(ඩී.ජී.සුගතපාල)
ගාල්ල මකුලුවේ තෙමහල් නිවසක වහලය මතට නැගී සරුගල් අරිමින් සිටි තිදෙනකු වහලයේ තහඩුවක් කඩාගෙන බිමට වැටිමෙන් අද සවස මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ46 හැවිරිදි නිවෙස් හිමියා ඔහුගේ 6 හැවිරිදි පුතා සහ 44 හැවිරිදි අසල්වැසියෙකි.
මෙම තිදෙනා තෙමහල් නිවසේ වහලයේ ඇස්බැස්ටෝස් තහඩුවක් මතට නැගි සරුගංල් අරිමින් සිටියදි එක් වරම තහඩුව කඩාගෙන විවෘතව තිබු ස්ථානයකින් කෙළින්ම බිමට වැටි ඇති බවත් ඔවුන් රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බවද පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් කුඩා දැරියක් දිවි බේරාගෙන ඇති අතර ඇය සිද්ධිය සියැසින් දැක ඇති බවත් පොලිසිය පවසයි.
COMMENTS
අනවශ්‍ය දෙයක් කරලා තියෙන්නේ...
බූරුවන් කියන්නේ මේ අයට තමයි
මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න රටක් මේ තත්වෙන්වත් දුවන එක ගැන සතුටු වෙන්න ඕනි.
මොනවා උනත් හරිම කනගාටුදායක පුවතක්,ඔබලා සියලු දෙනාටම නිදුක් නිරෝගී නිවන් සුව ප්‍රාර්ථනා කරනවා!!!!!
මේ දින වල නිරන්තර වැසි ඇතිවන නිසා, වහල සෙවිලි ද්‍රව්‍යයන් ජලයෙන් පෙඟී (තෙත් වී) ශක්තිමත් බව අඩු වීම, ලීස්සා යාමට ඇති හැකියාව වැඩි වීම දක්නට පුුළුවන්. එබැවින් අලුත් වැඩියාවකට උව ද වලයට නැගීම ඉතා පරිස්සමෙන් කළ යුුතුය.