
(එම්.කේ.නන්දසේන)
කතරගම, තිස්සමහාරාම ඇතුළු අවට ප්‍රදේශයන්හි කුඹුරු අස්වැන්න නෙලීම ආරම්භ කළ ද සහල් මිල දිනෙන් දින සීග්‍රයෙන් ඉහළ යන බව ප්‍රදේශවාසීහු පවසති.
ජනතාව වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගන්නා රතු කැකුළු සහල් කිලෝවක් 210 ක් පමණද සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 220 ක් පමණ මිලකට ද අලෙවිවන බව කියති.
පොල් ගෙඩියක්ද රුපියල් 120 ත් 130 ත් අතර මිලක පවතින අතර අනෙකුත් කුළුබඩු වර්ග, එළවළු වර්ගද ඉහළ මට්ටමක පවතින බවත් ළමයින් සමග සාමාජිකයින් පහක්, හයක් පසුවන පවුලකට දිනකට සහල් කිලෝ දෙකක්වත් අඩු තරමින් අවශ්‍ය වන බවත් කිසිඳු ආදායමක් නැති දරු පවුල් ජීවත්වන්නේ කෙසේද යන්න මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට මේ පිළිබඳව නොපෙනීම කනගාටුවට කරුණක් බවත් ප්‍රදේශවාසී වූ පෙන්වා දෙති.
කුඹුරු අස්වැන්න නෙලන කාලය තුල දී පෙර කන්නයන්හි දී සහල් මිල යම් තරමකට අඩුවන නමුත් මෙවර ඉහල නැග ඇත්තේ කිසියම් කුමන්ත්‍රණයක් ද යන්න සොයා බැලීමට මැදිහත් වන ලෙස වගකිවයුත්තන්ගෙන් ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.
COMMENTS
පුළුවන් ශ්‍රී ලංකා.. බඩුම තමයි...
වරදවා තේරුම් ගන්න එපා මෙහෙම කිව්වාට. මහ මෝල් හිමියන්ට දොස් කිව්වාට පමණක් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. සමහර මෝල් හිමියන් සතුව ඉතා දියුණු තාක්ෂණයක් තියෙනවා. ඔවුන් සකසන සහල් සහ පිසූ පසුව බත නියමිත ප්‍රමිතියෙන් තියෙනවා. හැබැයි මිල වැඩියි. සමහර කුඩා මෝල් හිමියන්ගේ හාල් වල ගල් වැලි තියෙනවා. පිසූ බත ඇලෙනවා ඉක්මනින් නරක් වෙනවා. හේතුව දියුණු රටවල නිපද වූ යන්ත්‍ර සුත්‍ර සහ තාක්ෂණය ලබා ගැනීමට වත්කමක් නොතිබීම. ඒ නිසා මම හිතන්නේ සහල් මිලදී ගැනීම වගේම සහල් කර්මාන්තයේ නියමිත උසස් නූතන තාක්ෂණය කුඩා මෝල් හිමියන්ටත් ලබා දීම ඉදිරියේදී කවර රජයක් හෝ මිදිහත් වී කටයුතු කළ යුතුව තියෙනවා.
වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්න හදන කොටම පුද්ගලික මෝල් හිමියන් වී මිලදීගෙන අවසන්..., දැන් ඔවුන් මිලදී ගත් වී වලින් ගත් සහල් වැඩිමිලට විකුණනවා...
ඔය වී අලෙවි මණ්ඩලේ ඉහල පුටුවල සේවය කරන්නේ ඩඩ්ලිගේ , සිරිපාල ගම්ලත්ගේ සහ මිත්‍රපාල ලන්කෙශ්වරගේ මිනිස්සු උන් වැඩකරන්නේ සහල් මාෆියා කාරයෝ 3 දෙනාට අවශ්‍ය විදිහට මිසක් ආණ්ඩුවට ඕනේ විදිහට නොවේ , දැන් කළහැකි එකම දෙය රටින් සහල් ගේනවා සහල් මිල අඩුකර , ඔය වෙන් කර ඇති අරමුදල් වලින් ලබන කන්නේ සහල් මිලදී ගැනීමට කටයුතු කරන එක .