
(ලක්මි කුඩලිගම)
වරකාගොඩ කටුහේන බලිකන්ද ප්‍රදේශයේ හිටපු පොලිස්පතිවරයෙකුට අයත් බව කියන ඉඩමක වල දමා තිබූ ප්‍රභූ ආරක්ෂක ගිනි අවියක් අද (30) උදෑසන සොයාගත් බව වරකාගොඩ පොලිසිය පවසයි.
චීනයේ නිශ්පාදිත මිනිඋසි වර්ගයේ ගිනි අවියක් මෙසේ සොයාගෙන තිබේ.
මෙම ගිනි අවි භාවිතා කරනුයේ කමාන්ඩෝ විශේෂ බළකා සහ විශේෂ කාර්ය බළකා සෙබළුන් වැනි විශේෂ පුහුණුව ලත් සෙබළුන් විශේෂ රාජකාරීන්වලට පමණක් බවද පොලිසිය සදහන් කරයි.
වරකාගොඩ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමක් නැති පොලිස්පතිලත් ලංකාවෙ ඉඳල තියෙනවා.
දේශබන්දුගේ ඉඩම් හාරලා බැලුවොත්... ඔයිට වඩා නිධන් මතුවේවි.