
(රේඛා තරංගනී ෆොන්සේකා)
රත්මලාන දුම්රිය අංගනයට සොරකමේ පැමිණි සැකකරුවකු එල්ල කළ පිහිපහරකින් දුම්රිය ආරක්ෂක අංශයේ උප පරීක්ෂකවරයකු තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව දුම්රිය ආරක්ෂක අංශය පවසයි.
ආරක්ෂක අංශයේ උප පරීක්ෂකවරයාගේ අතේ මැණික් කටුව අසලින් කැපී ගොස් තුවාල ලබා ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.
දුම්රිය අංඟනයට පැන රුපියල් 161.171.69 වටිනා SCREW COUPLING එකක් සොරා ගෙනයාමට තැත් කළ සැකකරුවන් දෙදෙනා දුම්රිය ආරක්ෂක අංශය අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස ස්ථානයට බාරදී ඇත.
සිද්ධිය වූ දින සැකකරුවන් දුම්රිය අංගනයේ තාප්පයෙන් පැන කර්මාන්ත කලාපයට ඇතුළු වී ඇති අතර වරින් වර සිදුවන සොරකම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශය නිරන්තරයෙන් සෙවිල්ලෙන් පසු වී ඇත.
සිද්ධිය වූ දින සැකකරුවන් දෙදෙනා පුරුදු පරිදි දුම්රියංගණයට ඇතුළු වී ඇති අතර සැකකරුවන් සොරකම සිදුකර පලායෑමට දැරූ උත්සාහය නවතලමින් උප පරික්ෂකවරයා සැකකරුගේ කකුලෙන් අල්ලාගෙන සිට ඇත.
එම අවස්ථාවේදී කකුල අල්ලාගෙන සිටීම වළකාලීමට සැකකරු විසින් තුවාලකරුගේ අතේ මැණිකටුව අසල ප්රලදේශයට පිහිපාර එල්ල කර ඇත.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සොරකමේ ඇවිත් ආරක්ෂකයාටත් පිහියෙන් ඇනලා