
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි )
වත්තල හේකිත්ත පාරේ කාමර කුලියට ලබාදෙන නවාතැන්පොළක නාන කාමරයක් තුළ සිහි මුර්ජා වී වැටී සිටි කාන්තාවක් සිහිගන්වා පරික්ෂාකර ප්‍රශ්න කිරීමේදී විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු ඇයට ලබා දුන් ටි 56 වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ තොගයක් සහ අයිස්මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවූ බව වත්තල පොලිසිය කියයි.
එම ගිනි අවිය සන්තකයේ තබාගෙන සිටි ඇයගේ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයෙක්ද පොලිස් අඩංගුවට ගෙන ඇත.
එම සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයා සතුව තබා තිබී ටි 56 වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ 113 ක් මැගසින් 4 ක්, සොයාගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.
වත්තල හේකිත්ත පාරේ නවාතැන් පොලක් තුළ කාන්තාවක් ගෙල වැලලාගෙන සිටින බවට වත්තල පොලිසියට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් ගොස් පරීක්ෂා කිරීමේදී නවාතැන්පලේ කාමරයක නාන කාමරයක් තුළ සිහි මුර්ජාවී සිටි මෙම කාන්තාව හමු වූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමා වෙලා...!