IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


පේරාදෙණි සරසවියේ යතුරු 21ක් වර්ජකයෝ අතේ

(ෂේන් සෙනෙවිරත්න)

පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාගේ කාර්යාලය ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයට අයත් අධ්‍යයන දෙපාර්තමේන්තු 19 ක ඇතුළු කලාගාරයේ යතුරු 21ක් නීති විරෝධී ලෙස වැඩ බලන ප්‍රධාන ආරක්ෂක නිලධාරියා තම බාරයේ තබාගෙන සිටින බව එම පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි .

විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක අනධ්‍යයන සේවක වැඩ වර්ජනයට සමගාමීව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ක්‍රියාත්මක වර්ජනයට එක්ව සිටින වැඩ බලන ආරක්ෂක නිලධාරිවරයා සහ මූල්‍ය අධිකාරිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් අධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයිතිවාසිකම් කඩවී ඇති බවද ඒ මහතා පවසයි .

ශාස්ත්‍ර පීඨය මගින් සංවිධානය කොට ඇති අන්තර්ජාතික මට්ටමේ සම්මන්ත්‍රණ ව්‍යාපෘති තුනක් මැයි මස 31 සහ ජුනි මස 04 දිනවල පැවැත්වීමට සූදානම් කොට ඇති බව පැවසූ පීඨාධිපතිවරයා එහි සම්මන්ත්‍රණ හා ව්‍යාපෘති සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම මෙම වැඩ වර්ජනය සහභාගි වී සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධිකාරිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් වළක්වා ඇති බවද පැවසීය .

 



අදහස් (5)

පේරාදෙණි සරසවියේ යතුරු 21ක් වර්ජකයෝ අතේ

Neela Wednesday, 22 May 2024 12:49 AM

මෙම වර්ජකයින්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා නිසා අන්තර්ජාතික සම්මන්ත්‍රණ වලට වන අලාභය වැඩ බලන ආරක්ෂක නිලධාරිවරයා සහ මූල්‍ය අධිකාරිවරයාගෙන් අය කරගත යුතුව ඇත.

:       1       3

කරුණාරත්න Wednesday, 22 May 2024 01:43 AM

පේරාදෙනියෙ ශාස්ත්‍ර පීටයෙම හිටිය මූල්‍ය අධිකාරි ගෑනුන්ටම වියදං කරලා, පීඨය බංකොලොත් කරලා මිලියන ගණන් වංචා කරලා මගඩි කරපු නිසා වෙනත් පීඨයකට මාරු කරලා යැව්වා. දැන් ඔය වර්ජකයන්ගෙ පේරාදෙණි ශාථාවේ සභාපති ද කොහෙද? කැම්පස් එකේම තවත් මූල්‍ය අධිකාරි කෙනෙක් මියගිය මහාචාර්ය නෝනගේ අර්ථසාධකේ හොරෙන් අරන් වැඩ තහනම් වුණා කෝප් එකෙන් කේස් එක ඇද්දට පස්සෙ. පේරාදෙනියේ හිටපු ලේකකාධිකාරීත් වැඩ තහනම් වෙලා තාමත් ගෙදර මිනිහාගේ හදන වැඩවලට විශ්වවිද්‍යාලෙ සේවකයො රාජකාරි වෙලාවෙ නොමිලේ අරං ගිහින්. තව ඔය වගේ අංකූරො ලොකුම පුටුවල තාමත් යහතින් ඉන්නවා. එහෙව් උන් තවත් ස්ට්‍රයික් කරන්නත් එනවා.

:       0       5

Lalla Wednesday, 22 May 2024 02:20 AM

ආණ්ඩුවට කොන්ද පණ තියෙන බව පෙන්වීමට හොඳම අවස්ථාව.. නීති විරෝධීව හැසිරෙන කෙරුමන්ව කූඩුවට දාන්න..නීතිය අතට ගෙන වර්ජනය ක්‍රියාත්මක කලා සිපෙට්කෝ. ඒ අයට නම් හොඳම පාඩමක් ලැබුණ මතකයි.....

:       0       3

lelwala Wednesday, 22 May 2024 04:03 AM

ඇයි මේ මෝඩයන් අත්අඩංගුවට නොගන්නේ? උන් ජේවිපි එකේ රූකඩ.

:       1       4

himal Wednesday, 22 May 2024 02:01 PM

ඕවා විතරක් නෙවෙයි, සමහර දේශකවරු මාසෙට දවස් කීයක් කැම්පස් එකට එනවද? එයාලගේ ටයිම් ටේබල් වල ලෙක්චර් කරන්නේ එයාමද නැත්නම් වෙන අලුත ආපු ලෙක්චර්ලාද? තමන්ගේ රිසර්ච් එකට කරුණු හොයාගන්න ළමයින්ට පැවැරුම් දීලා ඒවා ගෙඩි පිටින් අරගෙන පේපර් දාන ඒවා, ශිෂ්‍යත්ව අරන් රට ගිහිල්ලා ආපහු එන්නේ නැති ඒවා, සතියට පැය කීයක් ඇත්තටම ළමයින්ට උගන්වනවාද? ළමයින්ට උගන්වනවා කියලා පන්තියේදී තමන්ගේ වෙන වෙන මතවාද ඔළුවට දාන ඒවා, කොහොමද සමහරුන්ට ක්ලාස් දෙන්නේ, ඒවත් හොයා බලන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 190 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 254 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1146 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site