IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


සූර් පිට පාසලකට ගිය පීසී රිමාන්ඩ්

(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බීමතින් රජයේ පාසැලකට ඇතුල්වී සිසුවියන් ඉදිරියේ අශෝභන ලෙස හැසිරුණු බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ලබන (5) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව මල්ලාවි පොලිසිය පවසයි.

මෙසේ රිමාන්ඩ්භාරයට පත්ව ඇත්තේ මල්ලාවි පොලිසියට අනුයුක්තව රාජකාරී කළ 43 හැවිරිදි කෝපායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම කොස්තාපල්වරයා බීමතින් මල්ලාවි ප්‍රදේශයේ රජයේ පාසලක පැවැති ක්‍රීඩා උත්සවයක නිවාස සැරසීම් කටයුතුවලට සහභාගිවී තිබූ අතර ඔහු පාසලේ සිටි සිසුවියන් කීපදෙනෙකුට කරදර කර තිබූ බව පොලිසිය පවසයි.

බීමත් පුද්ගලයකු සිසුවියන්ට කරදර කරන බවට ලද තොරතුරකට අනුව මල්ලාවි පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී එහි සිටි පිරිසක් එම කොස්තාපල්වරයාට විරෝධය දක්වමින් සිට ඇති අතර එහිදී අශෝභන ලෙස හැසිරෙමින් සිටි එම කොස්තාපල්වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව එම කොස්තාපල්වරයා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව බීමතින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණි.

ඒ අනුව බීමතින් රාජකාරිය කිරීම, බීමතින් රජයේ පාසලකට ඇතුළු වී සිසුවියන් ඉදිරියේ අශෝභන ලෙස හැසිරීම යන චෝදනා යටතේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස (5) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මුලතිව් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.යූ.පී. අමරතුංග මහතාගේ උපදෙස් පරිදි මල්ලාවි පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.ඒ.එන්. පතිරාජ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.



අදහස් (0)

සූර් පිට පාසලකට ගිය පීසී රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 322 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2136 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1621 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site