IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


රේගු ලොක්කෙක් කෝටි 38ක තෑගි අරන්




සුජිත් හේවාජුලිගේ

වැටලීම් වෙනුවෙන්  රුපියල් කෝටියකට වැඩි මුදලින් ත්‍යාග ලබාගත්  ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 174 දෙනකු  පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

නිලධාරීන් 35 දෙනෙකු 2016 වර්ෂයේ දී ද නිලධාරීන් තිස් දෙනකු 2017 වර්ෂයේදීද  නිලධාරීන් විසිඑක් දෙනකු 2018 වර්ෂයේදීද 16 දෙනකු 2019 වර්ෂයේදීද තුන් දෙනෙකු 2020 වර්ෂයේ දීද දාහත් දෙනෙකු 2021 වර්ෂයේදීද  නිලධාරීන් තිස් දෙදෙනෙකු 2022 වර්ෂයේදීද  නිලධාරින් 20 දෙනකු  2023 වර්ෂයේදීද
රුපියල් කෝටියකට වැඩි  මුදලින්  මෙසේ ත්‍යාග  ලබාගෙන ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකා රේගුවේ ඉහළම ත්‍යාග මුදල්
ලබාගෙන ඇති  නිලධාරීන් 100දෙනා එසේ ලබාගෙන ඇති ත්‍යාග මුදල්වල වටිනාකම කෝටි 104 ක් බව  බව  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ඉහළම ත්‍යාග ලැබූ නිලධාරියා ලබා ගත් ත්‍යාග මුදල් වටිනාකම ( 2017, 2021 සහ  2022)  පිළිවෙලින් කෝටි 9ක් කෝටි 12 ක්  සහ කෝටි 11 ක් වෙයි.

මේ අනුව 2016 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා නොකඩවා ත්‍යාග ලැබූ  නිලධාරියකුද වසර හයක් නොකඩවා ත්‍යාග ලැබූ නිලධාරීන් සිවු  දෙනෙකුද වසර පහක් නොකඩවා ත්‍යාග  ලැබූ නිලධාරීන් නව දෙනෙකුද වසර හතරක් නොකඩවා ත්‍යාග ලැබූ නිලධාරින් විසිහතර දෙනකුද වූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

වසර හතක් නොකඩවා ත්‍යාග ලැබූ නිලධාරින් එක් අයකුද වූ අතර ඔහු ලැබූ ත්‍යාග මුදල් වල වටිනාකම රුපියල් කෝටි 38 ඉක්මවන බව වාර්තාව සඳහන් කළේය

රුපියල් කෝටියට වඩා ත්‍යාග  ලැබූ නිලධාරීන්ගෙන් එම ත්‍යාග සහ වැටුපට අමතරව රුපියල් ලක්ෂ 20කට වඩා ප්‍රතිලාභ ලබාගත් නිලධාරීන් සංඛ්‍යාව හතක් බව  විගණන වාර්තාවේ දැක්වේ.

මෙම තොරතුරු සඳහන් වන්නේ  කළමනාකරණය සහ අරමුදල්වල පරිපාලනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේය.



අදහස් (25)

රේගු ලොක්කෙක් කෝටි 38ක තෑගි අරන්

Nihal Tuesday, 21 May 2024 10:39 PM

රට පස්සෙන් ගාටන එක අහන්න දෙයක්ද!

:       1       12

Don perea Wednesday, 22 May 2024 01:29 AM

පාර්ලිමේන්තුවට පස්සේ ලංකාවේ ඉන්න ලොකුම හොරු රැළ ඉන්නේ එතැන

:       1       15

ජයනාත් Wednesday, 22 May 2024 06:12 AM

පඩිය අඩු වුණාට රේගුවට යන්න දඟලන්න හේතුව එයයි . මේකට දොස් කියල බැහැ . ඒක එතන ක්‍රියාත්මක නීත්‍යනුකූල ක්‍රමයක් . හැබැයි එතන ජ්‍යෙෂ්ඨ අය වෙනත් අය අල්ලපු ඒවට නම දාගන්නවා කියලත් කතාවක් තියෙනවා . තෑගි ගන්න .

:       1       11

තිලන්ත Wednesday, 22 May 2024 06:19 AM

රට මේ විදිහට හරි ඉතුරුවෙලා තියන එක පුදුමයි...

:       0       12

pitigala Wednesday, 22 May 2024 06:27 AM

රේගුව කියන්නෙත් ශ්‍රී ලංකා රජයේ ආයතනයක් . මිනින්දෝරු දෙපාර්තමේන්තුව. කම්කරු දෙපාර්තමේන්තුව යනාදියත් රජයේ ආයතන . මේ ආයතන සියල්ලම රටේ උන්නතියට දායක වෙනවා . නමුත් රේගුවේ පියන් කෙනෙකුගේ වැටුප අනෙකුත් දෙපාර්තමේන්තුවල විධායක නිලධාරියෙකුගේ වැටුප වගේ කිහිප ගුණයක් වෙනවා . ඉතින් කොහොමද තෘප්තිමත් රාජ්‍ය සේවයක් හදන්නේ? රේගුවේ උන් හැම මගුලකටම ප්‍රසාද දීමන ලබගන්නවා . මේ කියන වංචා කල අයට කෝ දඬුවම්?

:       1       10

ලුම්බිණි Wednesday, 22 May 2024 07:57 AM

මේවට අඩු වශයෙන් බදු වත් ගෙවල තියෙනවද? වැටලීම් වලින් රජයට කීයක් ලැබුනද?

:       0       8

පිටරටවැසියා Wednesday, 22 May 2024 09:20 AM

නිකන්ද කියන්නේ දියවන්නාවේ ඉන්න තක්කඩි රොත්තයි, රාජ්‍ය නිලධාරීන් බහුතරයයි එකතුවෙලා මුළු ලංකාවම කෑවා කියල !!!

:       0       15

Asanga samantha Wednesday, 22 May 2024 10:32 AM

අපි පිටරට ඉන්න නිසා දන්නවා මොවුන් මිනිස්සුන්ගෙන් ගරාගෙන කන හැටි...!

:       0       3

Don Perea Wednesday, 22 May 2024 03:39 PM

මුන් මොන තරම් ඡරා වැඩ කරනවාද ගුවන්තොටුපලේ

:       0       2

හසිත සමරසිංහ Thursday, 30 May 2024 01:19 AM

නැතිවෙන්න ගිය ආදායමක් හොයලා දුන්නම ඒකටත් විගණනේ කරන ආතල් රටක් මේක. හරියට හොරකං කළ සල්ලි අල්ලලා දුන්නම මෙච්චරද තිබ්බෙ කියලා අල්ලලා දීපු මිනිහගෙං අහනවා වගේ

:       0       0

V.D.Jayasundara Saturday, 01 June 2024 06:06 PM

වංචාවක් හඳුනාගෙන රටට අහිමි වන බදු මුදල් උපයා ගැනීමට තරම් නිලධාරියෙකු උනන්දුව සහ සුපරීක්ෂාකාරී නම් ඔහුට ත්‍යාග පිරිනැමිය යුතුය. මෙය අමුතු නොවේ. බොහෝ රටවල් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් දිරිමත් කිරීම සඳහා එකම ආකාරයේ ත්‍යාග පද්ධති අනුගමනය කරයි

:       0       0

Ashini Saturday, 01 June 2024 06:43 PM

විගණන වාර්තාවල සත්‍ය අසත්‍යතාවය, නිවැරැදි භාවය හොයන්න තවත් ආයතනයක් තියෙනවාද? විගණන වාර්තා සකස් කරන්න තොරතුරු ලබාගත්තු ආකාරය ගැන තියෙන විශ්වාසනීයත්වය මොකද්ද?

:       0       0

Avishka Saturday, 01 June 2024 07:13 PM

ඔය හම්බෙන තෑග්ගෙන් ආයේ බර ගානක් ටැක්ස් විදියට කැපෙනවානේ. ඒකත් බලන්ඩ ඕනෑනේ ඉන්කම් ටැක්ස් එකේ වාර්තාවේ. සරල ගණිතය ඉතින්...! 

:       0       0

Danushka Saturday, 01 June 2024 07:54 PM

ජනමහයා රේගුවේ තෑග්ගෙ එල්ලිලා ඉන්න අස්සේ වෙන මොකක් හරි අලි තෑග්ගක් පිට පාරෙන්ම කාගේ කාගේ හරි ස්විස් එකවුන්ට් වලට යනවාද දන්නේත් නෑ...

:       0       0

Shanuka Saturday, 01 June 2024 08:28 PM

එක්කෝ කවුරු හරි ලොකුම හොරෙකුට රිදෙන්න දඩයක් ගහලා! එක්කෝ ඡන්දයක් ළඟයි

:       0       0

Shanuka Saturday, 01 June 2024 08:31 PM

එක්කෝ කවුරු හරි ලොකුම හොරෙකුට රිදෙන්න දඩයක් ගහලා! එක්කෝ ඡන්දයක් ළඟයි..

:       0       0

Chathurika Saturday, 01 June 2024 09:13 PM

මෙම ලිපියෙන් පැන නගින බරපතල ගැටළු තිබේ. මෙම සියලු තොරතුරු සහ ප්‍රතිශත සඳහා පදනම කුමක්ද සහ තොරතුරු ලබාගෙන ඇත්තේ කෙසේද? වසර ගණනාවක් අක්‍රමිකතාවක් සිදුවී ඇත්නම් ඊට එරෙහිව කිසිදු බලධාරියෙකු, විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය පියවර නොගත්තේ ඇයි? 1998 සිට මේ ඊනියා අක්‍රමිකතාවක් තිබුණා නම් විගණන වාර්තා ප්‍රකාශයට පත්කිරීමේ වාර ගණන කොපමණද? විශේෂයෙන්ම රේගුව ආදායම් එකතු කිරීමේදී ලබා දී ඇති ඉලක්ක ඉක්මවා ගොස් ඇති අවස්ථාවක හදිසියේම මේ අවුල් වියවුල් ඇති වන්නේ ඇයි? මෙතන මොකක් හරි දෙයක් වෙනවා.

:       0       0

Anuwa Saturday, 01 June 2024 09:46 PM

මම නම් කියන්නේ වැඩ කරන විදිහට තමයි ගෙවන්න ඕන කියලා. නිකං පුටු රත් කර කර ඉන්න උන්ට පිං පඩි දෙනවට වඩා වැ ඩක් කරන එකා ට තෑ ග්ගක් දෙන එක නම් වරදක් නෑ.. මේ වගේ හැ ම රා ජ්‍ය ආයතනයටම නීතියක් දා න්න ඕන වැ ඩ කරන විදිහට තමයි ගෙවන්නෙ කියලා.

:       0       0

තරින්ද කවින් Saturday, 01 June 2024 09:54 PM

ජාවාරම් කාරයොන්ට ඕනවිදිහට මුදල් අමාත්‍යාංශයෙන් රේගු පනත සංශෝධනය කරන්න යනවලු. මේ ඔක්කොම ඒකට අදාල campaign කියලයි ආරංචිය.

:       0       0

Sandumini Saturday, 01 June 2024 11:46 PM

රට මේ යන විදිහට ඉතුරු වෙයිද ?

:       0       0

Sandumini Saturday, 01 June 2024 11:48 PM

රට මේ යන විදිහට ඉතුරු වෙයිද

:       0       0

Thamidu Sunday, 02 June 2024 12:08 AM

නැතිවූ බල්ලෙකු සොයා ගැනීමට පවා සාමාන්‍යයෙන් ත්‍යාගයක් දෙනු ලැබේ. නැතිවූ ආදායම නැවත ලබාගන්න එම නිලධාරීන්ට ත්‍යාග දීමේ ගැටලුව කුමක්ද?

:       0       0

Dananjaya Sunday, 02 June 2024 08:05 AM

හැම තැනම වංචාව...මේ රට ඇති මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එක.

:       0       0

Anuwa Sunday, 02 June 2024 08:07 AM

මම නම් කියන්නේ වැඩ කරන විදිහට තමයි ගෙවන්න ඕන කියලා. නිකං පුටු රත් කර කර ඉන්න උන්ට පිං පඩි දෙනවට වඩා වැ ඩක් කරන එකා ට තෑ ග්ගක් දෙන එක නම් වරදක් නෑ.. මේ වගේ හැ ම රා ජ්‍ය ආයතනයටම නීතියක් දා න්න ඕන වැ ඩ කරන විදිහට තමයි ගෙවන්නෙ කියලා.

:       0       0

නීෂා Sunday, 02 June 2024 08:33 AM

රට මේ විදිහට හරි ඉතුරුවෙලා තියන එක පුදුමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බැසිල්ගෙන් රනිල්ට කොන්දේසි මාලාවක්
2024 ජුලි මස 27 1 0

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර පැවති සාකච්ඡා


වනනිලධාරීන්ට ප්‍රහාරයක්
2024 ජුලි මස 27 245 0

පුනරීන් අඩවි වන කාර්‍යාලයේ නිලධාරීන් දෙදෙනකුට ඒම ප්‍රදේශයේ පුද්ගලයකු අඩවි වන කාර්‍යාල භුමියට පැමිණ පොලු මුගුරුවලින් පහරදීම හේතුවෙන් තුවාල ලබා ඒක්


මාසෙ පඩි පත තුට්ටු දෙකට වැටිලා
2024 ජුලි මස 27 566 0

රාජ්‍ය අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්ද අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය සියයට විස්සකින් පමණද 2020 - 2024 අතර ක


පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 2015 2

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 771 1

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 3488 6

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 169 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1162 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site