IMG-LOGO watawala

2024 මැයි මස 22 වන බදාදා


සාදයේ ගැටුමින් සරසවි සිසුන් 12ක් අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කොළඹට නුදුරු සිසු සිසුවියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සාදයක් අතරතුරදී හෝටල් සේවකයින් හා සරසවි සිසුන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් දෙපාර්ශ්වය අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇති අතර එහිදී තුවාල ලැබූ  පුද්ගලයෙකු රෝහල් ගත කොට කාන්තාවක ඇතුළු දොළොස් දෙනෙකු  අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

ගැටුම අතරතුරදි ආදි සරසවි සිසුවකු පැදවූ වෑන් රථයක  හෝටල් සේවකයකු අනතුරට ලක් කිරීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා  ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

එම සරසවියේ දැනට අධ්‍යාපනය ලබන හා ආදි සිසුන් පිරිසක් අතර  හෝමාගම සුවපුබුදුගම ප්‍රදේශයේ හෝටලයක ඉකුත් 30 දා සවස සිට මත්පැන් සාදයක් පවත්වා තිබේ.

මේ සඳහා  සිසුන් හා ආදි සිසුන් පිරිසක් සමග  ඔවුන්ගේ හිතවතුන් පිරිසක් සහභාගී වී සිට තිබේ.

එහිදි සිසුන් අතර  බහින්බස්වීමක් සිදුව ඇති අතර එය දුර දිග යාමෙන් සුළු ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ. එහිදී එම ගැටුම පාලනය කිරීම සඳහා හෝටල් සේවකයන් මැදිහත්වීමත් සමඟ සාදය සඳහා සහභාගී වූවන් හෝටල් සේවකයින් අතර ආරවුලක් හටගෙන දෙපාර්ශ්වය විසින් එකිනෙකා අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ.

 

 



අදහස් (1)

සාදයේ ගැටුමින් සරසවි සිසුන් 12ක් අත්අඩංගුවට

ක්ලෝයි Wednesday, 01 May 2024 12:11 PM

අරගල විහිලුවෙන් පස්සේ හැම ඇම්බැට්ටයාම හිතන්නේ තමන් තමයි නීතිය කියලා. ඉතින් මේවා අරුමයක් නෙවෙයි.

:       11       32

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මරාගෙන මැරෙන්න ඉන්දියාවට ගිය ලංකාවේ අයි.එස්ලා
2024 මැයි මස 21 837 0

අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් ක්‍රියාකාරී අයි.එස් ත්‍රස්තවාදීන් සිව් දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයන් බ


රේගුවේ පරිප්පු පිට පාරේ යයි
2024 මැයි මස 21 462 0

ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කෙරුණු පරිප්පු කන්ටේනර් පහක් එංගලන්තයේ පාතාල නායකයකුගේ මැදිහත්වීමෙන් පාතාල ක්‍රියාකාරීන් පිරිසක් වෙනත් පාර්ශවයක


පේරාදෙණි සරසවියේ යතුරු 21 වර්ජකයෝ අතේ
2024 මැයි මස 21 127 0

පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාගේ කාර්යාලය ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයට අයත් අධ්‍යයන දෙපාර්තමේන්තු 19 ක ඇතුළු කලාගාරයේ යතුර



බස් රථයක් පෙරලී හයක් රෝහලේ
2024 මැයි මස 21 134 0

කිලිනොච්චිය පුනරීන් පාලම ආසන්නයේ දී අද (21) දින ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පෙරලී යාම හේතුවෙන් එහි ගමන්ගත් මගීන් හයදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පුනරීන්


පුංචි ජන්දය ඉල්ලන සජබ පෙත්සමට දින දෙයි
2024 මැයි මස 21 184 0

නියමිත කාලයේ නොපවත්වා කල් දමා ඇති පළාත් පාලනය මැතිවරණය වහාම පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ හා සංවිධාන ගොනු කර ඇති මුලික අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 855 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2401 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2061 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site