IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සූර්ය බලශක්තිය මත පදනම්ව සහයෝගීතාව ඉහළ නංවනවා

(යොහාන් භාසුර)

සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කලාපීය සහයෝගීතාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව කැප වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානයේ ආසියා සහ පැසිෆික් කලාපීය කමිටුවේ හත්වන සමුළුවේ  දෙවන දිනය වන කොළඹ රත්නදීප හෝටලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන්  අද (16)  ආරම්භ කෙරිණ.

”විවිධත්වයෙන් හා අවස්ථාවන්ගෙන් පිරි කලාපයක් හරහා සූර්ය බලශක්ති සහයෝගීතාව ඉදිරියට ගෙන යාම” යන තේමාව යටතේ පැවති මෙම සැසිවාරයේ සම සභාපතිත්වය ශ්‍රි ලංකාව දැරීය.

ශ්‍රී ලංකාව සහ අයි.එස්.ඒ. කලාපීය කමිටුව අතර දේශීය හවුල්කාරිත්වය සනිටුහන් කරමින්, නිල මාර්ග සිතියම් රාමුවට අත්සන් තැබුණූ අතර, එය බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා වෙත  පිළිගැන්වීම ද මෙහි දී සිදුවිය.

සූර්ය බල තාක්ෂණය හරහා කලාපීය දියුණුව සහ විවිධ සමාජ-ආර්ථික කටයුතු සඳහා සූර්ය බලය භාවිත කිරීමට ප්‍රායෝගික විසඳුම් ඇතුළත් විශේෂ සූර්ය බල නවෝත්පාදන ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ද අග්‍රාමාත්‍යවරිය එක්වූවාය.

අග්‍රාමාත්‍ය එහිදී වැඩි දුරටත් මෙසේ ද පැවසුවාය.

“කලාපීය සූර්ය බලශක්ති සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, තිරසාර සංවර්ධනය තුළින් බලශක්ති සුරක්ෂිතභාවය අත්කර ගැනීමටත් ශ්‍රී ලංකාව කැපවී සිටිනවා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා, අයි.එස්.ඒ. අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ආසියා - පැසිෆික් කලාපයේ නියෝජිතයන් ද, රටවල් 124ක සාමාජිකයන් ද මෙම අවස්ථාවට සහභාගී වුහ.



අදහස් (7)

සූර්ය බලශක්තිය මත පදනම්ව සහයෝගීතාව ඉහළ නංවනවා

Wanniarachchi Wednesday, 16 July 2025 03:35 PM

සෝලාර් වලට ගෙවන ගාන අඩුකරන්න ප්‍රතිපත්ති තීරණ අරගෙන, සෝලාර් හබක් කරලා දැන් බයිලා ගහන්න එපා...

:       4       19

Sanath KandyThursday, 17 July 2025 11:55 AM

බැටරිය සහිත සෝලා විදුලි ජනනයට ගෙවන ගාස්‍තු වැඩි කර ඇත​.

:       1       0

පන්සිළු Wednesday, 16 July 2025 04:15 PM

සෝලා පැනල් වලටත් ලෝකෙ නැති බදු ගහ ගහා, විදිලි බලමණ්ලයේ මගඩි වලටත් ජනතාව යටත් කරලා ලෝකෙට හූ මිටි තියලා වැඩක් නෑ. මිනිසුන්ට දරන්න පුලුවන් විදිහට මේ පද්ධති දෙන්න සැලැස්සුවා නම් රටම සූර්ය බලය ගන්නවා.

:       3       14

Sanath KandyThursday, 17 July 2025 11:56 AM

බැටරිය සහිත සෝලා විදුලි ජනනයට ගෙවන ගාස්‍තු වැඩි කර ඇත​.

:       1       0

Nelu Wednesday, 16 July 2025 04:51 PM

අපේ අගමැතිනි නෝනා එක්කෝ මාලිමා රජයේ නෙවෙයි, නැත්නම් ලංකාවේ නෙවෙයි, එහෙමත් නැතිනම් මේ ලෝකෙත් නෙවෙයි ඉන්නේ. එයාගේ ආණ්ඩුවෙන් අපිට කියනවා ගෙවල්වල දැනට තියන සූර්ය පැනල් පවා පාවිච්චි කරන්න එපා කියලා. අර කියන්න වගේ ගෙවන ගානත් අඩු කරනවා එයාලගේ CEB එකේ අයට වැඩ බැරි නිසා. මෙයා දැන් කියනවා එයා සූර්ය තාපයෙන් වැඩගන්න හැටි. මේ නම් අපේ ලංකාවේ අගමැතිනි වෙන්න බෑ. නැත්නම් ඉතින් ටොම් පචයගේ නංගි කෙනෙක් වෙන්න ඕනෑ...

:       2       16

Perakum LiyanagamaThursday, 17 July 2025 05:50 AM

නංගි නෙවෙයි අක්කා.

:       0       0

Rasika Thursday, 17 July 2025 12:46 AM

කටට එන එන දේ තැන තැන කියන එක නෙවෙයි අගමැතිකම කියන්නේ. ජූලි ඡන්ද බලෙන් තැනකට ආවට වැඩ පුලුවන් වෙන්නෙ නැහැ. නිකං නැටවෙන රෑකඩයක්. ජූලි ගියාම මෙයාට වෙන දේ බලමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17877 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10691 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 152 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 47 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site