
(සුජිත් හේවාජුලිගේ)
සමහරු වංචාවෙන් දූෂණයෙන් හොයපු ගණන කොච්චරද කියනවනම් සමහර ඒවා තමාට සම්මත ක්‍රමයට කියවීම පවා දුෂ්කර බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය.
කුණු ගෙනියන ට්‍රැක්ටරයේ සිට අල්ලස් ගන්නා ක්‍රමවේදයක් රටේ නිර්මාණය වී පවතින බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෝක ගුරු දිනයට සමහර ගුරුවරියන් සාරි හතළිහක් විතර ගෙදරට ගෙනියන බවද සඳහන් කළේය.
ඇතැම් දරුවන් ගුරුවරියට සාරියක් ගෙනියන්න නොදුන්නොත් එදින පාසලට පවා නොයන බව ඔහු කීවේය.
ජනතාව හොරු අල්ලන්න කිව්වත් බලාපොරොත්තු වන්නේ ඔවුන් කියන හොරු ඇල්ලීම පමණක් බවත් රටේ සුදු කරපටි වංචනිකයන් ඉදිරියෙන් සිටින හෙයින් ඔවුන් අත්අඩංගුවට ගැනීම අද ලොකු අභියෝගයක් බවත් හෙතෙම සඳහන් කළේය.
රංග දිසානායක මහතා මෙසේ පැවසුවේ ඊයේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පන්ට ගොට්ට අල්ලලා තනතුරු ගත්තාම, ඔහොම තමයි ගොයියෝ ! තනතුරේ තියා, 8 වසර ගණිතය ඉගෙන ගත්ත සුදුසුකමක්වත් මේ ගොයියාට නැහැ වගේ! එකම සුදුසුකම තඹුත්තේගම ලපයා පච විදින කොට, එහෙයි එහෙයි කියපු එක විතරයි !
රටකාපු හැතිකරේට කඩේයන, මෙතන අම්මා-මෝ නැතිව වැළලෙන, තක්කඩි ඩෝබිලා සෙට් එකත් අල්ලලා හිරේට දාන්න පුළුවන්නම්, ඉදිරියේදී මේ රටට හොඳ කලක් උදාවේවි..!
ඉතින් මොකද මහත්තයෝ, මිනිස්සුන්ට බලය ලැබිලා තියෙන්නේ ඒකනේ... හොරු අල්ලන්න. කෙඳිරි ගාන්න එපා.
මේ කතාව 100%ක් ඇත්ත. හොරු අල්ලන්න කියලා කෑ ගහන අයගෙන් 95% විතරම තමනුත් විවිධ මට්ටමේ හොරු. ගන්න පඩියට හරියන්න වැඩ නොකරන, ආයතනයේ තියන හාෆ් ෂීට් ගෙදර ගෙනියන ඒවත් හොරකම සහ රාජ්‍ය සම්පත් අපයෝජනය තමයි. ඔය පොඩි හොරු තමයි තමන්ට ලැබෙන බලය සහ අවස්ථාව අනුව ලොකු හොරු වෙන්නේ...
ඔයාට ඉලක්කම් කියවා ගන්න අමාරු වුණාට, කෝටි ප්‍රකෝටි ගණන් පිල්ලි ගහපු අය ඒවා ගණන් කරලා නොවෙයි එකතු කරේ. ඔවුන්ට ඕනෑ ඉලක්කම් නොවෙයි... ඒවායේ වටිනාකම පමණයි. ගුරුවරියන්ගේ සාරි අල්ලස ගැන පුදුම වුණා. අසරණ දරුවන්ගෙන් බලෙන් ගත් ඔය සාරි ලැජ්ජා නැතුව ඇදගෙන පහුවදා එම දරුවන්ටම ඉගැන්වීමට යාමට තරම් මානසික තත්ත්වයකට ඇද වැටීමට, පුළුවන් මොවුන්ට ගුරුකමේ අගය, වටිනාකම නොතේරෙන මී හරක් කීවොත් නිවැරැදියි... (මී හරකුනි සමාවන්න!)
ගුණරත්න, යෝගා, හැකි නම් මේ කියන මසුරන් වටිනා කතාවලටත් මොනවා හරි කියලා අර තොගයට ලයික් ඩිස්ලයික් දාන බලකාය ලවා ලයික් කරවා ගන්න...
මොවුන් එක්ක එකට කාපු සහ විසිවෙන ඉඳුල් කාපු අය මේවා බොරුයි කියාවි...!
ජපානයේ තිබෙනවා කියන විදියට අල්ලසට, දූෂණයට එරෙහිව පාසල් විෂයක් අරඹා එය වහාම ක්‍රියාත්මක කරන්න...
කතාව නම් ටිකක් ඕවර් යනවා වගේ. නිර්පාක්‍ෂිකව, කාර්යක්ෂමව වැඩ කරලා පෙන්නන්නකෝ...
ඔබ කියන දේවල් ගැන විශ්වාසයෙන් කියන්න මොකද මගේ wife ගුරුවරියක් කවදාවත් ඔය කියන විදියට එක සාරියක් වත් ගේනවා මම නම් දැකල නැහැ. ඇය ඇගේ මුදලින් පාසලින් එකේ තරග වලට ගිහින් ඒ ළමයින්ට කෑම බීම පවා අරන් දෙනවා. ගමන් වියදම් දෙනවා. පක්ෂ බේදයක් නැහැ... දෙයක් කියාදී දේශපාලුවන්ගේ ගාණට අනිත් අය දාන්න එපා...
ඔව්.. කතාව හරියටම හරි. මේ ක්‍රමය කනපිට හරවන්න තමයි බහුතරයක් දෙනා වත්මන් ආණ්ඩුවට බලය දුන්නේ... දැන් ඉතින් එක තැනකින් පටන් අරගෙන සුද්ද කරගෙන යන්න තියෙන්නේ තරාතිරම නොබලා. පක්ෂග්‍රාහී නොවන ජනතාවගේ ආශීර්වාදය ඔබලා සමඟයි.
හොරු අල්ලන්නේ පරණ වෙන්නට ඉඩ හැරීමෙන් පසුවය. කවුරුත් ලස්සනට කතා කරති. දැන් පරණ හොරු කොටු කරන වගක් පෙන්වයි. ඒවායේ ඇත්ත නැත්ත අපි නොදනිමු. දැන් පාලනයේ ඉන්න හොර අහු වෙන්නේ වෙන ආණ්ඩුවකදීය. හොරු පරණ කර ඇල්ලීමේ අමුතු වැඩසටහනක් අපේ රටේ වචනයෙන් සිදුවේ.
ගෝඨා ජනාධිපතිතුමා වෙලා අඩු සුදුසුකම් සහිත කාකාස කෙනෙකු මට හමුවුනා මම ඇහුවා දැන් පඩිය කීයක් විතර ලැබෙනවද කියලා එයා කියනවා අඩුකිරීම් වලින් පස්සෙ 55000/=ක් විතර ලැබෙනවා කියලා... හොඳම කතාව තමයි කාර්‍යාලයේ නිලධාරි හා සේවකයින් අතරෙන් තුනෙන් එකක් විතර ඔවුන්ගේ කණ්ඩායම ඉන්න නිසා කරන්නත් වැඩකුත් නැති එකේ නිකම්ම ඉන්න අපිට එපමණ ලැබුණාම හොඳටම ඇති කිව්වා. මේ තත්වය මත බැලුවාම පුහුණු ගුරුවරයෙක් නැහිලා නැහිලා වැටුපෙනුත් වියදම් කරගෙන වැටුප් වර්ධකය සඳහා ව්‍යාපෘති කළාම ලැබෙන්නේ හැටදාහක් හැටපන්දාහක් වගේ මුදලක් තමයි. කොහොම වුණත් කාර්‍යාලවල නිකරුණේ වැටුප් ගෙවන කාකාස නිසා විශාල නාස්තියක් හා දූෂණයක් වෙන්න පුළුවන් කියලා හිතෙනවා...
කරුණාකර 5 වසර ගණිතය පන්තියට ගිහින් බලන්න...
සාරි කතාව නම් ඕනෑවට වැඩියි. අපේ ළමයින්ගේ ටීචර්ලා දුන්නත් එපා කියනවා...