
(විමුක්ති එස් රුද්‍රිගු)
යුක්රේනයේ පෙරේදා(24) යෙදී තිබූ 34 වැනි නිදහස් දින සැමරුමට සුබ පැතුම් එක් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ස්තුතිවන්ත වන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සමග තිබෙන මිත්‍රශීලී සබඳතාවය සහ සහයෝගීත්වය යුක්රේනය අගය කරන බව ජනාධිපති සෙලෙන්ස්කි පැවැසුවේය.
අන්‍යෝන්‍ය ගෞරවය සහ සාමය හා සමෘද්ධිය සඳහා වූ හවුල් කැපවීම මත එම සබඳතා ගොඩනැගී තිබෙන බවද යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඉඩක් තිබෙන බවත් ඉන් දෙරටටම වාසි අත්වනු ඇතැයි විශ්වාස කරන බවත් ජනපති සෙලෙන්ස්කි පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනොන්‍ය සබදතා වර්ධනය කර ගන්න කලියෙන් රට ආරක්ෂා කර ගන්න ක්‍රමයක් හොයා බලන්න, නැත්නම් පුටින් ඕක සුන්බුන් ගොඩක් කරලා නවතියි.
දෙන්නම තමන්ගේ රටවල් කබලෙන් ලිපට ඇදල දාපු ජෝකර්ලා.