
(සුජිත් හේවාජුලිගේ)
ආහාර මිල වැඩි කිරීමෙන් පසු පාර්ලිමේන්තු සේවකයන් පාර්ලිමේන්තුවෙන් ආහාර ගැනීම තවදුරටත් අඩු කර ඇතැයි වාර්තාවේ
පාර්ලිමේන්තු ප්‍රධාන ගොඩනැගිල්ලට ආහාර ද්‍රව්‍ය ගෙන ඒම ආරක්ෂක හේතු මත තහනම් හෙයින් බොහෝ පිරිස් කෑම ගෙදරින් ගෙනවිත් මහජන භෝජනාගාරයේ තබා දහවල් එහි සිට ආහාර ගන්නා බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සේවකයන්ගේ කෑම බිල රුපියල් 1000 සිට 2000 දක්වාද විධායක නිලධාරීන්ගේ කෑම බිල රුපියල් 1500සිට 3000 දක්වාද පසුගියදා වැඩි කෙරිණි.ඒ පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේදී ගත් තීරණයක් අනුවය.
කෑම බිල වැඩි කිරීමෙන් පසු සේවකයෝ පිරිසක් පාර්ලිමේන්තුවෙන් කෑම නොගන්නා බවට පසුගියදා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දුන්හ. තමන්ටද පොලිසිය නිලධාරීන්ට දෙන මිලට කෑම දෙන ලෙස සමහරු ඉල්ලීම් කළහ. මේ සම්බන්ධයෙන් භෝජනාගාර අංශයේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පාර්ලිමේන්තු සේවකයන්ගේ කෑම බිල මෙසේ වැඩි කළද ආහාර වලට යන වියදම ඉන් සම්පූර්ණයෙන්ම ආවරණය නොවන බවයි.
මන්ත්‍රීවරුන්ට සහ සේවකයන්ට මෙතෙක් සැපයූ ආහාර වර්ග ආහාර වලට යන අධික වියදම හේතුවෙන් එම ආහාර සැලකිය යුතු ලෙස සීමා කර ඇතැයිද ඔහු සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෛනික කෑම බිලද රුපියල් දෙදහසක් දක්වා මෑතකදී වැඩි කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා වෙන්න ඇති රටේ තියන මහා විසාල ප්‍රස්න. උද්ධමනය වැඩි වෙලාත් මේ කාලකන්ණින්ට දවසට රුපියල් 100ක කෑම බිලක් ගෙවාගන්න බැහැ කියල නාහෙන් අඬනවා. ඕකුන් අපේ ඔපීසියක කැන්ටීන් එකට ගෙනත් ආ කාපිය කියල පෙන්වන්න තියෙන්නේ
මාසයකට රු. 2000ක් විතරයි, ඇයි එයාලට ඒක ගෙවන්න බැරි ඇයි රු. 10000-12000 ට වඩා වැඩි වෙන්න ඕන. ඒක සාධාරණයි.
ඇයි මේ අයට විශේෂයක් කියලා මට තේරෙන්නේ නෑ. අඩු මිලට කෑම ගන්නට ඇති හැකියාව නිසා, ඔවුන්ගේ ආදායම සාපේක්ෂව අඩුද? එහෙම නම්, අගතිකත්වයක් වෙලා. එහෙම නැත්නම්, සාමාන්‍ය රජයේ සේවකයෙකු වගේම සැලකිය යුතුය.
අඩුවට කැම දෙන්න , පවතින මිල ගනන් වලට දෙන්න, එහෙම නැත්නම් ගෙදරින් ගෙනල්ල කන්න කියන්න.ඒ තමයි ජනතාවගෙ ඉල්ලිම, නැවත අඩු කරන්න එපා
හිටපු රජයේ සේවකයෙකු ලෙස සහ දැන් පෞද්ගලික අංශයේ සේවය කරන මට මතකයි, රජයේ සේවයේ නියුතු අය දුප්පත් බදු ගෙවන්නන්ගේ මුදල් සහ සුඛෝපභෝගීත්වය භුක්ති විඳින ආකාරය. දේශපාලනඥයින් එය ඔවුන්ගේ මුදල් නොවන නිසා ඔවුන් එය ගණන් ගන්නේ නැහැ. කාර්ය සාධන තක්සේරුවක් නැත, නැතහොත් ඇත්ත වශයෙන්ම KPI කිසිසේත් නැත. නොමිලේ ප්‍රවාහනය, දින 45 නිවාඩු, පාහේ නොමිලේ ආහාර, දීමනා, බැංකු ණය සහ ශිෂ්‍යත්ව සහ උසස් අධ්‍යාපනය සඳහා නොමිලේ සහනාධාර, ඔබට තවත් අවශ්‍ය කුමක්ද?. ඔවුන්ට ආහාර සඳහා රු. 1000 ක් දරාගත නොහැක, නැවතත් සහනාධාර මිල? අනුර රජය කූඩැල්ලන්, දේශපාලනඥයින් සහ මෙගා කැබිනට් සහ පළාත් සභා නඩත්තු කරයි. ශ්‍රී ලංකාව මෙයින් මිදෙයිද, නැත.
ඔතන ඉන්න බැරිනං අස්වෙලා හරි වෙන ආයතනයකට මාරුවක් ගන්න. දීල තියෙන සැප හොඳටම වැඩියි වගේ.
පහුගිය කාලේ බඩ පැලෙන්ඩ කාලා, ඒ මදිවට ගෙවල් වලටත් අරන් ගියා. එසේ මෙසේ කැමත් නෙවෙයි කෑවේ..ඉස්තරම් කෑම.දැන් එහෙම නැති එකත් අවුල් ඇති.
ඕක වහලාම දාන්න ඕනෑ ගෙදරින් ගෙන්නලා කාපල්ලා
කිසිම ප්‍රශ්නයක් නැහැ. මොවුන්ගේ රු50 ක් බත් මුලට අයකරගන සෝයා මීට්. මුන් ඇට. හාල් මැස්සො. පලා වර්ගයක්. සමග ජාති තුනකින් කෑම ව්ස්ට්ටොරුව හදලා පෙන්වන්න කැමති අඩු මුදලට නේ. තේ හැන්දකින්. මාලු පිනි බෙදුවම හරි. පිට කඩවල. ජනතාව කන්නෙ මෙවැනි කෑම එකක් ර් 300 ක් මොවුන්ට රු. 50. මස්. මාලු නැත. මේ ඇනවුම. විශ්වාස කෙනකුට. ටෙන්ඩරය දෙන්න. පාර්ලීමේන්තුවේ සේවකයින්ට.
අවුරුදු ගාණක් අපේ සල්ලි වලින් පිණට කාලා දැන් දිරවගන්න බැරිව ඉන්නවා... දැන් තේරෙන්න ඇති එළියෙ මහ ජනතාව ජීවත්වෙන්න දගලන දගලිල් ල... හොඳ වැඩේ වැඩි කරපු එක... (ඒකත් මදි, පාඩුව පියවන්න).