
(කේ. බුද්ධික කුමාරසිරි)
හංවැල්ල ජල්තර ප්‍රදේශයේ දී 16 හැවිරිදි ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තවත් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මේ වන විට මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා බව කියන අයෙකු ඇතුළු තරුණයින් 08 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19ත් 21ත් අතර වයස්වල පසුවන නවගමුව ඇඹුල්ගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් එම දැරිය දූෂණය කිරීම සහ ඊට අනුබල දීම ඔත්තු බැලීම යන චෝදනා මත මෙම සැකකරුවන් අත් අඩංගුවට ගත් බවද පොලීසිය පැවසීය.
සිසුවියට හදි කළ තරුණයන් පහ අත්අඩංගුවට
(කේබුද්ධික කුමාරසිරි)
හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කල බව කියන තරුණයින් පස් දෙනෙකු අද (22) දින අත් අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශනය ඒකකය පවසයි
අදාල සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවකු නීතිඥවරයකු මාර්ගයෙන් හං ඇල්ල පොලිසියට අද (22) උදෑසන භාරවීමෙන් පසු අත් අඩංගුවට ගෙන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ කරුණු මත අනෙක් සැකකරුවන් සිව් දෙනා ද අත් අඩංගුවට ගත් බව ද එම ඒකකය පවසයි
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21 ත් 24 ත් වයස්වල කඩුවෙල නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකි
මෙලෙස සමූහ දූෂණයට ලක් වූ පාසල් ශිෂ්‍යාව තම පෙම්වතා හමු වීමට ඊයේ (21) ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටි අතරතුර දී යතුරු පැදි වලින් පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු විසින් අදාල දැරිය බලහත්කාරයෙන් යතුරු පැදියක නංවාගෙන ජල්තර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ආදාහනාගාරයක් තුලට ගෙන ගොස් සමූහ වශයෙන් දූෂණයට ලක් කර ඇති බව එම දැරිය විසින් සිදුකල පැමිණිල්ලෙහි සදහන් ව තිබුණි
සැකකරුවන් හෙට (23) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ
සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ අපරාධ ස්ථාන විමර්ශන ඒකකයේ නිලධාරීන් නුගේගොඩ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් නුගේගොඩ කොට්ඨාස අපරාද විමර්ශන ඒකකයේ නිලධාරීන් හා එක්ව හං ඇල්ල පොලිසිය පරීක්ෂණ පැවැත්විය.
විස්තර:
පාසල් සිසුවියකට හදි කළ 5ක් සොයා පොලිස් මෙහෙයුම්
COMMENTS
කිසිම හිතක් පපුවක් නැති අසම්මත්ජාති, කාලකන්නි පව්කාරයෝ? මේ වගේ අයට නීතීයෙන් උපරිම දඬුවම් දිය යුතුයි...
නියමයි. පොලිසියට ආචාරය. උපරිම දඬුවම් දිය යුතුයි. මේ කාලකන්නි නරුමයින්ට. කිසිම බුරුලක් දෙන්න එපා. මේ රට දැන් ඉන්දියාවේ තත්වයට වැටිලා...
ආගමක්, දහමක් නැති පක්ෂයකට බලය දුන්නොත් මේ තත්වය වැඩිවෙනවා.
අනිවාර්යයෙන් කුඩු ගහලා ඉන්න ඇත්තේ... මොකක්ද දඬුවම? අනිවාර්යයෙන්ම ශල්‍ය කර්මයක් කරන්න ඕනෑ. මම කිව්වේ සිංහලෙන්මයි. සොරි වෙන්න ඕනේ..
රිමාන්ඩ් එකේදී හොඳ සාත්තුවක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරමි.
මේ අයගේ... ෆ්ලැට් වෙන්න තලන්න ඕනෑ. ඔය ගාය හොඳ වෙන්න.
මෙන්න මේ වගේ තිරිසන්නුන්ට ලාච්චු සෙල්ලං පෙන්නලා ආයේ වැඩක් ගන්න බැරි තැනටම පත්කළ යුතුයි. අර කුකුල් චමින්දට වගේම ඇතුලේ ඉන්න අයියලා මුන්ට සලකාවි. පොලිස්පති තුමා ඇතුලු නිලධාරීන්ට මගේ ආචාරය..!
නඩුව ඇදලා ඇදලා අන්තිමට නිදොස්කොට නිදහස් කරයිද දන්නේ නෑ. ඒවා දැක්කාම තවත් මෙවැනි තිරිසනුන් වැරැදි කරන්න පෙළඹෙනවා.
පොලිසියේ මහතුනි, කුට්‍ටම් පොඩිපට්‍ටම් කරලා දාන්න.
මේ අයට බන්ධනාගාර තුළදී උපරිම සැලකිලි ලබාදීමට කුකුල් චමින්දට සහ අනෙකුත් රැදවියන් හට බාර කරමී. ස්තූතියි...!
වැඩිහිටියන්ට බොරුකරලා වනචරකමේ යන අයට ඔහොම වෙලා මදි.
ලංකාවේ තාරුණ්‍යය ගැන දුකයි. පිටරැටියනි, ලංකාවට නම් ඔබලාගේ ළමයි එවන්න එපා. ලංකාවේ හැදුන එකෙක් විවාහ කර ගන්නවත් ඉඩ දෙන්න එපා. ආගමක් ධර්මයක් නැති එකම රට. ඔවුන්ගේ එකම ආගම ආගම්වාදය සහ ජාතිය ජාතිවාදයයි.
පත්තිනි මෑණියන්ගේ අඩවිය නේද මේ!
ඔහොම හතර වටේ යන කෙල්ලෙක් හැම ගමකම ඉන්නවා. කොල්ලෝ ඇය අඳුරනවා.. ප්‍රසිද්ධයි.
මොවුන්ගේ අරක කපලා දැම්මා නම් ආය ඔය වැඩ කරන්නේ නෑ.