
(විමුක්ති එස් රුද්‍රිගු)
අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් ක්‍රියාකාරී අයි.එස් ත්‍රස්තවාදීන් සිව් දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයන් බවත් ඔවුන් මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් ඉන්දියාවට පැමිණ ඇති බවත් ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බව ගුජරාට් පොලිස් ප්‍රධානී විකාස් සාහේ මහතා ප්‍රකාශ කළේය.
අත්අඩංගුවට ගත් 33 හැවිරිදි නුස්රත් අහමඩ් ගානි මීගමුවේ පදිංචිකරුවෙකු බවත් 27 හැවිරිදි නෆ්රාන් නවුෆර්, 35 හැවිරිදි ෆාරිස් ෆාරුක් සහ 43 හැවිරිදි රස්ඩීන් අබ්දුල් රහීම් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔහු පැවැසුවේය.
එසේම අහමඩ් ගානිට වලංගු පකිස්තාන වීසා බලපත්‍රයක් තිබූ බවද සාහේ මහතා සඳහන් කළේය.
ත්‍රස්තවාදීන් සතුව තිබූ ජංගම දුරකථන දෙකක්, ගමන්මලු සහ ගුවන් ගමන් බලපත්‍ර පොලිස් බාරයට ගත් බවත් එක් ගමන් මල්ලක තිබී අයි.එස් ත්‍රස්ත සංවිධානයේ කොඩියක් සොයාගත් බවත් පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කළේය.
ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගත් ජංගම දුරකතන වලින් ලබාගත් ඡායාරූප, කෙටි පණිවුඩ සහ අනෙකුත් තොරතුරු වලින් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා අයි.එස් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන් යැයි හෙළිවූ බව සාහේ මහතා පැවැසුවේය.
ත්‍රස්තවාදීන් සිව් දෙනාට කතා කළ හැකි එකම භාෂාව වූයේ දමිළ භාෂාව බවත් ඔවුන්ට හින්දි සහ ඉංග්‍රීසි බස තේරුම් ගැනීමට නොහැකි වූ බවත් පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කළේය.ඒ හේතුවෙන් ප්‍රශ්න කිරීම්වලදී භාෂා පරිවර්තකයකු යොදා ගැනීමට සිදුවූ බවද ඔහු පැවසුවේය.
ශ්‍රී ලාංකික ත්‍රස්තවාදීන් සිව්දෙනා ඔවුන්ගේ බාරකරු වූ පාකිස්තානයේ පදිංචි අබූ නැමැත්තාගෙන් උපදෙස් ලැබෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රැඳී සිට ඇති බවත් අබූ නමැත්තා ශ්‍රී ලංකාවේදී ත්‍රස්තවාදීන් සිව් දෙනාට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා රුපියල් ලක්ෂ හතර බැගින් ලබා දී ඇති බවත් ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බව සාහේ මහතා ප්‍රකාශ කළේය.
අබූ නැමැත්තා ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයට පදිංචියට ගිය අයෙකු බවත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා පසුගිය පෙබරවාරි මාසයේදී සමාජ මාධ්‍ය ඔස්සේ අබූ නැමැත්තා හඳුනාගෙන ඇති බවත් ඔහු පැවැසුවේය. අබූ හඳුනාගැනීමෙන් පසුව අයි.එස් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැඩාඩිගේ අනුගාමිකයන් බවට පත් වී ඇති බවද සාහේ මහතා ප්‍රකාශ කළේය.
පොලිස් බාරයට ගත් ජංගම දුරකතන දෙකේ තිබී ඉන්දියාවේ විවිධ ස්ථානවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලැබුණු බවත් ඉන් ලැබුණු තොරතුරු මත වහාම ක්‍රියාත්මක වූ ත්‍රස්ත මර්දන ඒකකය නිශ්චිත ස්ථානයක් සෝදිසි කිරීමේදී පාකිස්තානයේ නිෂ්පාදිත පිස්තෝල තුනක් සහ පතොරම් තොගයක් සොයාගත් බවත් ඔහු පැවැසුවේය.
ගමන් මල්ලේ තිබී සොයා ගත් අයි.එස් ත්‍රස්ත සංවිධානයේ කොඩිය පිළිබඳ ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රශ්න කෙරූ අවස්ථාවේදී එම කොඩිය මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී තමන් ළඟ තබාගන්නා ලෙස අයි.එස් සංවිධානයෙන් නියෝග ලැබුණු බව ඔවුන් ප්‍රකාශ කළේ යැයි පොලිස් ප්‍රධානියා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන කතාව. ෂෝක් එකට ගැලපෙනවා. රෝ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙකුට ගහන හැටි අපුරු නැද්ද මම අහන්නේ?
මේවා ගමන් මලුවල තියාගෙන ලංකාවෙන් පිට වුණේ කොහොමද, උපදෙස් දුන්න අයිඑස් සංවිධායකයින් කවුරුන්ද, ලංකාවේ තව මේවගේ කීදෙනෙක් ඉන්නවද කියලත් හෙව්වොත් තමා හොඳ. ඒ වගේම ඡන්දයක් ළඟ එන නිසා අටවන ලද කපුටු උගුලක්ද කියන්නත් බැහැ.
අපි ඕවා ගැන කතා කරන්නේ නෑ. සහජීවනයට හානි වෙනවා.
ඒ රටවල සීරුවෙන් ඇහැ ගහන් ඉදලා ආපු හැටියේ අල්ලගන්නවා. අපේ රටේ ඔත්තුව ලැබිලා තියෙද්දිත් වැඩේ වෙන්ඩ දීලා ඉන්නවා.
ලංකාවේ අහු වුනා නම් අනිවාර්යෙන්ම කාගේ හරි ප්ලැන් එකක් කියාවි.. බෝහෝ විට රාජපක්ෂ කෙනෙක්ගේ කියලා
අනේ කට්ටියව අවුරුදු පෙන්නන්න එක්ක යන්න .... මෙයාලාව තියාගන්න වටින්නේ නැ
ඔවුනට ගෙවුණු එකක්වත් නිකන් අත හරින්න එපා.. හොඳ වේලාවට මොවුන් පොලිසියට අසු වුණේ .. ආයෙත් අවස්ථාවකදී දේශපාලකයෝ මංකොල්ල කාරයෝ ජාති වාදිය අවුස්සලා තරහ කරන්න බැරි නෑ
ඉන්දියාවේ ඡන්දය පැවෙත්වෙන මේ වෙලාවේ , ලංකාවේ ඡන්දය පැවෙත්වෙන්න තියන වෙලාවේ, මේක දේශපාලන ගේමක් කියලා හිතෙන්නේ මට විතරද ?
ඉන්දියාවනම් මේ ත්‍රස්තවාදීන් සිව් දෙනා ගුවන්තොටුපොළේදීම අත්අඩංගුවට ගත්තා. ලංකාවේ පල්ලිවලට ගහන දවසයි, වෙලාවයි තොරතුරු ලැබිලත්, බෝම්බ පුපුරලා, ජිවිත ගණනාවක් නැතිවුණා, සමහරු අදටත් එකතැන් !!!
මාධ්‍යට කට්ටියගේ පින්තුර මුදා හැරලා ඇයි නිව්ස් විඩියෝවේ එකේ මුහුණු වහලා ? ඉන්දියාවේ ඡන්දය පැවෙත්වෙන මේ වෙලාවේ , ලංකාවේ ඡන්දය පැවෙත්වෙන්න තියන වෙලාවේ, මේක දේශපාලන ගේමක් කියලා හිතෙන්නේ මට විතරද ?
මාධ්‍යට කට්ටියගේ පින්තුර මුදා හැරලා ඇයි නිව්ස් විඩියෝවේ එකේ මුහුණු වහලා ? ඉන්දියාවේ ඡන්දය පැවෙත්වෙන මේ වෙලාවේ , ලංකාවේ ඡන්දය පැවෙත්වෙන්න තියන වෙලාවේ, මේක දේශපාලන ගේමක් කියලා හිතෙන්නේ මට විතරද ?
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හොයාගන්න පුළුවන් මේ හතර දෙනා අරං ඇවිත් තලතලා ඇහුවෝතින්...
අරෙහේ කොටසක් රුසියන් යූක්රේන යුද්දෙට ගිහින් මැරෙනවා... මෙහෙන් අයි.එස්. මූදල් තන්හාව තමයි මුල...!
මුජිබර් රහුමාන් ඇමතියා මේ ගැන තාම සද්දයක් නැත්තේ මොකද? ගෝඨාභයගේ එකවුන්ට් එකේ ඉඩ නැද්ද?
ලංකාවේ පොලීසියට මේවා හොයාගන්න බැරි එක තමයි ප්‍රශ්නේ... මේ කට්ටිය ඉන්දියාවේ හිරේම තියාගන්න කියන්න.
ඔවුන්ගේ ආගම තමයි ලෝකෙට හෙනයක් වෙලා තියෙන්නේ. ආගම තුරන් කලොත් ලෝකෙට සෙතක් වේවි...!