(යොහාන් භාසුර)
ආණ්ඩුව ආනයනික සහල් කිලෝවකට රුපිල් 65 ක බද්දක් අයකිරීම නිසා සහල්වලට පනවා ඇති උපරිම මිල ඉවත්කරන තෙක් සහල් ගැටලුවට විසඳුමක් නොලැබෙන බව පිටකොටුව සහල් තොග ව්‍යාපාරිකයෝ අද පස්වරුවේ පැවසූහ.
සහල් ආනයනය කළ අවස්ථාවේදී බද්ද අඩුකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය ද එය ඉටුනොකළ බවත් උපරිම මිල ඉවත් කළ හොත් සහල් ව්‍යාපාරිකයන් තරගකාරී මිලකට සහල් අළෙවි කරනු ඇති බවත් සහල් ව්‍යාපාරිකයෝ කීහ.
ආණ්ඩුවට ජනතාවට සහනදීමට සැබෑ උවමනාවක් තිබුණේ නම් අවම වශයෙන් සහල් ආනයන බද්ද කිලෝවක් සඳහා රුපියල් 30 ක් දක්වා අඩු කිරීමේ අවස්ථාව තිබුණු බවත් එසේ වූයේ නම් සහල් මිල අඩු කිරීමේ අවස්ථාව ඇති බවත් ඔවුහූ සඳහන් කළහ.
තොග හෝ සිල්ලර ලෙස පාලන මිලට සහල් මිලදීගැනීමට රටතුළ කිසිම ස්ථානයක නොමැති බවත් පාලන මිලට වඩා වැඩි මිලට සහල් විකුණන වෙළෙදුන් සොයා පාරිභෝගික අධිකාරිය වැටලීම් කිරීම නිසා සහල් අළෙවි කළ නොහැකි තත්වයක් උද්ගතවී ඇති බවත් ව්‍යාපාරිකයෝ කියති.
ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 230 ක සහ පොන්නි සම්බා කිලෝවක් රුපියල් 240 ක තොග මිල පවතින බවත් ආණ්ඩුව බද්ද අඩු නොකිරීම හේතුවෙන් මෙසේ ඉන්දීය සහල් මිල ද ඉහළ ගිය බවත් ඔවුහු කියති.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සහල් උපරිම මිල ඉවත්කරන්න
ravin Tuesday, 28 January 2025 06:06 PM
අමතක කරන්න එපා, අමතක කරනේ නැහැ, කත මට දැඩිව දොඩන විදියට පාරිබෝගිකයා ගැන අනුකම්පාවක් තියනවානම් සාධාරණ මුදලට දේශීය හාල් වෙලඳපොළට නිකුත් කරන්න. එතකොට ආනයනික සහල් වෙලඳාම අඩුවෙලා තමන්ගේ බඩ වියත රැකගන්න පුළුවන් වෙවි. මාෆියාවට ප්‍රතිචාර මාෆියාවම තමයි.
Kamal Koyrala Tuesday, 28 January 2025 06:06 PM
සහල් මාෆියාව සහ කුමන්ත්‍රණ කරුවන් "ෂර්ලොක් " තියරිය දන්නේ, ජනතාවට හෙන ගැහුවත්
ලසා Tuesday, 28 January 2025 06:34 PM
ඉවත් කරන්න නෙමෙයි මහත්තයෝ ඔය මිල තවත් අඩු කරන්න ඕනෙ. ජනතාව විදියට ඔය කියන පාලන මිලත් අපිට දරාගන්න අමාරුයි!
sakra Wednesday, 29 January 2025 03:49 AM
අපරාදේ මගේ චන්දෙ මොකද මමත් හිතාගෙන හිටිය මාලිමවේ ඉන්නේ වැඩකාරයෝ කියල . බලාගෙන යනකොට ඔක්කොම වැඩ බැරි දාසලානේ ඉඳල තියෙන්නේ . වෙන ආණ්ඩුවක් කාලයේදී මෙහම් හාල් පොල් ප්‍රශ්නයක් ආවනම් මාලිමාවේ සෙට් එක පාරවල්වල වැලලෙන්න හදාවි . වෙළෙන්දෝ ලාබයක් නැතිව බඩු විකුනන්නේ නැහැ . වෙළෙන්දන්ට එලව එලව නඩු දානවනම් වෙළෙන්දෝ ඔක්කොම එකතුවෙලා තම තමන්ගේ කඩවල සහල් විකිණීම නතරකර ආණ්ඩුවට සහල් විකුනන්න ඉඩදුන්නා නම් ඉවරයිනේ .
Krishantha Wednesday, 29 January 2025 05:56 AM
මුන් ලංකාවේ වී අස්වැන්න මේ අවස්ථාවේ අඩු මිලට මිළදී ගැනීමට ගහන ප්ලෑන් එකක්. ආණ්ඩුව මේක හොඳටම දන්නවා. මෙතුවක් කාලයක් තිස්සේ කරපු දේවල් මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්න එපා