමුවිය.

ඒ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී පාදස්ථානාධිපති  බෙංගමුවේ ධම්මදින්න නා හිමියන් පැවසූවේ ශ්‍රී පාද වන්දනා වාරය සෑම වර්ෂයකම දෙසැම්බර් මස යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දින ආරම්භ වී ඊළග වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහොය දින දක්වා පැවැත්වෙන බවයි.

සෑම වසරකම වෙසක් පොහොය දිනෙන් පසු එම වර්ෂයේ එළඹෙන දෙසැම්බර් මස පොහොය දිනය දක්වා ශ්‍රී පාද වන්දනාවේ අවාරය ලෙස දුරාතිතයේ පටන් පැවතගෙන එන බවයි.



අදහස් (10)

‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘

සකියම Tuesday, 22 April 2025 05:13 PM

ලංකාවේ ඉන්න කාලෙ තුන්වරක් අවාරයේ සමනළ කන්ද තරනය කල කෙනෙක් විදිහට, වර්ථමානයේ යන්න කැමැති අයට තහනම් කරන්න මේ ගණයින්ට තියෙන අයිතිය මොකක්ද? සමනළ කන්ද කියන්නේ ශ්‍රී ලාංකීය ජනතාවට අයිති දෙයක්. එහෙම නැතුව කිසිම ආගමකට, ජාතියකට ආණ්ඩුවකට අයත් දෙයක් නෙමේ. මේ විදිහට බලනකොට කොහේ හරි තැනක පන්සලක්/ දේවස්ථානයක් අටවා ගත්තොත් එතැනට යන්න අවසර ගන්න වුවමනා කියන එකද? අවාරයේ සමනළ කන්ද තරණය කළ අය දන්නවා ඒ කාලයේ දකින පරිසරයේ සුන්දරත්වය සිරිපා වාරයේදී දකින්න බෑ. එහෙම තහංචි දානවා නම් ඉස්සෙල්ලම දාන්න ඕන ඔය ගණින්නාන්සෙලාගේ අවසරය පිට අවාරයේ උඩ ඉන්න අයට. ගිය වෙලාවෙ ඉඳලා 'අරක්කු තියෙනවාද? සිගරට් තියෙනවාද?' කිය කියා පස්සෙන් එන්නේ. අනෙක, වාරයේ යන බැතිමතුන් වගේ නෙමේ, අවාරයේ යන්නේ පරිසරය, ස්ථානය ගැන හොඳ අවබෝධයක් තියෙන අය. කිසිම දවසක ප්ලාස්ටික් කෑල්ලක් දාලා එන්නේ නැති අය. මේ වගේ ආගම පාලනය කරන රටක ඉපදීමම ලාංකිකයින් විදිහට පුදුම අවාසනාවන්ත තත්ත්වයක්. ආගම නැතුව නීතිය විසින් පාලනය වෙන සුන්දර ලංකාවක් කවදා දකින්නද?

:       17       32

ඉන්ද්‍රජිත්Tuesday, 22 April 2025 06:05 PM

ඒකට තමයි වාරෙ අවාරේ කියලා 2 තියෙන්නේ. ඒක තමයි සම්ප්‍රදාය. සිරිපාදේ මිනිසුන්ට විතරක් අයිති දෙයක් නෙමෙයි. මිනිස්සු ගිහින් ගිහින් පරිසරය විනාශ කරපු මාස 06 පස්සේ නැවත පරිසරය යථා තත්වයට පත් වෙන්න තමයි අවාරෙ කාලය තියෙන්නේ. සත්තු නිදහසේ ඉන්නේ ඒ මාස 06. අවාරේ සිරිපා සීමා කරන එක ගොඩාක් හොඳයි.

:       2       7

සමන් - ඕමානයTuesday, 22 April 2025 10:47 PM

ඔය අදහස් දැමු "සකියම" මොන ආගමිකයෙක්ද දන්නේ නෑ. එය මොකක් වුනත්, බෞද්ධ පූජ්‍ය පක්ෂයට ඔහොම "ගනින්නාන්සේලා" යයි අවමාන කරන එක සම්පුර්ණයෙන් වැරදියි. ඔය විදිහට කතෝලික පුජක තුමෙකුට හෝ මුස්ලිම් පුජක වරයෙකුට ගරහනවාද? මොකක්ද මේ අධමයින්ගේ අරමුණ, මේ විදිහට බෞද්ධ ආගමට, බොදු සිරිත් වලට ගරහන්න? ශ්‍රී පාද කන්ද බෞද්ධ පුදබිමක්. එහි කිසියම් පිළිවෙතක් ඇතිනම් එයට ගරු කල යුතුයි. අනුගමනය කල යුතුයි. වතිකානුව, මක්කම ඉන්දියාවේ රන් දෙවොල ගැන මූ අහලාවත් නැද්ද? මේකා මැද පෙරදිග රටකදී මුස්ලිම් පල්ලියකට, පුජක වරයෙකුට ඔය වගේ අපහාස කලානම් මුගේ බෙල්ල කපලා මරා දානවා. ලංකාවේ නීති එහෙම දරුණු නැති වුනත්, ඔය කරන අපහාස වලට මේ මිනිහාට ස්වභාව ධර්මයා දඬුවම් දෙයි.

:       4       11

B Amarasinghe Tuesday, 22 April 2025 05:22 PM

මමත් අවාරේ සිරිපාදේ ගිහින් තියෙනවා. දැනට අවුරුදු විසි පහකට විතර කලින්. මට තේරෙන්නේ නෑ ඇයි එහෙම සීමාවක් පනවන්නේ කියලා? අවාර්ව්ව් සෙනග අඩු වුණාම හරි පහසුයි. රෑ හතට නැග්ගොත් ඉර සේවයත් බලලා උදේ 7ට නල්ලතන්නියට එන්නත් පුළුවන්.. අනික තෝරාගත්තු අයට යන්න දෙනවාලු. මේක අසාධාරණයි...!

:       5       25

Andy Tuesday, 22 April 2025 05:57 PM

සිරිපාදේ තියෙන්නේ සමනල අඩවියේ බවත්, සමනල අඩවිය පාලනය කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බවත් දන්නේ නැතුව ඇති. එයා දන්නේ ඉතිං වාරෙට ඇවිල්ලා කෝටි ගණන් සල්ලි පොදි ගහගෙන යන්න විතරයි. සත පහක් දෙන්නේ නෑ පරිසර විනාශය වළක්වන්න හෝ සංරක්ෂණය කරන්න. සැබෑ පරිසරය විඳින්න ඕනෑ නම් අවාරේ තමයි යන්න ඕනෑ.

:       2       23

sam Tuesday, 22 April 2025 06:00 PM

ලංකාවේ එහෙම තමයි. දළදාව පෙන්නන්නේ සෑහෙන කාලෙකට වරක්...

:       2       13

මැක්ස් Tuesday, 22 April 2025 07:13 PM

මෙය පූජනීය ස්ථානයක්. අවාරයේ ඕනෑම අයකුට එහි යෑමට ඉඩ දීම එහි ඇති විශේෂත්වයට පූජනීයත්වයට සහ ගෞරවයට හානියක්. අවාරයේ එහි යෑමට උත්සාහ කරන්නේ බොහෝ විට විනෝදයට යි. එවැනි අයට යන්නට ඕනෑ තරම් ස්ථාන ඇති නිසා සිරිපා කරුණාව අදාළ කාල සීමාවට පමණක් සීමා කිරීම යෝග්‍යයි. නමුත් අවාරයේ සිරිපා කරුණා කරන අය ගෙන් පාරිසරික හානියක් නොසිදුවන බවයි මගේ වැටහීම. වාරයේ එහි යන පොලිතීන් වන්දනා නඩවලින් සිරිපා අඩවියත්, ශ්‍රීපාදස්ථානයත් රැක ගැනීම පිළිබඳ මීට වඩා උනන්දු වුණොත් වඩා ප්‍රතිඵලදායකයි.

:       2       3

සකියම Tuesday, 22 April 2025 07:14 PM

Sam: දළදාව පෙන්වන්නේ මිනිස්සු ගැන හිතලද? ආණ්ඩුව ඡන්දෙ ගැන හිතලා, මාළිගාව සල්ලි ගැන හිතලා. ඒකෙ හෝදන්න දෙයක් නෑ.... ආගමෙන් අන්ධ උන මිනිස්සු, තමන්ගේ ප්‍රශ්ණ කාට හරි පවරන්න බලාගෙන ඉන්න මිනිස්සු දවස් ගණන් පෝලිමේ.... අවුරුදු ගණනකට කළින් මොළය පාවිච්චි කළානම් අද මාළිගාවේ ගණින්නාන්සේලා දලදාව ගෙදරට ඇවිත් පෙන්නන්නෙ....

:       6       0

අංජන Wednesday, 23 April 2025 10:50 AM

මුළු සිරිපාදේම ප්ලාස්ටික් බෝතල් කැලි කසල වලින් පිරිලා මෙඝා හීටර් ආයතනය වෙතින් ලබා දෙන ලද හීටරය වැඩ නෑ ඒවාත් බලන්න

:       0       2

Wasantha Karunanayake Thursday, 24 April 2025 08:42 AM

අවාරේ ගියොත්,මලුවේ ගේට්ටු වහලද? ගියොත් කියන්න පීල්ස්. පිට රට ඉන්න කෙනෙක් ජූන් වාලස් එනවා ශ්‍රී පාද වඳින්නත් බලාගෙන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site