IMG-LOGO

2024 ජුනි මස 24 වන සඳුදා


පුංචි ජන්දය ඉල්ලන සජබ පෙත්සමට දින දෙයි

(රන්ජන් කටුගම්පොළ)

නියමිත කාලයේ නොපවත්වා කල් දමා ඇති පළාත් පාලනය මැතිවරණය වහාම පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ හා සංවිධාන ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ දින හතරක කාලයක් පුරා විභාගයට ගෙන අවසන් කිරීමට ‍‍ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීරණය කළේය.

පළාත් පාලනය මැතිවරණය පසුගිය වසරේ මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූණත් මෙතෙක් එය නොපවත්වා කල් දමා ඇතැයි සඳහන් කරමින් ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් සිව්පුද්ගල ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම පෙත්සම් ලබන 29 සහ 31 යන දිනවලද ජුනි 03 සහ 05 වැනි දිනවලද දවස පුරා විභාගයට ගෙන අවසන් කිරීමට තීරණය කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, ගාමිණී අමරසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම්  සලකා බැලීය.

පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් ඊයේ (21) විභාගයට ගැනීමට නියමිතව තිබුණත් විනිසුරු මඬුල්ලේ නිශ්චිත සංයුතිය නොමැතිවීම හේතුවෙන් පෙත්සම් විභාගය කල් තැබිණි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික ජන බලවේගයේ මහ ලේකම් නිහාල් අබේසිංහ, ජාතික ජන බලවේගයේ ආචාර්ය හරිණි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් ගොනු කර ඇති මෙම පෙත්සම්වල වගඋත්තකරුවන් වශයෙන්  මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයෝ නම් කරනු ලැබ සිටිති.

පළාත් පාලන මැතිවරණය පසුගිය වසරේ මාර්තු 09 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබුණත් නියමිත දින එම මැතිවරණය නොපැවැත්වීමෙන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ අදාළ මැතිවරණය වහාම පැවැත්වීමට නියෝගයන් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ෆයිස් මුස්තාපා සහ උපුල් ජයසූරිය යන මහත්වරුන් පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.



අදහස් (0)

පුංචි ජන්දය ඉල්ලන සජබ පෙත්සමට දින දෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුසියාවේ ඩැගෙස්තාන් නගරවලට ත්‍රස්ත ප්‍රහාරයක්
2024 ජුනි මස 24 223 0

රුසියාවේ, උතුරු කොකේසස් පළාතට අයත්, ඩැගෙස්තාන් ජනරජයේ නගර කීපයක දේවස්ථාන දෙකකට, යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල විය. ප්‍රහාර එල්ල කළේ ආයුධවලි


පියුමිට සම්බන්ධ කූරියර් ආයතනය ප්‍රකාශයක් දෙන්න බෑ කියයි
2024 ජුනි මස 23 1248 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවන්‍ය ආයතනයේ ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය භාණ්ඩ බෙදාහරිනු ලබන කුරියයර් ආයතනයට ප්‍රකාශයක් ලබාදීම


යාපනේ කෝවිලක පූසාරි ගැටුමක්
2024 ජුනි මස 23 457 0

යාපනය ප්‍රදේශයේ කෝවිලක දේපොළවලට හානි කර කාන්තාවකට පහර දුන් බව කියන පූසාරිවරයෙක් යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


වේ ගඟේ ජල උමගක බිත්තියක් පුපුරයි
2024 ජුනි මස 23 1055 0

කහවත්ත වේ ගග විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සදහා ජලය මුදාහරින උමගක බිත්තියක් පුපුරා ජලය කාන්දුවිමට පටන් ගෙන ඇතැයි ගම්වාසීහු පවසති.


පොලිසියට ඔත්තු දුන්නැයි කසිප්පුවා තිදරු පියා මරලා
2024 ජුනි මස 23 1169 0

කසිප්පු පෙරන බට පොලීසියට තොරතුරු දුන්නායැයි සැකකර මරා වළ දැමූ බව කියන තිදරුපියකුගේ සිරුරක් මිද්දෙණිය පොලිසිය සොයා ගන්නා ලදී.


තන්තිරිමලේ ආලෝක පූජාව අදත් බැති සිතින් ආරම්භ වේ
2024 ජුනි මස 23 160 0

විජය පුවත්පත් සමාගම 21 වන වරටත් ඓතිහාසික තන්තිරිමලේ පුදබිමේ පවත්වනු ලැබූ, ’ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ’ අවසන් දිනය වූ අද දින අති උත්කර්ෂවත් අන්දමින් මී


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 149 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1427 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3201 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site