
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ 2000වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවී ඇති නිලධාරීන් දහතුන් දෙනෙකුගෙන් බැඳුම්කර කඩවීම හේතුවෙන් අය කරගැනීමට තිබූ රුපියල් නව කෝටි විසි දෙලක්ෂයකට වැඩි මුදලක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
පසුගිය වසරේ අප්‍රේල් මාසය වන තුරුම මෙම මුදල අය කරගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ක්‍රියාත්මක වීම ඉබි ගමනේ යාමේ ප්‍රතිඵලය.... නඩු දාලා තීන්දුව එනකොට විත්තිකරුවන් එලොව ගිහිල්ලා...
සියලු මූල්‍ය කටයුතු රජයේ ආයතනවලින් ඉවත් කොට මුදල් අමාත්‍යාංශය පුළුල් කොට එමගින් පමණක් නිෂ්කාශන කටයුතු කළ යුතුයි. අදාළ ආයතන වලට ප්‍රසම්පාදනය සඳහාද ජාතික ප්‍රසම්පාදන හා සැපයීම් ආයතනයක් බිහිකොට එමගින් සැපයීම් කළ යුතු වේ.