
(රොමේෂ් මධුෂංක)
කිලිනොච්චිය පුනරීන් පාලම ආසන්නයේ දී අද (21) දින ධාවනය වූ පෞද්ගලික බස්රථයක් පෙරලී යාම හේතුවෙන් එහි ගමන්ගත් මගීන් හයදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පුනරීන් පොලිසිය පැවසීය.
මුලතිව් වට්ට්‍රාපලෙයි කෝවිලේ පැවති වර්ෂික දේව මෙහෙයක් වෙනුවෙන් යාපනයේ සිට පෞද්ගලික බස්රථයකින් පැමිණ දේව මෙහෙය අවසන් වීමෙන් පසුව නැවත යාපනය බලා යමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇත.
බස්රථය පෙරලීමෙන් එහි ගමන්ගත් මගීන් හයදෙනෙකු තුවාල ලබා පුනරීන් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් කිලිනොච්චිය රෝහලට මාරු කොට යවා ඇති අතර පුනරීන් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd