
(යොහාන් භාසුර)
ආණ්ඩුව ආනයනික සහල් කිලෝවකට රුපිල් 65 ක බද්දක් අයකිරීම නිසා සහල්වලට පනවා ඇති උපරිම මිල ඉවත්කරන තෙක් සහල් ගැටලුවට විසඳුමක් නොලැබෙන බව පිටකොටුව සහල් තොග ව්‍යාපාරිකයෝ අද පස්වරුවේ පැවසූහ.
සහල් ආනයනය කළ අවස්ථාවේදී බද්ද අඩුකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය ද එය ඉටුනොකළ බවත් උපරිම මිල ඉවත් කළ හොත් සහල් ව්‍යාපාරිකයන් තරගකාරී මිලකට සහල් අළෙවි කරනු ඇති බවත් සහල් ව්‍යාපාරිකයෝ කීහ.
ආණ්ඩුවට ජනතාවට සහනදීමට සැබෑ උවමනාවක් තිබුණේ නම් අවම වශයෙන් සහල් ආනයන බද්ද කිලෝවක් සඳහා රුපියල් 30 ක් දක්වා අඩු කිරීමේ අවස්ථාව තිබුණු බවත් එසේ වූයේ නම් සහල් මිල අඩු කිරීමේ අවස්ථාව ඇති බවත් ඔවුහූ සඳහන් කළහ.
තොග හෝ සිල්ලර ලෙස පාලන මිලට සහල් මිලදීගැනීමට රටතුළ කිසිම ස්ථානයක නොමැති බවත් පාලන මිලට වඩා වැඩි මිලට සහල් විකුණන වෙළෙදුන් සොයා පාරිභෝගික අධිකාරිය වැටලීම් කිරීම නිසා සහල් අළෙවි කළ නොහැකි තත්වයක් උද්ගතවී ඇති බවත් ව්‍යාපාරිකයෝ කියති.
ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 230 ක සහ පොන්නි සම්බා කිලෝවක් රුපියල් 240 ක තොග මිල පවතින බවත් ආණ්ඩුව බද්ද අඩු නොකිරීම හේතුවෙන් මෙසේ ඉන්දීය සහල් මිල ද ඉහළ ගිය බවත් ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමතක කරන්න එපා, අමතක කරනේ නැහැ, කත මට දැඩිව දොඩන විදියට පාරිබෝගිකයා ගැන අනුකම්පාවක් තියනවානම් සාධාරණ මුදලට දේශීය හාල් වෙලඳපොළට නිකුත් කරන්න. එතකොට ආනයනික සහල් වෙලඳාම අඩුවෙලා තමන්ගේ බඩ වියත රැකගන්න පුළුවන් වෙවි. මාෆියාවට ප්‍රතිචාර මාෆියාවම තමයි.
සහල් මාෆියාව සහ කුමන්ත්‍රණ කරුවන් "ෂර්ලොක් " තියරිය දන්නේ, ජනතාවට හෙන ගැහුවත්
ඉවත් කරන්න නෙමෙයි මහත්තයෝ ඔය මිල තවත් අඩු කරන්න ඕනෙ. ජනතාව විදියට ඔය කියන පාලන මිලත් අපිට දරාගන්න අමාරුයි!
අපරාදේ මගේ චන්දෙ මොකද මමත් හිතාගෙන හිටිය මාලිමවේ ඉන්නේ වැඩකාරයෝ කියල . බලාගෙන යනකොට ඔක්කොම වැඩ බැරි දාසලානේ ඉඳල තියෙන්නේ . වෙන ආණ්ඩුවක් කාලයේදී මෙහම් හාල් පොල් ප්‍රශ්නයක් ආවනම් මාලිමාවේ සෙට් එක පාරවල්වල වැලලෙන්න හදාවි . වෙළෙන්දෝ ලාබයක් නැතිව බඩු විකුනන්නේ නැහැ . වෙළෙන්දන්ට එලව එලව නඩු දානවනම් වෙළෙන්දෝ ඔක්කොම එකතුවෙලා තම තමන්ගේ කඩවල සහල් විකිණීම නතරකර ආණ්ඩුවට සහල් විකුනන්න ඉඩදුන්නා නම් ඉවරයිනේ .
මුන් ලංකාවේ වී අස්වැන්න මේ අවස්ථාවේ අඩු මිලට මිළදී ගැනීමට ගහන ප්ලෑන් එකක්. ආණ්ඩුව මේක හොඳටම දන්නවා. මෙතුවක් කාලයක් තිස්සේ කරපු දේවල් මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්න එපා