(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කෙරුණු පරිප්පු කන්ටේනර් පහක් එංගලන්තයේ පාතාල නායකයකුගේ මැදිහත්වීමෙන් පාතාල ක්‍රියාකාරීන් පිරිසක් වෙනත් පාර්ශවයකට රුපියල් දෙකෝටි අසූ ලක්ෂයකට විකුණා ඇතැයි ආරංචි මාර්ග පවසයි.
මෙම පරිප්පු තොගයේ තක්සේරු වටිනාකම ලෙස සඳහන් වී ඇත්තේ රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂයකි. මෙම ගනුදෙනුවෙන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක පමණ ලාභයක් ලබාගෙන ඇති බවත් ලාභය ඇතැම් නිලධාරීන් අතරේ ද බෙදී ගොස් ඇති බවත් දැනගන්නට තිබේ.
මෙම එක් කන්ටේනරයක පරිප්පු කිලෝ 23000ක් තිබී ඇතැයි පැවසේ. මෙයට අමතරව මෙම කණ්ඩායම රාජ සන්තක කෙරුණු තලපත් බහාලුමක් ලබාගෙන තලපත් කිලෝව 400 බැගින් විකුණා ඇතැයි ද වාර්තා වේ.
මීට පෙර ටයිල් කන්ටේනර් 15 ක් පාතාලේ මැදිහත්වීමෙන් මේ ආකාරයට විකිණීමට සූදානම් වීමේ දී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මැදිහත්වී එම කටයුත්ත වහාම නතර කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අප මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුව ද එය ව්‍යාර්ථ විය.
2025 දෙසැම්බර් මස 16
58
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රේගුවේ පරිප්පු පිට පාරේ යයි
ජයනාත් Wednesday, 22 May 2024 06:08 AM
කුඩු නැති වෙනකොට එයාල වෙනත් මාර්ග හොයාගෙන. දැන් පරිප්පු අඩුවට ලැබේ ද..